ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය වර්ධනය ඉහළ ගියද විදෙස් සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය ඉහළ ගියද ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ආයතන වල ඇති සේවක පුරප්පාඩු පුරවා ගැනීම ඉතා අසීරු බව නවතම පර්යේෂණ වාර්තාවක් පෙන්වා දෙයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මෙය එකෙනෙහිම පුදුම සහගත පුවතක් වුවද සමස්ත ඔස්ට්‍රේලියවේම එක ලෙස පවතින තත්ත්වයක් බව ද වාර්තා වේ.

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සේවක පුරප්පාඩු
ඩොලර් ලක්ෂයත් ඩොලර් මිලියන 50 ත් අතර වාර්ෂික පිරිවැටුමක් සහිත ව්‍යාපාර ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ලෙස හැඳින්වේ.
මෙම ව්‍යාපාර ඔස්ට්‍රේලියාවේ දළ දේශීය නිෂ්පාදිතය ට 57% ක දායකත්වයක් සපයන අතර ඔස්ට්‍රේලියානු ශ්‍රම බලකායෙන් 44% ක් පමණ ප්‍රමාණයක් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල සේවයේ යෙදී සිටිති.
මේ වන විට ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය 5.2% මට්ටමේ පවතින නමුත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ආයතන වල ඇති සේවක පුරප්පාඩු පුරවා ගැනීම ඉතා අසීරු වීම පැහැදිලි කිරීමට අපහසු සිදුවීමක් වේ.
ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල පවතින බොහෝ රැකියා පුරප්පාඩු සඳහා අවම පුහුණුවක් පමණක් අවශ්‍ය බව දැක්වෙයි.

රැකියා පිළිබඳ ඔස්ට්‍රේලියාවේ ප්‍රධානතම සහ ජනප්‍රියතම වෙබ් අඩවියක් වන Indeed වෙබ් අඩවිය ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල පවතින රැකියා පුරප්පාඩු පිළිබඳ මෙම සමීක්ෂණය සිදු කර තිබුණි.
අදාළ රැකියා පුරප්පාඩුව ප්‍රසිද්ධ මාධ්‍යයේ හෝ අන්තර්ජාලයේ හෝ පළ කර දින 60 ක් ගතවනතුරුත් එය පුරවාගැනීමට නොහැකිවූ රැකියා පිළිබඳ මෙහිදී ඔවුන්ගේ අවධානය යොමු විය.
ඒ අතරේ ඉංග්‍රීසි ගුරුවරු, පවුලේ වෛද්‍යවරුන්, කාර්යාල සුද්ධ පවිත්‍ර කරන්නන්, බස් රියදුරන් වැනි රැකියා ප්‍රධාන තැනක් ගත් බව The Age පුවත් පත වාර්තා කරයි.
Indeed වෙබ් අඩවියට අනුව 2018 වසරේදී සේවක පුරප්පාඩු පුරවා ගැනීමට ඉතා අසීරු ඔස්ට්‍රේලියාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වල රැකියා 20 පහත පරිදි වේ.

ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන්නන්ට පණිවිඩයක්
ඔස්ට්‍රේලියාවේ රැකියා සොයන ඕනෑම වයස් ඛාණ්ඩයක සිටින පුද්ගලයින්ට මෙම ලැයිස්තුව ඉතා වැදගත් බව ඔස්ට්‍රේලියානු සුළු පරිමාන ව්‍යාපාර සහ පවුල් ව්‍යවසාය පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරිය වන Kate Carnell පවසයි.
මෙලෙස රැකියා පුරප්පාඩු පුරවා ගැනීමට අසීරු මෙම ව්‍යාපාර සහ ආයතන පිළිබඳව මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් මට්ටමින් අවධානය යොමු කළ යුතු බවත් විශේෂයෙන්ම ප්‍රාදේශීය කලාප වලට වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් ඇය පෙන්වා දෙයි.
උදාහරණයක් ලෙස පවුලේ වෛද්‍යවරුන් ගත් කළ නාගරික කලාප වල පවුලේ වෛද්‍යවරුන් ගේ අතිරික්තයක් පවතින අතර ප්‍රාදේශීය කලාප වල ඔවුන්ගේ හිඟයක් පවතිනවා. එනිසාම මෙම අඩුව පිරවීමට මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන් මට්ටමින් සම්මත වූ යන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතුයි. තවත් අතකින්, අඩු නිපුණතාවක් සහිත විරැකියාවෙන් පෙළෙන පුද්ගලයින්ට මෙම ලැයිස්තුව ඉතා හොඳ අත්වැලක් සපයනවා." යනුවෙන් ද ඔස්ට්‍රේලියානු සුළු පරිමාන ව්‍යාපාර සහ පවුල් ව්‍යවසාය පිළිබඳ ඔම්බුඩ්ස්මන්වරිය වන Kate Carnell පැහැදිලි කළාය.


