2019 වසරේ ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස Qatar ගුවන් සේවය කිරුළු පළඳින්නට සමත් විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
පසුගිය ජුනි 17 සිට ජුනි 23 දක්වා පැවැත්වූ Paris Air Show හිදී පැවති ලෝක ගුවන් සේවා සම්මාන උළෙලේදී මෙම සම්මාන පිරිනැමීම සිදුවිය.

2019 ලෝක ගුවන් සේවා සම්මාන උළෙල
Qatar ගුවන් සේවය මෙවර ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස සම්මාන ලබාගැනීමත් සමග ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස පස්වරක් සම්මානයෙන් පිදුම ලැබීමට සමත් විය.
ගුවන් සේවාවක් එලෙස 5 වරක් ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස සම්මාන ලැබූ ලෝකයේ පළමු ගුවන් සේවය ලෙසද Qatar ගුවන් සේවය හැඳින්වේ.
ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10 අතරට නිරතුරුවම පැමිණෙන්නේ ආසියානු කලාපයේ ගුවන් යානා වීම සාමාන්‍යයෙන් සිදුවන දෙයකි.
පසුගිය වසරේ ලොව විශිෂ්ඨතම ගුවන් සේවාව ලෙස සම්මාන ලැබූ සිංගප්පූරු ගුවන් සේවය මෙවර දෙවැනි ස්ථානයට පත්ව ඇති අතර ජපානයේ All Nippon ගුවන් සේවය තුන්වන ස්ථානයට පත්ව තිබේ.

2019 ලොව විශිෂ්ඨතම ගුවන් සේවා 10
- Qatar Airways
- Singapore Airlines
- ANA All Nippon Airways
- Cathay Pacific
- Emirates
- EVA Air
- Hainan Airlines
- Qantas Airways
- Lufthansa
- Thai Airways

2019 ලොව හොඳම ගුවන් කාර්යය මණ්ඩල 10
- Singapore Airlines
- Garuda Indonesia
- ANA All Nippon Airways
- Thai Airways
- EVA Air
- Cathay Pacific
- Hainan Airlines
- Japan Airlines
- Qatar Airways
- China Airlines

2019 ලොව හොඳම තුන්වන පන්තියේ ගුවන් සේවා 10
- Japan Airlines
- Singapore Airlines
- Qatar Airways
- Thai Airways
- ANA All Nippon Airways
- Emirates
- Cathay Pacific Airways
- Hainan Airlines
- Lufthansa
- EVA Air

2019 ලොව හොඳම ව්‍යාපාරික පන්තියේ ගුවන් සේවා 10
- Qatar Airways
- ANA All Nippon Airways
- Singapore Airlines
- Emirates
- Qantas Airways
- Hainan Airlines
- Thai Airways
- Etihad Airways
- Cathay Pacific Airways
- Garuda Indonesia

ලොව හොඳම අඩු වියදම් ගුවන් සේවා 10
- AirAsia
- easyJet
- Norwegian
- Southwest Airlines
- AirAsiaX
- Jetstar Airways
- WestJet
- Indigo
- Ryanair
- Eurowings

2019 ලොව පිරිසිදුම ගුවන් සේවා 10
- EVA Air
- Japan Airlines
- ANA All Nippon Airways
- Singapore Airlines
- Asiana Airlines
- Hainan Airlines
- Swiss Int'l Air Lines
- Cathay Pacific
- Qatar Airways
- Lufthansa


