SKIP TO MAIN CONTENT

වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම රජයේ පාසල් වල සිසුන් හට පාසල් කාලය තුළ ජංගම දුරකතන භාවිතය තහනම් කෙරේ. (SBS සිංහල/වාර්තා)

mobile phones
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම රජයේ පාසල් වල සිසුන් හට පාසල් කාලය තුළ ජංගම දුරකතන භාවිතා කිරීම තහනම් කිරීම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය සූදානම් වේ.

පාසල් සිසුන් ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජංගම දුරකතන හරහා සිදුවන බාධාවීම් වැළක්වීමට මෙන්ම ජංගම දුරකතන හරහා සිසුන්ට වන සයිබර් හිංසා අවම කිරීමට මෙම පියවර ගත් බව වාර්තා වේ.

mobile phones to be banned Australia-wide in schools
Source: AAP

පාසල් වල ජංගම දුරකථන තහනම

මෙම නව නීතියට අනුව වික්ටෝරියානු ප්‍රාන්තයේ සියලුම රජයේ පාසල් උදෑසන ආරම්භ වීමට පෙරාතුව සිසුන්ගේ ජංගම දුරකථන වෙනමම ස්ථානයක රඳවා පාසල් කාලය අවසානයේ ඒවා නැවත සිසුන්ට ලබාදෙනු ඇත.

නමුත් ජංගම දුරකථන හරහා තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය මැනබලන විශේෂ අවශ්‍යතා සහිත සිසුන් හට ඒ සඳහා අවස්ථාව සලසා දීමට කටයුතු කරනු ඇත.

හදිසි තත්ත්වයකදී දෙමාපියන්ට හෝ භාරකරුවන්ට තමන්ගේ දරුවාව ඇමතීමට පාසලට ඇමතීමට හැකි බවද ප්‍රාන්ත රජය පවසයි.

මෙම ජංගම දුරකතන තහනම වික්ටෝරියා ප්‍රාන්තයේ McKinnon ද්විතීය පාසලේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ බවත් එහිදී සිසුන් පන්ති කාමරයේදී තම අධ්‍යාපන කටයුතු සඳහා වැඩි අවධානයක් ලබා දෙන අයුරු පෙනී ගිය බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය James Merlino පැවසීය.

ඊට අමතරව ක්‍රීඩා සහ විවේක කාල වලදී ළමුන් ඉතා ක්‍රියාශීලීව ක්‍රීඩා කරන අයුරුද දැකබලාගැනීමට හැකිවූ බව ඔහු පෙන්වා දෙයි.

mobile phones to be banned Australia-wide in schools
Source: Flickr

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ප්‍රසාදය

මෙම තහනම පිළිබඳ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan තම ප්‍රසාදය පළ කර ඇති අතර මෙය සමස්ත ඔස්ට්‍රෙලියවේම ක්‍රියාත්මක කිරීමට ඔහු යෝජනා කරයි.

ඒ පිළිබදව ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි අධ්‍යාපන අමාත්‍යවරුන් සමග පසුගිය සිකුරාදා (28/06) පැවති සාකච්ඡාවේදී තමන් ඉල්ලීමක් සිදු කළ බව පහු පැවසීය.

වසර 2020 දී නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රජයේ ප්‍රාථමික පාසල් වල මීට සමාන වූ ජංගම දුරකථන තහනමක් පැනවීමට සූදානම් වන අතර උසස් පෙළ පන්ති වල සිසුන්ටද ජංගම දුරකතන තම පන්ති කාමර තුළට රැගෙන නොඑන ලෙසට නිර්දේශ කර තිබේ.

පාසල් පන්තිකාමර තුළ ජංගම දුරකතන වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග අවම වශයෙන් දැකීම සහ භාවිතාව තමන්ගේ අපේක්ෂාව බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පැවසුවාය.

mobile phones to be banned Australia-wide in schools
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now