ලොව වඩාත්ම කීර්තිමත් රටවල් පිළිබඳ නවතම ශ්‍රේණිගත කිරීම පසුගියදා එළිදැක්විණි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
FutureBrand වෙබ් අඩවිය හරහා ප්‍රකාශයට පත් කළ මෙම ශ්‍රේණිගත කිරීම හරහා ලොව කීර්තිමත් රටවල මෙන්ම ලොව අපකීර්තිමත්ම රටවල ද ප්‍රකාශයට පත් කොට ඇත.

ලොව කීර්තිමත් රටවල තේරූ හැටි
රටක් වශයෙන් ගත් කල එහි ක්‍රියාකාරීත්වය සම්බන්ධ යම් ප්‍රතිරූපයක් ලොවට තිබේ.
එම රටෙහි සමාජය, ආර්ථිකය, සංස්කෘතිය, විදෙස් සම්බන්ධතා, නීති පද්ධතිය එම රටෙහි ප්‍රතිරූපයට සෘජුවම බලාපාන ප්‍රධාන සාධක වේ.
FutureBrand වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කළ ලොව කීර්තිමත් රටවල නවතම ශ්‍රේණිගත කිරීම සඳහා ලෝකයේ රටවල 75 ක් සහභාගී කරගෙන තිබේ.
එම රටවල ඉහත සාධක වලට අමතරව සංචාරක ධාරිතාව, පුරාණ උරුමයන්, සහ ජීවන තත්ත්වය (quality of life) පිළිබඳවද සලකා බලා ඇත.
ඒ අනුව මෙවර ලොව කීර්තිමත් රට ලෙස කිරුළු පළඳින්නට ජපානය සමත් වී තිබේ.
පසුගිය වරද ජපානය මෙම ශ්‍රේණිගත කිරීමේ ප්‍රමුඛස්ථානය හිමිකරගත්තේය.
මෙවර ලොව කීර්තිමත් රටවල ලයිස්තුවේ දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ නොර්වේ රාජ්‍යය වේ.
පසුගිය වරට වඩා මෙවර නොර්වේ රාජ්‍යය ස්ථාන 4 ක් ඉදිරියට පැමිණ තිබේ.
මෙවර තෙවැනි ස්ථානය ස්විට්සර්ලන්තයට ත් සිව්වන ස්ථානය ස්වීඩනයටත් හිමිව ඇති අතර ෆින්ලන්තය 5 වන ස්ථානය හිමිකරගෙන ඇත.

ලොව කීර්තිමත් රටවල 20
- Japan
- Norway
- Switzerland
- Sweden
- Finland
- Germany
- Denmark
- Canada
- Austria
- Luxembourg
- New Zealand
- United States of America
- Netherlands
- Italy
- Australia
- UAE
- France
- Singapore
- United Kingdom
- South Korea

ඔස්ට්‍රේලියාව පල්ලම් බසී
මෙවර ලොව කීර්තිමත් රටවල ලයිස්තුවේ ඔස්ට්‍රේලියාව සිටින්නේ 15 වන ස්ථානයේය.
පසුගිය වරට සාපේක්ෂව එය ස්ථාන 7 ක පල්ලම් බැසීමකි.
ඔස්ට්‍රේලියාවේ ජීවන තත්ත්වය අඩුවීම මේ සඳහා බලපෑ ප්‍රධාන කරුණ බව පැවසේ.
ජීවන වියදම ඉහළ යාම, ආදායම් පහළ යාම, නිවාසයක් මිලට ගැනීමට ඇති අපහසුව, නිවාස අහිමිවූවන්ගේ ප්‍රමාණය ඉහළ යාම වැනි හේතු ඒ තත්ත්වයට රුකුල් දුන් සාධක වේ.
ඔස්ට්‍රේලියාව සේම එක්සත් රාජධානිය ද මෙවර ලොව කීර්තිමත් රටවල ලයිස්තුවේ ස්ථාන 7 කින් පල්ලම් බැස තිබේ.
මෙවර ලයිස්තුවේ එක්සත් රාජධානිය ට හිමිව ඇත්තේ 19 වන ස්ථානය වේ.

ලොව අපකීර්තිමත් රටවල 10
- Iraq
- Ukraine
- Pakistan
- Iran
- Bangladesh
- Dominican Republic
- Angola
- Nigeria
- Philippines
- Morocco


