පසුගිය ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් සුවිශේෂී ජයක් අත්කරගත් ලිබරල් සන්ධානයේ නව අමාත්‍ය මණ්ඩලය අගමැති Scott Morrison විසින් නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
එහිදී බහුතරයක් හිටපු අමාත්‍යවරුන්ට මෙවරද එම විෂයය පථයන්ම ලැබී ඇති අතර ඇතැම් ඇමතිවරුන්ට අමතර වගකීම්ද පැවරී තිබේ.
නව සහ අමතර වගකීම් ලැබුණු ඇමතිවරු
Scott Morrison - ඔස්ට්‍රේලියානු අගමැති සහ රාජ්‍ය සේවා අමාත්‍ය
Bridget McKenzie - කෘෂිකාර්මික කටයුතු ඇමතිනී
Mark Coulton - ප්‍රාදේශීය සේවා, විමධ්‍යගත සේවා සහ නගර සභා අමාත්‍ය
Steve Irons - වෘත්තීය අධ්‍යාපන, පුහුණු සහ ආධුනික්තව කටයතු පිළිබඳ අමාත්‍ය
Michael Sukkar - නිවාස කටයුතු අමාත්‍ය සහ සහාකාර භාණ්ඩාගාරික කටයුතු අමාත්‍ය
Christian Porter - නීතිපති සහ කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍ය
Marise Payne - විදේශ කටයුතු සහ කාන්තා කටුයුතු ඇමතිනී
Richard Colbeck - වැඩිහිටි සුරැකුම්, ජ්‍යෙෂ්ඨ පුරවැසි, තරුණ සහ ක්‍රීඩා කටයුතු ඇමතිනී
Angus Taylor - බලශක්ති සහ කාබන් විමෝචන අවම කිරීමේ අමාත්‍ය
Sussan Ley - පාරිසරික කටයුතු ඇමතිනී
Linda Reynolds - ආරක්ෂක කටයුතු ඇමතිනී
Stuart Robert - ජාතික ආබාධිත රක්ෂණ වැඩසටහන හා රාජ්‍ය සේවා පිළිබඳ අමාත්‍ය
Ken Wyatt - ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සම්බන්ධ කටයුතු පිළිබඳ අමාත්‍ය
Anne Ruston - පවුල් සහ සමාජ සේවා කටයුතු පිළිබද ඇමතිනී
Greg Hunt - සෞඛ්‍ය අමාත්‍ය සහ රාජ්‍ය සේවා හා කැබිනට් කටයුතු සහාකාර අමාත්‍ය
Paul Fletcher - සන්නිවේදන, සයිබර් ආරක්ෂණ සහ කලාකටයුතු අමාත්‍ය
Alan Tudge - ජනගහනම නගර සහ නාගරික යටිතල පහසුකම් පිළිබඳ අමාත්‍ය
Melissa Price - ආරක්ෂක - කර්මාන්ත කටයුතු සම්බන්ධීකරණ ඇමතිනී
David Littleproud - ජල සම්පත්, ප්‍රාදේශීය ආර්ථික, ස්වභාවික ආපදා සහ හදිසි සේවා කටයුතු අමාත්‍ය

නව සහ අමතර වගකීම් ලැබුණු සහකාර ඇමතිවරු
Jane Hume - Superannuation, මුල්‍ය සේවා සහ මුල්‍ය තාක්ෂණය පිළිබඳ සහකාර ඇමතිනී
Nola Marino - ප්‍රාදේශීය කලාප සංවර්ධනය පිළිබඳ සහකාර ඇමතිනී
Jason Wood - රේගුව, ප්‍රජා ආරක්ෂාව සහ බහුසංස්කෘතික කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය
Trevor Evans - කසල කළමනාකරණ සහ පාරිසරික කටයුතු පිළිබද සහාකාර අමාත්‍ය
Ben Morton - අගමැති සහ කැබිනට් මණ්ඩලය සඳහා සහාකාර අමාත්‍ය
Zed Seselja - මුල්‍ය සහ මැතිවරණ කටයුතු පිළිබඳ සහකාර අමාත්‍ය
Luke Howarth - ප්‍රජා නිවාස සහ ප්‍රජා සේවා පිළිබඳ සහකාර අමාත්‍ය
Alex Hawke - ජාත්‍යන්තර සහ පැසිෆික් කලාපීය කටයුතු ප්‍රවර්ධන අමාත්‍ය සහ සහකාර ආරක්ෂක අමාත්‍ය

