විදේශීය ඔත්තු සේවා මැදිහත්වීම් වලට ඔස්ට්‍රේලියාව දෛනිකව මුහුණ දීමේ අවදානමක් උද්ගතව ඇති බව ඔස්ට්‍රේලියානු බුද්ධි අංශයේ ප්‍රධානී Duncan Lewis පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාව මීට පෙර අත්නොදුටු අත්දැකීමක් ලෙස මෙය හැඳින්විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන
ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන අතරින් ත්‍රස්තවාදය ප්‍රමුඛ ස්ථානයක් ගන්නා බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.
ඔස්ට්‍රේලියාව කෙරෙහි ත්‍රස්තවාදී තර්ජනය යම් නිශ්චල මට්ටමක පැවතුණද එය අනුමත කළ නොහැකි ඉහළ මට්ටමක පවතින බවත් එය පහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු කළ යුතු බවත් ඔහු පැහැදිලි කළේය.
මේ අතර විදෙස් ඔත්තුකරුවන්ගෙන් ඔස්ට්‍රේලියාවට සිදු කෙරෙන බලපෑම අඩු වන සෙයක් පෙනෙන්නට නොමැති බවද ඔහු පැවසීය.
ඔස්ට්‍රේලියාවේ කටයුතු වලට විදේශීය මැදිහත් වීම යටතේ සයිබර් ප්‍රහාර, රහස් ඔත්තු සේවා ක්‍රියාත්මක කිරීම මෙන්ම ඔස්ට්‍රේලියානු දේශපාලන පද්ධතියට සිදුවන නොයෙක් අත පෙවීම් ප්‍රබල උදාහරණ ලෙස දැක්විය හැකි බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.
ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ පෙර නොවූ විරූ අයුරින් මෙම විදේශීය මැදිහත්වීම් සිදුවෙමින් පවතින බවත් මේ තත්ත්වය බොහෝ පුද්ගලයින්ට නොපෙනෙන බවත් ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.

නවීන තාක්ෂණය හමුවේ තර්ජන වෙනස් වන අයුරු
නවීන තාක්ෂණය හමුවේ රටවල ආරක්ෂාව සම්බන්ධව ඇතිවිය හැකි තර්ජන වෙනස් වන බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.
එනිසා සෑම දිනකම කුමක් හෝ අලුතින් සොයාගන්නා බවත් ඇතැම් ඒවා අනෙක් ඒවාට වඩා ඉහළ තර්ජනයක් ඇති කිරීමට සමත් වන බවත් ඔහු පැහැදිලි කළේය.
ගෝලීයකරණය හමුවේ විශාල පරාසයක ප්‍රතිලාභ ලොව රටවලට අත්වී ඇති නමුත් අනෙක් පසින් ගෝලීයකරණය නිසා ඇති දැවැන්ත ආරක්ෂක තර්ජන සඳහා රටවලට මුහුණ දීමට සිදුව ඇති බව ද Duncan Lewis පෙන්වා දුන්නේය.
තාක්ෂණික ක්ෂේත්‍රයේ නව සොයාගැනීම් අපරාධ ක්ෂේත්‍රයට විශාල පිටිවහලක් සැපයීමෙන් අපරාධ වැඩි වීමට මාර්ගය සකස් වී ඇති නමුත් ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානය අපරාධ සම්බන්ධව නොව ඔස්ට්‍රේලියාවේ ජාතික ආරක්ෂාව සම්බන්ධව මූලිකව අවධානය යොමු කරන බවද ඔහු පැවසුවේය.

The Five Eyes intelligence alliance
නවීන තාක්ෂණය හමුවේ ඔස්ට්‍රේලියාවට ඇති තර්ජන පෙරාතුව හඳුනාගැනීමට සහ ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වීමට ඔස්ට්‍රේලියානු බුද්ධි අංශ වලට ඇති ප්‍රමුඛතම ශක්තියක් ලෙස The Five Eyes intelligence alliance හැඳින්විය හැකි බව ඔස්ට්‍රේලියානු ආරක්ෂක සහ බුද්ධි සංවිධානයේ (ASIO) අධ්‍යක්ෂ ජනරාල් Duncan Lewis පැවසුවේය.
මෙම සන්ධානය පිහිටුවීම දෙවැනි ලෝක යුද සමය දක්වා දිව යන අතර ඔස්ට්‍රේලියාව ඇතුළු, නවසීලන්තය, කැනඩාව, එක්සත් රාජධානිය සහ ඇමෙරිකාව යන රටවල් මෙම Five Eyes බුද්ධි සන්ධානයට අයත් වේ.
මෙම රටවල් 5 ට මෙන්ම ලෝකය හමුවේ ඇති ආරක්ෂක තර්ජන පිළිබඳ බුද්ධි තොරතුරු හුවමාරු කරගැනීම මෙන්ම දැනුම බෙදා ගැනීම මෙම සන්ධානයේ මූලික ක්‍රියාවලිය වෙයි.


