ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ ජූලි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ පළමු ආරාධනා පත්‍ර වටය ලෙසද මෙය වාර්තා වේ.

ජූලි 11 ආරාධනා පත්‍ර වටය
2019 ජූලි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 1100 ක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන නමුත් මෙවර එම ප්‍රමාණය 1100 දක්වා පහත බැස තිබේ.
කෙසේවෙතත් පසුගිය මාස 6 තුළ මසකදී නිකුත් කෙරෙන ආරාධනා පත්‍ර සංඛ්‍යාව 250 ත් 100 ත් අතර ඉතාමත් අඩු සංඛ්‍යාවකට කප්පාදු කෙරුණු අතර මෙවර එය 1100 දක්වා ඉහළ නැගීම එක්තරා අන්දමකින් සුබදායී තත්ත්වයක් පෙන්නුම් කිරීමකි.
2018-19 මුල්‍ය වර්ෂයේ සිට සෑම මසකම 11 වන දින ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි 189 වීසා වලට අදාළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව 2017 වසරේ ජුනි මාසයේදී පවසා තිබුණි.
පසුගිය මාස හයක කාලය තුළ ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත EOI ලකුණු 85ත් 95 ත් අතර විශාල ලෙස ඉහළ මට්ටමක පැවතුනු අතර මෙවර ආරාධනා පත්‍ර 1100 ක් නිකුත් කිරීමත් සමග එය සමස්ත EOI ලකුණු 80 දක්වා පහත බැස තිබේ.
ඒ අනුව ඉදිරියේදී මෙම ලකුණු ප්‍රමාණය තවදුරටත් පහළ බැසිය හැකි බවට අපේක්ෂා කළ හැකිය.

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 14/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 09/03/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 12/04/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 13/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 13/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන අගෝස්තු 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.

ඔස්ට්‍රේලියාවේ නවතම“රැකියා සීමා ලැයිස්තුව”
2019/20 වසර සඳහා බලපැවැත්වෙන නවතම Occupation ceiling list හෙවත් “රැකියා සීමා ලැයිස්තුව” ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශ කර ඇත.
2018/19 රැකියා සීමා ලැයිස්තුවේ Accountants (Occupation ID - 2211) හට 4,785 ක කෝටාවක් තිබූ නමුත් මෙවර එය 2,746 ක් දක්වා කප්පාදු කර තිබේ.
ඊට අමතරව 2018/19 රැකියා සීමා ලැයිස්තුවේ Software and Applications Programmers (Occupation ID - 2613) හට 6,202 ක් ව තිබූ කෝටාව මෙවර 8,748 දක්වා ඉහළ දමා ඇත.
තොරතුරු තාක්ෂණය සම්බන්ධ තවත් වෘත්තීන් කිහිපයකම කෝටාවන් 2019/20 වසර සඳහා බලපැවැත්වෙන නවතම රැකියා සීමා ලැයිස්තුවේ දී ඉහළ දමා ඇත.
ඒ පිළිබඳව සියලු විස්තර පහත වාර්තාවෙන් ලබාගත හැකිය.


