ඔස්ට්‍රේලියාවේ 1.25% ක්ව තිබූ පොළී අනුපාතිකය 1% දක්වා කප්පාදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පසුගිය සතියේ සිට තීරණය කළේය.
මේ අගය මෑත ඉතිහාසයේ වාර්තාගත පහළම පොළී අනුපාතික අගය ලෙසද වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙම කප්පදුවත් සමග ඔස්ට්‍රේලියානු බැංකු වල නිවාස ණය සඳහා වන පොළිය ද අඩු වනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කරයි.

පොළී අනුපාතික අඩුවීම නිවාස ණය සඳහා බලපාන්නේ කෙසේද?
පසුගිය සතියේ පොළී අනුපාතිකය අඩු කිරීමට පෙර පැවති පොළී අනුපාතිකය වුයේ 1.25% ය.
ඒ අනුව මෙහිදී 0.25% ක කප්පාදුවක් සිදුව ඇත.
ඒ අනුව ඔබේ නිවාස ණය මුදල කොපමණ වුවත් ඔබට සැලකිය යුතු මුදලක් මේ නිසා ඉතිරි වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ප්‍රධාන බැංකු වල නිවාස ණය පොළිය අඩුවීම්
ඔස්ට්‍රේලියානු ප්‍රධාන බැංකු අතරින් variable නිවාස ණය පොළිය අඩුම NAB හි බව වාර්තා වේ. එය 4.92% කි. ANZ සහ CBA බැංකු වල එය 4.93% ක් ලෙසද Westpac බැංකුවේ එය 4.98% ක් ලෙසද සටහන් වන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
පසුගිය වාර දෙකෙහිම ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව පොළී අනුපාතික කප්පාදු කිරීම හරහා පාරිභෝගිකයාට වඩාත් වැඩදායී ලෙස එම සහනය ලබාදුන්නේ CBA සහ NAB යන බැංකු බව සඳහන්.
පසුගිය වාර දෙකෙහිම කප්පාදුවූ 0.5% ක පොලී අනුපාතික ප්‍රතිශතයෙන් 88% ක්ම පාරිභෝගිකයාට ලබාදී ඇති අතර ඔවුන් සතුව තබාගෙන ඇත්තේ 12% ක් පමණි.
RateCity වලට අනුව $400,000 දක්වා වූ නිවාස ණයක් සහිත පුද්ගලයින්ට මෙම පොළී අනුපාතික කප්පාදුව නිසා වසරකට ඩොලර් 1,259 ක පමණ ඉතිරියක් ලැබේ.

2019 ජුනි සහ ජූලි මාසයන්හි පොළී අනුපාතික කප්පාදු වලින් නිවාස ණය සඳහා බලපෑම

මෙය ක්‍රියාත්මක වන්නේ කෙදින සිටද?
ජුනි මාසයේ නිවේදනය කළ පොළී අනුපාතික කප්පාදුව ජුනි මාසයේ මැද සිට අඩු වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර උත්සුක විය.
නමුත් ජූලි මාසයේ පොළී අනුපාතික කප්පාදුව අදාළ බැංකු ක්‍රියාත්මක කරන දිනයන් තවමත් නිශ්චිතව ප්‍රකාශයට පත් කර නොමැත.
ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව මේ වන විට 0.5% කින් පොළී අනුපාතික කප්පාදු කිරීමට තීරණය කර ඇති බැවින් එම සම්පූර්ණ කප්පාදුවේ ප්‍රතිලාභය පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
එනිසාම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු හතර ඇතුළුව සියලු මුල්‍ය ආයතන මෙම ප්‍රතිලාභය සම්පූර්ණව ජනතාවට ලබා දිය යුතු ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg ඉල්ලා සිටියි.


