2019 නොවැම්බර් සිට වික්ටෝරියා ප්‍රාන්තයේ ප්ලාස්ටික් බෑග් තහනම්. (SBS සිංහල/වාර්තා)

plastic bags

Source: AAP

එළඹෙන නොවැම්බර් මාසයේ සිට ප්ලාස්ටික් බෑග් භාවිතය තහනම් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්තය තීරණය කර තිබේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව  සැහැල්ලු සහ එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බෑග් මේ තහනමට යටත් වනු ඇත.

plastic bags
Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්ලාස්ටික් බෑග් තහනම

ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් පරිසරයට සිදුවන හානිය අවම කරගැනීමේ අරමුණින් වික්ටෝරියානු ප්‍රාන්ත රජය මෙම ප්ලාස්ටික් බෑග් තහනම ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

එහිදී ප්‍රාන්තයේ ගංගාවලට සාගර පරිසරයට මෙන්ම වනජීවීන්ට ප්ලාස්ටික් හේතුවෙන් පැමිණෙන හානිය පිළිබඳ දැඩි අවධානය යොමුවී තිබේ.

මේ පිළිබඳ පනත පසුගිය බදාදා (19/06) වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත විය.

ඒ අනුව සුපිරි වෙළෙඳ සැල්, ඇඳුම් පැළඳුම් සාප්පු, fast-food අලෙවි සැල්, සිල්ලර වෙළෙඳ සැල් සහ ඉන්ධන පිරවුම් හල් විසින් ඉහත සඳහන් සැහැල්ලු සහ එක්වරක් පමණක් භාවිත කරන ප්ලාස්ටික් බෑග්  නිකුත් කිරීම තහනම් වනු ඇත.

plastic bags
Source: AAP

වික්ටෝරියානු ප්‍රාන්තයේ ප්ලාස්ටික් බෑග් භාවිතය

සෑම වසරකම පාහේ වික්ටෝරියානු ප්‍රාන්ත වැසියන් බිලියනයකට අධික සැහැල්ලු හෝ එක්වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් භාවිත කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත පාරිසරික ඇමතිනී Lily D'Ambrosio මාධ්‍ය වෙත පැවසුවාය.

එයින් මිලියන 10 ක් පමණ ප්ලාස්ටික් බෑග් අපද්‍රව්‍ය ලෙස පරිසරයට එකතු වන බවද ඇය පැහැදිලි කළාය.

එම තත්ත්වය එතරම් සුබාදායී නොවන බවත් එනිසාම ප්‍රාන්තයක් වශයෙන් ස්වභාවික පරිසරය සුරැකීම සඳහා ප්‍රමුඛත්වයක් දීමට මෙම තීරණය ගත් බවත් ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

මේ පිළිබඳව වික්ටෝරියානු ප්‍රාන්ත වාසීන්ව දැනුවත් කිරීම උදෙසා අධ්‍යාපන වැඩසටහනක් ද ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහිදී ප්ලාස්ටික් තහනම සම්බන්ධ නීති පිළිබඳ මෙන්ම පාරිභෝගිකයින්ට ඒ සඳහා ඇති විකල්ප පිළිබඳව ද දැනුවත් කෙරෙනු ඇත.

මෙය වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේදී සම්මත වූ නමුත් සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීම උදෙසා ප්‍රාන්ත සෙනට් සභාවෙන්ද සම්මත විය යුතුය.

ප්ලාස්ටික් බෑග් තහනම ඉතා යහපත් ක්‍රියාවක් වන නමුත් ඒ සඳහා පවතින විකල්ප මොනවාදැයි හෙළිකළ යුතු බව වික්ටෝරියානු ප්‍රාන්ත විපක්ෂ නායක Michael O'Brien පැවසීය.

plastic bags
Source: AAP

සුපිරි වෙළෙඳ සැල් මේ වන විටත් ප්ලාස්ටික් බෑග් තහනම් කර තිබේ

2018 ජුනි මස 20 වන දින සිට ඔස්ට්‍රේලියාව පුරාම පිහිටි Woolworths ශාඛා වල එක් වරක් පමණක් භාවිතා කරන ප්ලාස්ටික් බෑග් ලබා දීම තහනම් කෙරුණු අතර 2018 ජුනි 30 වන දින සිට Coles සුපිරි වෙළෙඳ සැල්ද එම තහනම ක්‍රියාත්මක කළේය.

මේ හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ පරිසරයට බිලියන 1.5 ක් පමණ ප්ලාස්ටික් බෑග් ප්‍රමාණයක් එකතුවීම වළක්වා ගැනීමට මෙතෙක් හැකියාව ලැබී ඇතැයි වාර්තා වේ.

plastic bags
Source: SBS News

ප්‍රාන්ත වල ප්ලාස්ටික් බෑග් තහනම

වික්ටෝරියානු ප්‍රාන්තයට අමතරව මේ වන විට  ක්වීන්ස්ලන්තය, බටහිර ඔස්ට්‍රේලියාව, ACT, Northern Territory, දකුණු ඔස්ට්‍රේලියාව සහ ටස්මෙනියාව යන ප්‍රාන්ත වල එක් වරක් පමනක් භාවිත කරන ප්ලාස්ටික් බෑග් තහනම් කර ඇත.

නමුත් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තවමත් ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නොමැත.

plastic bags
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now