පසුගිය දශක තුන පුරාවට සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසියෙකුගේ බර සැලකිය යුතු ප්‍රමාණයකින් වැඩිවී ඇති බව නවතම අධ්‍යනයකින් අනාවරණය වී තිබේ.
ඔස්ට්‍රේලියනුවාසීන්ගේ සිරුරේ බර සම්බන්ධව සිදුකළ මෙම අධ්‍යනයේ වාර්තාව Nature ජර්නලයේ පළවී තිබුණි.

ඔස්ට්‍රේලියනුවාසීන්ගේ ශරීර බර
1985 - 2017 කාල වකවානුව තුළ සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසී පිරිමියෙකුගේ බර කිලෝ ග්‍රෑම් 8කින්ද සාමාන්‍ය ඔස්ට්‍රේලියානුවාසී කාන්තාවකගේ බර කිලෝ ග්‍රෑම් 6 කින්ද වැඩිවී ඇති බව එම අධ්‍යනයෙන් අනාවරණය වී තිබේ.
රටවල සහ රාජ්‍ය 200 ක මිනිසුන් මිලියන 112 ක් පමණ අධ්‍යනය කිරීමෙන් අනතුරුව මෙම දත්ත අනාවරණය කරගෙන ඇති බව සඳහන්.
ඒ අනුව ජාත්‍යන්තරව ගත් කල සාමාන්‍ය වැඩුණු පුද්ගලයෙකුගේ බර ඉහත කාලය තුළ කිලෝ ග්‍රෑම් 5-6 අතර ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව හෙළිවී තිබේ.
ඔස්ට්‍රේලියාව දෙස බලන කල මෙය කැපී පෙනෙන බර වැඩිවීමක් බව ඔස්ට්‍රේලියාවේ හෘදය පදනමේ හෘද සෞඛ්‍ය පිළිබඳ සාමාන්‍යධිකාරී Bill Stavreski, SBS පුවත් වෙත පැවසීය.
වසර 30 කට පමණ පෙර ඔස්ට්‍රේලියානුවාසී පිරිමින් සහ කාන්තාවන් සාමාන්‍ය බරක් ඇති පුද්ගලයින් ලෙස වාසය කළ නමුත් අද වන විට ඔවුන් අධික බර ඇති පරාසයට අයත් වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.
මෙය ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය පද්ධතියට අධික පීඩනයක් සහ පිරිවැයක් එල්ල කරන කරුණක් වී ඇති බවත් අධික බර වැඩිවීම හෘදය රෝග වැනි නිධන්ගත රෝග ඇතිවීමට වැඩි අවදානමක් මතු කරන බවත් ඔහු පැහැදිලි කළේය.

ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සිරුරේ බර වැඩි වීමට හේතු
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර වල සිටින පුද්ගලයින්ගේ ශරීර බර ඔස්ට්‍රේලියාවේ ප්‍රදේශීය කලාප වල වාසය කරන පුද්ගලයින්ගේ සිරුරේ බරට වඩා වැඩි බව එම අධ්‍යනය අනාවරණය කරයි.
2011/12 - 2017/18 කාල පරාසය තුළ ශරීර බර වැඩිවූ නගර වාසී ඔස්ට්‍රේලියනුවන්ගේ ප්‍රතිශතය 25% ක් බවත් එය ප්‍රාදේශීය කලාප වල 5% ක් බවත් සඳහන්.
මෙලෙස ඔස්ට්‍රේලියානුවාසීන්ගේ සිරුරේ බර වැඩිවීමට ප්‍රධාන හේතු දෙකක් ඇති බව ඔස්ට්‍රේලියාවේ හෘදය පදනමේ හෘද සෞඛ්‍ය පිළිබඳ සාමාන්‍යධිකාරී Bill Stavreski, SBS පුවත් වෙත පැවසීය.
ඉන් එක් හේතුවක් වනුයේ එළවලු නිසි පරිදි ආහාරයට නොගැනීමය.
ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් 90% කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් තරම් එළවලු ආහාරයට නොගන්නා බව Bill Stavreski පැවසීය.
එමෙන්ම ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් 50% කට වැඩි ප්‍රමාණයක් ප්‍රමාණවත් තරම් පළතුරු ආහාරයට නොගන්නා බවද ඔහු පැවසීය.
ඊට අමතරව අවශ්‍ය ප්‍රමාණයට ඔස්ට්‍රේලියානුවාසීන් ශාරීරික ව්‍යායාම සිදු නොකරන බවද ඔහු පැහැදිලි කළේය.
මෙය වත්මන් ඔස්ට්‍රේලියාවේ තදින්ම වර්ධනය වන සෞඛ්‍ය ගැටළුවක් වී ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.