විෂයය පථයන් වෙනස් නොවූ අමාත්‍යවරු
Michael McCormack - නියෝජ්‍ය අගමැති සහ යටිතල පහසුකම්, ප්‍රවාහන සහ ප්‍රාදේශීය සංවර්ධන පිළිබද අමාත්‍ය
David Coleman - ආගමන, පුරවැසිභාව, සංක්‍රමණික සේවා සහ බහුසංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය
Peter Dutton - ස්වදේශ කටයුතු අමාත්‍ය
Josh Frydenberg - භාණ්ඩාගාරික කටයුතු පිළිබද අමාත්‍ය
Mathias Cormann - මුල්‍ය අමාත්‍ය
Simon Birmingham - වෙළෙඳ කටයුතු අමාත්‍ය
Michaelia Cash - රැකියා කටයුතු සහ සුළු හා පවුල් ව්‍යාපාර පිළිබඳ ඇමතිනී
Scott Buchholz - මාර්ග ආරක්ෂණ සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු පිළිබද සහකාර අමාත්‍ය
Andrew Gee - නියෝජ්‍ය අගමැති සඳහා සහකාර අමාත්‍ය
Matt Canavan - සම්පත් සහ උතුරු ඔස්ට්‍රේලියානු කටයුතු පිළිබඳ අමාත්‍ය
Dan Tehan - අධ්‍යාපන අමාත්‍ය
Karen Andrews - විද්‍යා හා තාක්ෂණ ඇමතිනී

ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියානු කැබිනට් මණ්ඩලයට කාන්තාවන් 7 ක්
මෙවර ඔස්ට්‍රේලියානු නව කැබිනට් මණ්ඩලයට ඉතිහාසයේ වැඩිම කාන්තාවන් ප්‍රමාණයක් ඇතුළත්වී ඇතැයි වාර්තා වේ.
ඒ අනුව අගමැති මොරිසන්ගේ නව කැබිනට් මණ්ඩලයේ කාන්තාවන් 7 දෙනෙකු විසින් ප්‍රධාන අමාත්‍යධුරයන් දරනු ලබයි.
එහිදී විදේශ කටයුතු සහ කාන්තා කටයුතු ඇමතිනී ලෙස Marise Payne ද පාරිසරික ඇමතිනී ලෙස Sussan Ley ද ආරක්ෂක කටයුතු ඇමතිනී ලෙස Linda Reynolds ද නව කැබිනට් මණ්ඩලයේ කටයුතු කරනු ඇත.
මේ අතර නව කැබිනට් මණ්ඩලයේ කෘෂිකාර්මික කටයුතු ඇමතිනී ලෙස Bridget McKenzie කටයුතු කරන අතර ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ එම ධුරය දරන ප්‍රථම කාන්තාව ලෙසද ඇය ඉතිහාසගත වේ.
ඊට අමතරව පවුල් සහ සමාජ සේවා කටයුතු පිළිබද ඇමතිනී ලෙස Anne Ruston ද රැකියා කටයුතු මෙන්ම සුළු හා පවුල් ව්‍යාපාර පිළිබඳ ඇමතිනී ලෙස Michaelia Cash ද විද්‍යා හා තාක්ෂණ ඇමතිනී ලෙස Karen Andrews ද කටයුතු කරනු ඇත.

මෙවර කැබ්නට් මණ්ඩලයේ සුවිශේෂීතා දෙකක්
මෙවර නව කැබිනට් මණ්ඩලයේ ස්වදේශික ඔස්ට්‍රේලියානුවන් සම්බන්ධ කටයුතු පිළිබඳ ඇමැතිධුරයට Ken Wyatt පත් කර ඇති අතර ස්වදේශික සම්භවයකින් පැවත එන පුද්ගලයෙකු එම ධුරය සඳහා පත් කළ පළමු අවස්ථාවද මෙය වේ.
මේ අතර නව කැබිනට් මණ්ඩලයේ කෘෂිකාර්මික කටයුතු ඇමතිනී ලෙස Bridget McKenzie කටයුතු කරන අතර ඔස්ට්‍රේලියානු ඉතිහාසයේ එම ධුරය දරන ප්‍රථම කාන්තාව ලෙසද ඇය ඉතිහාසගත වේ.

හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට විදෙස් තානාපතිධුර
හිටපු අමාත්‍යවරුන් දෙදෙනෙකුට විදෙස් තානාපතිධුර පිරිනැමීමට ඔස්ට්‍රේලියානු අගමැති මොරිසන් පියවර ගෙන තිබේ.
ඒ අනුව සන්නිවේදන කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය Mitch Fifield එක්සත් ජාතීන්ගේ නව ඔස්ට්‍රේලියානු තානාපති ලෙස පත් කර තිබේ.
මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදයේ ඔස්ට්‍රේලියානු තානාපති ලෙස කටයුතු කරන Joe Hockey ගේ නිල කාලය අවසන් වීමෙන් පසුව ලිබරල් සෙනට් සභික Arthur Sinodinos ඒ සඳහා පත් කෙරෙනු ඇත.


