ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීමට මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීමට හැකි අවසාන දිනය 2019 සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
2019 නොවැම්බර් මාසයේ පටන් හඳුන්වා දීමට නියමිත නව ප්‍රාදේශීය වීසා හේතුවෙන් මේ පියවර ගත් බව වාර්තා වේ.

489 වීසා අවසන් වන අයුරු
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ.
ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ.
මේ වන විට 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක මධ්‍යන කාලයක් වැය වන බව සඳහන්.
එනිසා යම් අයදුම්කරුවෙකු 489 වීසා සඳහා අයදුම් කිරීමට සූදානම් වේ නම් තම අයදුම්පත හැකිනම් අගෝස්තු මාසය වන විට යොමු කිරීම වඩාත් යෝග්‍ය බව ටස්මේනියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.
මන්ද 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක පමණ කාලයක් ගතවන බැවින් 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ඒ සඳහා නිර්දේශ ලබාදීමට ඒ අනුව පහසුවෙන් හැකිවනු ඇති බව ඔවුන් පෙන්වා දෙයි.

මේ අතර 489 වීසා සඳහා ආරාධනා පත්‍ර ලැබූ අයදුම්කරුවන් හට 489 වීසා සඳහා අයදුම් කිරීමට හැකි අවසන් දිනය 2019 නොවැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ආරාධනා පත්‍ර හිමි වුවද 2019 නොවැම්බර් 15 වන දිනෙන් අනතුරුව ලැබෙන කිසිදු 489 වීසා අයදුම් පතක් ඒ අනුව සලකා නොබැලේ.
489 වීසා හරහා ඔබට ඔස්ට්‍රේලියාව තුළ වසර 4 ක කාලයක් වාසය කිරීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තුළදී පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සැලසේ.
එමෙන්ම මේ හරහා අදාළ කොන්දේසි සැපිරීමෙන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කිරීමට හැකියාව ලැබේ.

නව 491 වීසා
2019 නොවැම්බර් 16 වන දින සිට ඔස්ට්‍රේලියාවේ නවතම ප්‍රාදේශීය වීසා වර්ගය වන Skilled Work Regional (Provisional) වීසා හෙවත් නව 491 වීසා උප ඛාණ්ඩය ක්‍රියාත්මක වීම ආරම්භ වේ.
ඒ අනුව එළඹෙන නොවැම්බර් 16 වන සිට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි සඳහා 491 වීසා උප ඛාණ්ඩය වෙත අයදුම් කිරීමට ඔබට හැකියාව ලැබේ.
මෙම නව 491 වීසා උප ඛාණ්ඩය මෙතෙක් ක්‍රියාත්මක වන 489 වීසා උප ඛාණ්ඩය ප්‍රතිස්ථාපනය කරනු ඇත.
මෙම නව 491 වීසා සඳහා වසරකට 14,000 ක කෝටාවක් වෙන් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර තිබේ.
මෙම වීසා වර්ගය සඳහා අයදුම් කිරීමට ප්‍රාන්ත හෝ ටෙරටරි රජයක නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කළ යුතුව ඇති අතර එසේ නොමැති නම් අයදුම්කරුගේ සුදුසුකම් ලත් පවුලේ සාමාජිකයෙකු අදාළ ප්‍රාදේශීය කලාපයේ වාසය කළ යුතු වේ.
මෙම නව 491 වීසා සඳහා අයදුම් කිරීමටනම් ඔබ වයස අවුරුදු 45 ට වඩා අඩු විය යුතුය.


