ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන සංක්‍රමණිකයින්ව මෙල්බර්න්, සිඩ්නි හා බ්‍රිස්බන් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කිරීමේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අරමුණ වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන Designated Area Migration Agreement හෙවත් DAMA ව්‍යාපෘතියේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ DAMA වැඩසටහන එළඹෙන ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය මේ පිළිබඳ නිල නිවේදනය සිය නිල සංක්‍රමණික කටයුතු වෙබ් අඩවියේ පළ කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ DAMA වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වලට සංක්‍රමණික ජනතාව යොමු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත DAMA වැඩසටහන සමග දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ද පසුගිය මාසයේදී එක් විය.
DAMA වැඩසටහනට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ද ඇතුලත් කිරීමෙන් එම කලාපයේ විශාල ආර්ථික සංවර්ධනයක් සිදු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ශ්‍රම හිඟය පුරවා ගැනීමට මේ හරහා විශාල රුකුලක් සැපයෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මෙන්ම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයද විශ්වාස කරයි.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ DAMA වැඩසටහන පහත පරිදි ප්‍රධාන ඛාණ්ඩ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

01. The Adelaide City Technology and Innovation Advancement Agreement.
මේ හරහා Adelaide පුරවරයට අයත් ප්‍රදේශ පමණක් ආවරණය වන අතර Adelaide පුරවරය ආශ්‍රිත තාක්ෂණික සහ නව නිපැයුම් දිරිගැන්වීමට මෙන්ම සංවර්ධනය කිරීමට මේ මගින් අපේක්ෂා කෙරේ.
මෙම DAMA වැඩසටහන සඳහා වෘත්තීන් 60 ක් සුදුසුකම් ලබා ඇති බව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජය නිවේදනය කරයි.
02. The South Australian Regional Workforce Agreement.
මේ හරහා සමස්ත දකුණු ඔස්ටෙලියානු ප්‍රාන්තයම ආවරණය කෙරේ.
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ක්‍රියාත්මක ව්‍යාපාර සහ කර්මාන්ත සඳහා අවශ්‍ය ශ්‍රම හිඟය පුරවා ගැනීමට මෙමගින් අපේක්ෂා කෙරේ.
මේ සඳහා සුදුසුකම් ලැබූ වෘත්තීන් ප්‍රාමාණය 114 ක් බව වාර්තා වේ.
දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ DAMA වැඩසටහන් ද්විත්වය සඳහා සුදුසුකම් ලැබූ වෘත්තීන් පිළිබඳ සියලු විස්තර මෙතනින්.

Designated Area Migration Agreement (DAMA)
ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප වල ශ්‍රම හිඟය පිරවීම අරමුණු කරගනිමින් ඔස්ට්‍රේලියාවට පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් යම් නියමිත ප්‍රාදේශීය කලාප වල ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පසුගිය වසරේදී තීරණය කළේය.
ඒ අනුව Designated Area Migration Agreement හෙවත් DAMA වැඩසටහන ක්‍රියාත්මක කිරීමට ඔවුන් පියවර ගෙන තිබේ.
මේ වන විටත් ශ්‍රම හිඟය අත්දකින ඔස්ට්‍රේලියාවේ විවිධ කලාප සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ සාකච්ඡා කරමින් පවතින අතර හඳුනාගත් කලාප කිහිපයක්ම DAMA වැඩසටහනට ඇතුළත් කර ඇත.
එහිදී සැලකිල්ලට ගැනුණු ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප අතර මේ වන විට වික්ටෝරියා ප්‍රාන්තයේ නිරිත දිග කලාපය, Northern Territory, දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Orana කලාපය සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ Goldfields කලාපය වෙයි.
ඔස්ට්‍රේලියාවට අලුතින් පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් සිඩ්නි, මෙල්බර්න්, බ්‍රිස්බර්න්, පර්ත්, ගෝල්ඩ් කෝස්ට් වැනි ප්‍රධාන නගර වලින් බැහැර කර ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාප වල අවම වශයෙන් වසර 5 ක් හෝ ස්ථාපිත කිරීමට මේ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට හැකියාව ලැබේ.
ඊට අමතරව ඒ ඒ ප්‍රාදේශීය කලාප වල පවතින ශ්‍රම හිඟය පුරවා ආර්ථික සංවර්ධනයක් ඇති කිරීමද මෙහි මූලික ඉලක්කය වී තිබේ.
එමෙන්ම ආර්ථික සංවර්ධනයක් ඇති කරන අතරේම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල ජනගහන පාලනයක් සිදුකිරීමට මෙමගින් අවස්ථාව ලැබෙන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අපේක්ෂා කරයි.
DAMA වැඩසටහන යටතේ පැමිණෙන නිපුණතා සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමටද ඉඩ සැලසෙන බව සඳහන්.


