ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සිඩ්නි, Blue Mountains සහ Illawarra යන කලාප වල දශකයකට පමණ පසුව පළමු වරට පළමු පියවරේ ජලය භාවිතා කිරීම සීමා කිරීමක් (Level one water restrictions) ක්‍රියාත්මක කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් මේ පියවර ගත් බව සඳහන්.

ජලය භාවිතා කිරීම සීමා කිරීම
මෙම පළමු පියවරේ ජලය භාවිතා කිරීම සීමා කිරීම හරහා ඉහත ප්‍රදේශ වල නිවැසියන් හට ජලය භාවිතා කිරීම යම් දුරකට පමණක් සීමා වන බව Domain වෙබ් අඩවිය වාර්තා කරයි.
මේ හරහා නිවෙස් වලින් බාහිරව ජලය භාවිතා කිරීමේ කටයුතු සැලකිය යුතු මට්ටමකින් සීමා කිරීමකට ලක්වේ.
ඒ අනුව තණකොළ වලට හෝ උද්‍යාන වලට වතුර දැමීමේදී සම්මත sprinklers හෝ ජාල පද්ධති ඕනෑම වේලාවක යොදාගැනීම මෙන්ම කිසිවෙකුත් නොමැතිව වතුර හෝස් හෝ ජාල කරාම විවෘත කර තැබීම සිදු නොකළ යුතුය.
එමෙන්ම වාහන හෝ ගොඩනැගිලි සේදීම අදාළ වතුර හෝස් සඳහා trigger nozzle එකක් සවි නොකර හෝ high pressure පිරිසිදු කිරීමේ උපකරණයක් නොමැතිව සිදු නොකළ යුතුය.
ලීටර් 10,000 ට වැඩි අලුතින් ඉදිකළ හෝ ප්‍රතිසංස්කරණය කළ පිහිණුම් තටාක ජලයෙන් පිරවීමටද මෙහිදී නොහැකිවේ. නමුත් ඔබේ පිහිණුම් තටාක සැපයුම්කරුට පිහිණුම් තටාක ආවරණයක් සහ බලපත්‍රයක් ( pool cover and permit) තිබෙනවානම් එය සාකච්ඡා කළ හැකිය.

නීති කඩ කරන උදවියට දඩ
මෙම නව නීති සහ රෙගුලාසි සඳහා හැඩගැසීමට ඉහත කලාප වල පදිංචිකරුවනට මාස 3 ක කාලයක් ලබා දී තිබේ.
එම සහන කාලය එළඹෙන සැප්තැම්බර් 01 වන දිනෙන් අවසන් වේ.
ඉන් අනතුරුව එම නීති සහ රෙගුලාසි උල්ලංඝනය කළ පුදගල්යින්ට $220 ක දඩයක් පැනවීමට හැකියාව තිබෙන බව Sydney Water ආයතනය පවසයි.
අරපිරිමැස්මෙන් හා වගකීමෙන් ජලය භාවිතා කරන්නේ කෙසේදැයි නිසි අවබෝධයක් ගැනීමට www.lovewater.sydney යන වෙබ් අඩවියෙන් හැකියාව ඇති බවද ඔවුන් පවසයි.

සීමාවන් ට හසු නොවන ජල ප්‍රභේද
- ප්‍රතිචක්‍රීකරණය කළ ජලය
- Greywater හෙවත් නාන කාමර, රෙදි සෝදන යන්ත්‍ර සහ සින්ක් වලින් පිටව යන ජලය
- වැසි වතුර
- Bore water
- ගංගා ජලය (මෙහිදී ඔබට බලපත්‍රයක් තිබිය යුතුය)
ඔබට මේ පිළිබඳ පූර්ණ තොරතුරු www.sydneywater.com.au වෙබ අඩවියෙන් ලබාගත හැකිය.


