ඇතැම් ප්‍රධාන රෝග සඳහා අවශ්‍ය ඖෂධ වෙත මිල සහන ලබාදීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉකමණින් ක්‍රියා නොකරන බවට 80% කටත් වඩා ඔස්ට්‍රේලියානුවාසීන් විශ්වාස කරන බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
SBS සිංහල Facebook පිටුව - www.facebook.com/sbssinhalese
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඇතැම් ඖෂධ මිලට ගැනීමට යාමේදී මේ බව වැටහුණු බව ඔවුන් එහිදී ප්‍රකාශ කර තිබේ.

ඖෂධ වල අධික මිල
වයස අවුරුදු 18 ක් වන කාන්තාවක් තම පිළිකා රෝගයට ප්‍රතිකාර සඳහා අදාළ ඖෂධ ලබාගැනීමට මසකට ඩොලර් 7,000 ක් පමණ වැයවන බව ප්‍රකාශ කර සිටියාය.
මේ පිළිබඳ තමන්ටද වාර්තාවූ බව Rare Cancers Australia හි සභාපති Richard Vines පැවසූ අතර තමන්ට කුමක් හෝ ආර්ථික සහනයක් ලබාගැනීමට හැකිදැයි එම කාන්තාව තම ආයතනයෙන්ද විමසා සිටි බව ඔහු පැවසුවේය.
Pharmaceutical Benefits වැඩසටහනේ අඩංගු නොවන මෙවැනි මිල අධික ඖෂධ සඳහා අධික බරපැනක් දරන බොහෝ පිරිසක් වත්මන් ඔස්ට්‍රේලියානු සමාජයේ සිටින බව එම කාන්තාව ඉන් අයෙක් බවත් Richard Vines වැඩි දුරටත් පැවසීය.
මෙම ආර්ථික බර දරාගැනීමට නොහැකිවීම නිසා බොහෝ රෝගීන් තම ප්‍රතිකාර අතරමගදී නවතා දමන බවටද තොරතුරු ලැබී ඇත.

සමීක්ෂණ ප්‍රතිඵල
Pharmaceutical Benefits වැඩසටහන සඳහා ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පූර්ණ වශයෙන් මුදල් වෙන් කළ යුතු බව මේ සම්බන්ධව පැවැත්වුණු Neilsen සමීක්ෂණයේ දී 87% ක් දෙනා පවසා තිබුණි.
Pharmaceutical Benefits වැඩසටහන පුළුල් පරාසයක ඖෂධ සඳහා ආර්ථික සහන ලබාදෙන බව 22% පමණක් විශ්වාස කරන බව ද හෙළිවිය.
ප්‍රධාන රෝග සඳහා අවශ්‍ය මිල අධික ඖෂධ මෙම වැඩසටහනට ඇතුළත් කළ යුතු බවට 82% ක් එහිදී පැවසීය.
මේ අතර අලුතෙන් සොයාගන්නා ඖෂධ ද හැකි ඉක්මණින් Pharmaceutical Benefits වැඩසටහනට ඇතුළත් කළයුතු බව Medicines Australia හි ප්‍රධානී Liz de Somer පැවසුවාය.
මිල අඩු ඖෂධ ඉතා ඉක්මණින් ලබාගැනීමට ඔස්ට්‍රේලියානුවාසීන්ට අවශ්‍ය බව මෙම සමීක්ෂණයෙන් පෙනීගොස් ඇති බව ද සඳහන්.

Pharmaceutical Benefits වැඩසටහන (PBS)
ඔස්ට්‍රේලියාව තුළ ක්‍රියාත්මක ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන හෙවත් The Pharmaceutical Benefits Scheme (PBS) ආරම්භ වූයේ 1948 වසරේ සීමාසහිත වැඩසටහනක් ලෙසය.
එමගින් විශ්‍රාමිකයන් හට නොමිලයේ ඖෂධ සහ අනෙක් උදවියට ලැයිස්තුගත ඖෂධ 139ක් නොමිලයේ ලබා දීමට කටයුතු කරනු ලැබීය.
ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන, ඔස්ට්‍රේලියානු රජයේ පුළුල් ජාතික ඖෂධ ප්‍රතිපත්තිය යටතේ ක්‍රියාත්මකය.
මෙම ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන යටතේ ඖෂධ සඳහා වැය වන මුදල රජය විසින් දරණ අතර ලැයිස්තුගත බොහෝ ඖෂධ, ඖෂධවේදීන් විසින් නියම කරනු ලබන ඒවා සහ නිවසේදී භාවිත කළ හැකි ඒවාවේ.
ඖෂධ ප්‍රතිලාභ වැඩසටහන හෙවත් The Pharmaceutical Benefits Scheme (PBS) සහ ඒ යටතේ ලයිස්තුගත ඖෂධ පිළිබඳ වැඩි විස්තර ඔබට http://www.pbs.gov.au/info/about-the-pbs වෙබ් ලිපිනයෙන් ලබා ගත හැක.


