2019 වසරේ නවතම QS ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකරණයට අනුව ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 7 ක් පළමු විශ්ව විද්‍යාල 100 අතරට තේරී පත්ව තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ජාත්‍යන්තර විශ්ව විද්‍යාල ශ්‍රේණිගත කිරීම් අතර ලොව ප්‍රමුඛතම ශ්‍රේණිගත කිරීමක් ලෙස QS ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකරණය හැඳින්වේ.

ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල
2019 QS ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකරණයේ පළමු විශ්ව විද්‍යාල 100 අතරට ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 7 ක් පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය මේ අතරින් ඉදිරියෙන් සිටින අතර සමස්ත ශ්‍රේණිගත කිරීමේ එය 29 වැනි ස්ථානය හිමි කරගෙන තිබේ.
මෙල්බර්න් විශ්ව විද්‍යාලයට වර්ගීකරණයේ 38 වැනි ස්ථානය හිමිව ඇති අතර, සිඩ්නි විශ්ව විද්‍යාලය 42 වන ස්ථානයට පත්ව තිබේ.
පළමු 100 අතරට පැමිණි ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 7 සිය ශ්‍රේණිගත ස්ථාන සමග පහත පරිදි වේ.
- ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය - 29 වන ස්ථානය
- මෙල්බර්න් විශ්ව විද්‍යාලය - 38 වන ස්ථානය
- සිඩ්නි විශ්ව විද්‍යාලය - 42 වන ස්ථානය
- නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය - 43 වන ස්ථානය
- ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය - 47 වන ස්ථානය
- මොනෑෂ් විශ්ව විද්‍යාලය - 58 වන ස්ථානය
- බටහිර ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය - 86 වන ස්ථානය

2018 වසරේ දී ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල
2018 වසරේදී පැවැත්වූ QS ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකරණයට අනුව ලොව හොඳම විශ්ව විද්‍යාල 100 අතරට මෙවර තේරී පත්වූ ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 07 ම ඇතුළත් වී තිබුණි.
එම ස්ථාන පහත පරිදි වේ.
- ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය - 24 වන ස්ථානය
- මෙල්බර්න් විශ්ව විද්‍යාලය - 39 වන ස්ථානය
- සිඩ්නි විශ්ව විද්‍යාලය - 42 වන ස්ථානය
- නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය - 45 වන ස්ථානය
- ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය - 48 වන ස්ථානය
- මොනෑෂ් විශ්ව විද්‍යාලය - 59 වන ස්ථානය
- බටහිර ඔස්ට්‍රේලියා විශ්ව විද්‍යාලය - 91 වන ස්ථානය
ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය සහ සිඩ්නි විශ්ව විද්‍යාලය හැරුනුකොට අනෙකුත් ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල යම් ප්‍රගතියක් ලබා ඇති බව පෙනී යයි.

2019 හොඳම විශ්ව විද්‍යාල 10
මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ලොව පුරා විශ්ව විද්‍යාල 1000කට ආසන්න සංඛ්‍යාවක් යොදගෙන ඇති බවද වාර්තා වේ.
විශ්ව විද්‍යාල වල පර්යේෂණ කාර්ය සාධනය සහ ප්‍රතිඵල, ශාස්ත්‍රීය අධ්‍යාපනයේ කීර්තිය, උපාධිධාරීන්ගේ සේවායෝජකත්වය සහ සිසුන් හා සේවක මඩුල්ල අතර අනුපාතය යන මිනුම් දඬු මෙම ශ්‍රේණිගත කිරීම සඳහා ප්‍රධාන වශයෙන් යොදාගෙන ඇති බව ඔවුන් පවසයි.
මෙවර QS ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ශ්‍රේණිගතකරණයට අනුව ලොව හොඳම විශ්ව විද්‍යාල 10 පහත පරිදි වේ.
01. Massachusetts Institute of Technology (MIT) - ඇමෙරිකාව
02. Stanford විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව
03. Harvard විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව
04. Oxford විශ්ව විද්‍යාලය - එක්සත් රාජධානිය
05. California Institute of Technology (Caltech) - ඇමෙරිකාව
06. ETH Zurich - Swiss Federal Institute of Technology - ස්විට්සර්ලන්තය
07. Cambridge විශ්ව විද්‍යාලය - එක්සත් රාජධානිය
08. UCL විශ්ව විද්‍යාලය - එක්සත් රාජධානිය
09. Imperial College London - එක්සත් රාජධානිය
10. Chicago විශ්ව විද්‍යාලය - ඇමෙරිකාව


