මිහිපිට වෙසෙන විශාලතම ජීවියාට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දෙන ලෙස දැවැන්ත ඉල්ලීමක්. (SBS සිංහල/වාර්තා)

Great Barrier Reef

Source: AAP

මිහිපිට වෙසෙන විශාලතම ජීවියා ලෙස සැලකෙන ඔස්ට්‍රේලියාව ආශ්‍රිත සාගරයේ වෙසෙන මහා බාධක කොරල් පරයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දෙන මෙන් පුළුල් ප්‍රවර්ධන ව්‍යාපාරයක් පසුගිය සතියේදී ආරම්භ විය.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මෙම ව්‍යාපාරය Citizen Reef නමින් හඳුන්වනු ලබයි.

Great Barrier Reef
Source: nationalgeographic

මහා බාධක කොරල් පරය ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු කරමු

මහා බාධක කොරල් පරයට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමට කරනු ලබන මෙම ඉල්ලීම දේශගුණික විපර්යාස වල අයහපත් ප්‍රතිඵලත් සමග කරළියට පැමිණි දෙයකි.

ඒ අනුව ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හට හිමිවන සියලු අයිතිවාසිකම් සහ සැලකීම් මේ අනුව මහා බාධක කොරල් පරයට ද ලැබිය යුතු බව මෙම ව්‍යාපාරය ආරම්භ කළ සංවිධානය පවසයි.

ජීවත්වීමට ඇති අයිතිය තහවුරු කිරීම, හිංසාවෙන් තොරව දිවිගෙවීම, සෞඛ්‍ය සම්පන්නව දිවි ගෙවීමට ඇති අයිතිය යන ඔස්ට්‍රේලියානු පුරවැසියෙකු හට උරුම මූලික අයිතිවාසිකම් මේ හරහා මහා බාධක කොරල් පරයට ද උරුම විය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

ඒ අනුව මේ සඳහා වන පෙත්සමක් අත්සන් කර ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවට බාරදීමට ද ඔවුන් අපේක්ෂා කරයි.

දිනෙන් දින ඉහළ යන මුහුදු මට්ටම, කාබන් දූෂණය වැනි මහා බාධක කොරල් පරයට ප්‍රබල ලෙස බලපාන හානිකර තත්ත්වයන් පිළිබඳ රතු එළි දල්වීමටද මේ හරහා ඔවුන් බලාපොරොත්තු වෙයි.

Great Barrier Reef
Great Barrier Reef, Quuensland. Source: Climate Council

මහා බාධක කොරල් පරය දැඩි අවදානම් තත්ත්වයක

මහා බාධක කොරල් පරයෙන් බාගයක්ම වසර 2016 පටන් මියයාමේ තත්ත්වයක් පවතින බව 2018 වසරේදී ලොව සුප්‍රසිද්ධම පාරිසරික රූපවාහිනී නාලිකාව වන National Geographic නාලිකාව අනාවරණය කළේය.

එතැන් පටන් ලොව විශාලතම ජීවියා දෙස සමස්ත පරිසරවේදීන් සහ පරිසර සංවිධාන ප්‍රමුඛ අවධානයක් යොමු කරන්නට විය.

Citizen Reef ව්‍යාපාරය සඳහා කොටස්කරුවන් වීම පිළිබඳ තමන් ඉතා ප්‍රීති වන බව ඔස්ට්‍රේලියානු සාගර සංරක්ෂණ සමාජයේ උපායමාර්ග අධ්‍යක්ෂිකා  Imogen Zethoven පැවසුවාය.

මෙවන් වූ විවිධත්වයක් සහිත කොරල් පරයක් ලොව අන් කොහෙවත් දකින්නට නොලැබෙන බැවින් මෙය ඉතා සුවිශේෂී පාරිසරික පද්ධතියක් බව ද ඇය පැහැදිලි කළාය.

ලෝක වන ජීවී අරමුදල සිදුකළ සමීක්ෂණයකට අනුව ඔස්ට්‍රේලියානුවන් ගෙන් 94% ක්ම කියා සිටින්නේ වහාම මෙම මහා බාධක කොරල් පරය විනාශවීමෙන් වළක්වා ගත යුතු බවය.

මහා බාධක කොරල් පරය යන නම අසූ පමණින් ඔස්ට්‍රේලියාව සිහියට පැමිණීමමද ඔස්ට්‍රේලියාවට එහි ඇති වැදගත්කම මනාව නිරූපනය කරන බව ඔප්පු වෙයි.

Great Barrier Reef
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now