නිපුණතා සංක්‍රමණික වීසා ලබා දෙන වික්ටෝරියා ප්‍රාන්තයේ DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව ප්‍රකාශ කෙරේ. (SBS සිංහල/වාර්තා)

DAMA

Source: SBS

ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ Great South Coast කලාපයේ ඇති ශ්‍රම හිඟයට පිළියමක් වශයෙන් Great South Coast Designated Area Migration Agreement වැඩසටහන පසුගිය ජුනි 11 වන දින නිල වශයෙන් දියත් කෙරුණි.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese



ඒ අනුව ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA ව්‍යාපෘතියේ වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම DAMA කලාපය ලෙස මෙය ක්‍රියාත්මක වෙයි.

DAMA
Source: SBS

                

Great South Coast කලාපයේ DAMA වැඩසටහන

Great South Coast කලාපයේ පවතින රැකියා පුරප්පාඩු එම ප්‍රද්ශයේ සිටින ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් පුරවාගත නොහැකි විට එම රැකියා සඳහා විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීමට Great South Coast කලාපයේ DAMA වැඩසටහන හරහා හැකියාව ලැබේ.

ඒ අනුව Great South Coast කලාපයේ සිටින සේවායෝජකයින්ට මේ හරහා විශාල ප්‍රතිලාභයක් අත්වන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නිවේදනය කරයි.

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම DAMA කලාපය ලෙස හැඳින්වෙන මෙය නගර සභාවක් විසින් ක්‍රියාත්මක කරනු ලබන ප්‍රථම DAMA කලාපය ලෙසද හැඳින්වේ.

ඒ අනුව Great South Coast කලාපයේ DAMA වැඩසටහන, Warrnambool නගර සභාව හරහා ක්‍රියාත්මක වේ.

DAMA
Great South Coast DAMA Map Source: www.gscdama.warrnambool.vic.gov.au

DAMA සහ ප්‍රාදේශීය ආර්ථික සංවර්ධනය

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල ආර්ථික සංවර්ධනය මූලික කරගනිමින් මෙම DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය David Coleman පැවසීය.

එමෙන්ම ප්‍රාදේශීය කලාප වල ශ්‍රම හිඟය පිරවීමට DAMA වැඩසටහන හරහා ඵලදායී ලෙස හැකියාව ලැබෙන බව Wannon මැතිවරණ බල ප්‍රදේශය නියෝජනය කරන ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

"පසුගිය වසර කිහිපය මුළුල්ලේම ප්‍රාදේශීය කලාප වල බොහෝ සේවායෝජකයින් ඔවුන්ගේ රැකියා පුරප්පාඩු පුරවා ගැනීමට හැකියාවක් නොමැති බවට මැසිවිලි නගන්නට වුණා. රජයක් ලෙස මෙයට අප ඇහුම්කන් දුන්නා. මෙය ඇත්තෙන්ම ඉලක්කගත වැඩසටහනක්. මේ හරහා ඔස්ට්‍රෙලියානුවන්ගේ රැකියා වලට තර්ජනයක් නොවන බවත් අවධාරණය කරන්නට අවශ්‍යයි. මේ හරහා සිදුකෙරෙන්නේ ඔස්ට්‍රේලියානුවාසීන් ගෙන් පුරවාගත නොහැකි පුරප්පාඩු සඳහා විදෙස් ශ්‍රමිකයින් බඳවා ගැනීම පමණයි."  යනුවෙන් අධ්‍යාපන අමාත්‍ය Dan Tehan එම නිවේදනයේ වැඩි දුරටත් පැවසීය.

DAMA
Source: Getty Images

Great South Coast DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව

Great South Coast කලාපයේ DAMA වැඩසටහන Glenelg, Moyne, Southern Grampians, Warrnambool, Corangamite සහ Colac-Otway යන නගර සභා කලාප වල ක්‍රියාත්මක කෙරේ.

මෙම කලාප වල ක්‍රියාත්මක කෙරෙන විවිධ කර්මාන්ත ක්ෂේත්‍රයන්හි වෘත්තීන් 27 ක් මෙම DAMA වැඩසටහන සඳහා සුදුසුකම් ලබා තිබේ.

මෙම වෘත්තීන් සඳහා සුදුසුකම් ලත් පුද්ගලයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගැනීමට ද හැකියාව පවතින බව වාර්තා වේ.

මේ අතර පළමු වසරේදී මේ හරහා පුද්ගලයින් 100 දෙනෙකුට පමණක් අවස්ථාව ලබාදෙන බව Warrnambool නගර සභාවේ ප්‍රධාන විධායක නිලධාරී Peter Schneider පැවසීය.

මේ සම්බන්ධ වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.

Great South Coast DAMA වැඩසටහනේ රැකියා ලැයිස්තුව පහත පරිදි වේ.

ANZSCO CodeOccupation
721111Agricultural & Horticultural Mobile Plant Operator
311111Agricultural Technician
321111Automotive Electrician
121312Beef Cattle Farmer
141111Café or Restaurant Manager
351311Chef
323211Computer Numerical Control (CNC) Machinist
351411Cook
070499Dairy Cattle Farm Operator
321212Diesel Motor Mechanic
721211Earthmoving Plant Operator
323212Fitter & Turner
141311Hotel or Motel Manager
711211Industrial Spray painter
831211Meat Boners & Slicers
831311Meat Process Worker
322311Metal Fabricator
121216Mixed Crop Farmer
121317Mixed Livestock Farmer
721999Mobile Plant Operators nec
321211Motor Mechanic -general
312912Non-destructive Testing (NDT) Technician
324111Panel beater
839312Product Quality Controller (Meat Grader)
070499Senior Dairy Cattle Farm Worker
831212Slaughterer
733111Truck Driver -general

Designated Area Migration Agreement (DAMA)

ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.

ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.

මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින අතර හඳුනාගත් කලාප කිහිපයක්ම DAMA වැඩසටහනට ඇතුළත් කර ඇත.

එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ Great South Coast කලාපය, Northern Territory,  දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය වෙයි.

DAMA
Source: SBS Sinhala

4 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now