ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට අවස්ථාව සලසන නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මැයි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ (Invitation Round) තොරතුරු මේ වන විට ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
මෙවර නිකුත් කළ සම්පූර්ණ ආරාධනා පත්‍ර ගණන බරපතල ලෙස පහළ ගොස් ඇති අතර මෙය නිපුණතා සංක්‍රමණික ආරාධනා පත්‍ර වට ඉතිහාසයේ නිකුත් කළ අඩුම ආරාධනා පත්‍ර ප්‍රමාණය ලෙසද සඳහන්.
2018-19 මුල්‍ය වර්ෂයේ සිට සෑම මසකම 11 වන දින ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට හැකි 189 වීසා වලට අදාළ EOI සඳහා ආරාධනා පත්‍ර නිකුත් කරන බව ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පසුගිය වසරේ ජුනි මාසයේදී පවසා තිබුණි.

මැයි 11 ආරාධනා පත්‍ර වටය
2019 මැයි 11 ට යෙදුනු ආරාධනා පත්‍ර වටයේ දී සමස්ත ආරාධනා පත්‍ර 100 ක් නිකුත් කර ඇති බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
සෑම මසකම 11 වන දින ක්‍රියාත්මක කෙරෙන මෙම ආරාධනා පත්‍ර වටයකදී සාමන්‍යයෙන් ආරාධනා පත්‍ර 2500 ක් නිකුත් කෙරෙන අතර මෙවර එය බරපතල ලෙස කප්පාදු කර ඇති බව පෙනීයයි.
මෙම පහත බැසීම පසුගිය දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වෙමින් පවතියි.
මේ අනුව මෙවර වටයේදී ප්‍රධාන වෘත්තීන් සඳහා ඉහළ ලකුණු අගයක් ලබාගත් ආරාධනා පත්‍ර වලට පමණක් අවස්ථාව ලැබී ඇති බව පෙනී යයි.

ආරාධනා පත්‍ර 100 දක්වා අඩු කිරීමට හේතු
ඔස්ට්‍රේලියාවේ වාර්ෂික සංක්‍රමණික කෝටාව 190,000 සිට 160,000 දක්වා 30,000 කින් කප්පාදු කිරීමට පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කළේය.
ඒ අනුව නිපුණතා සංක්‍රමණික කෝටාව 25,338 කින් කප්පාදු කරමින් නව සංක්‍රමණික කෝටාවේ අගයන් එළිදැක්විණි.
මෙය මෙවර ආරාධනා පත්‍ර 100 දක්වා අඩු කිරීමට ප්‍රධානතම හේතුව ලෙස දැක්වෙයි.
එමෙන්ම ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය මැයි 18 වන දින පැවැත්වීම ද 2018/19 ඔස්ට්‍රේලියානු මුල්‍ය වර්ෂය අවසන් වීමට තවත් මාස 2 ක පමණ කාලයක් පැවැත්වීමද මෙම කප්පාදුවට හේතු ලෙස සඳහන්.
2019/20 වර්ෂය සඳහා Skill stream යටතේ එක් එක් නිපුණතා වීසා ඛාණ්ඩය සඳහා වෙන් කර ඇති නව කෝටාව පහත පරිදි වේ.
Employer Sponsored - 30,000
Skilled Independent - 18,652
Regional - 23,000
Skilled Employer Sponsored - 9,000
Skilled Work Regional - 14,000
State/Territory Nominated - 24,968
Business Innovation & Investment program - 6,862
Global Talent - 5,000
Distinguished Talent - 200

IT සහ Accounting වෘත්තීන්ගේ තත්ත්වය
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවේ වඩාත් ජනප්‍රියම සහ වැඩිම ඉල්ලුමක් ඇති IT සහ Accounting වෘත්තීන් ට අදාළ වෘත්තීන් සඳහා මෙවර ආරධනා පත්‍ර වටයේ තත්ත්වය සාරාංශගතව පහත පරිදි වේ.
Accountants (Occupation ID - 2211) සඳහා 01/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 90 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Auditors (Occupation ID - 2212) සඳහා සඳහා 28/12/2018 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
ICT Business and System Analysts (Occupation ID - 2611) සඳහා 03/05/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 85 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Software and Applications Programmers (Occupation ID - 2613) සඳහා 10/02/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.
Computer Network Professionals (Occupation ID - 2631) සඳහා 20/03/2019 තෙක් යොමු කෙරුණු ලකුණු සංඛ්‍යාව 80 ක් සහිත EOI සඳහා ආරධනා පත්‍ර නිකුත් කර තිබේ.

ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික ලැයිස්තුවට (Skilled Migration List) අදාළ මීළඟ ආරාධනා පත්‍ර වටය එළඹෙන ජුනි 11 වන දින ක්‍රියාත්මක වීමට නියමිතය.


