2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නිල ක්‍රිකට් ජර්සිය නිර්මාණයවූ හැටි. (SBS සිංහල/ වීඩියෝ)

Sri Lanka Cricket official 2019 World Cup jersey

Source: Facebook

2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය මේ වන විට එංගලන්තයේදී ආරම්භ වී තිබේ.

මෙවර ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ජර්සිය ලෝක ක්‍රිකට් ඉතිහාසයට සුවිශේෂී මතකයක් එක් කරනු ලබන ජර්සියක් වී හමාරය.

එනම් එය සම්පූර්ණයෙන් නිමවා ඇත්තේ ඉවත දමන එක් වරක් පමණක් භාවිත කළ හැකි ප්ලාස්ටික් බෝතල් වලින් නිර්මාණය කරගත් යාන් වලිනි.

මේ සියලු ක්‍රියාවලිය ශ්‍රී ලංකාව තුළම සිදුකිරීම තවත් සුවිශේෂී කරුණකි.

ඉතිහාසයේ ප්‍රථම වරට ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ජර්සිය මෙසේ නිර්මාණය කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ MAS හෝල්ඩින් ආයතනය විසිනි.

2019 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා නිල ක්‍රිකට් ජර්සිය නිර්මාණයවූ ආකාරය පිළිබද එහි Executive -Environmental Sustainability ලෙස කටයුතු කරන උවිනි අතුකෝරාල සහ Manager – Merchandising (Sri Lanka Cricket) ලෙස කටයුතු කරන සංජීව බිටාර් සමග SBS සිංහල සේවය ගෙන එන  වීඩියෝව පහතින්.

Sri Lanka Cricket official 2019 World Cup jersey
Source: SBS Sinhala

1 min read

Published

By Madhura Seneviratne


Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now