එළඹෙන ජූලි 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ superannuation ක්‍රමයේ සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක වීමට නියමිතය.
මිලියන 3 ක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන්ට එම සංශෝධන සෘජුව බලපාන බව වාර්තා වේ.
මේ අතර superannuation අරමුදලක් සහිත ඔස්ට්‍රේලියානුවාසීන්ගෙන් අඩකටත් වඩා මෙම superannuation සංශෝධන පිළිබඳව නොදැනුවත් බවද අනාවරණය වී තිබේ.

ජූලි 01 වන දින සිදුවන superannuation සංශෝධන
ඔබගේ superannuation ගිණුම මාස 16 ක් පමණ අක්‍රියවී පැවතියහොත් ජීවිත සහ ආබාධිත රක්ෂණ අවලංගු වීමක් මෙම නව superannuation සංශෝධන මගින් සිදුවේ.
නමුත් එවැනි superannuation ගිණුම් හිමියන්ට තමන්ගේ superannuation ගිණුම් භාර ආයතන වලට කතාකොට එම ගිණුම් නව ක්‍රමයට අනියුක්ත කරන ලෙස ඉල්ලීමක් සිදුකළ හැකි බවද සඳහන්. එවිට ඉහත පරිදි රක්ෂණ මුදල් අහිමිවීමක් සිදුනොවනු ඇත.
එමෙන්ම superannuation ගිණුම්වල $6,000 කට වඩා අඩු ශේෂයක් හිමි පුද්ගලයින්ටද මෙම නව superannuation සංශෝධන බලපානු ලැබේ.
මේ හේතුවෙන් ඔස්ට්‍රේලියානුවාසීන් විශාල ප්‍රමාණයකට මෙම superannuation සංශෝධන බලපාන බව superannuation අරමුදල් සංගමයේ ප්‍රධාන විධාකයක නිලධාරී Martin Fahy, SBS පුවත් වෙත පැවසීය.
"මෙම සංශෝධන මිලියන 3කට අධික ඔස්ට්‍රේලියානුවාසීන් හට බලපාන අතර ජූලි 01 වන දින සිට ක්‍රියාත්මක වන මෙම සංශෝධන හරහා තමන්ගේ superannuation රක්ෂණයට මෙය සෘජුව බලපාන බව 53% ක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන් දන්නේ නැහැ" යනුවෙන් ඔහු පැහැදිලි කළේය.
හතරෙන් තුනක් පමණ ඔස්ට්‍රේලියානුවාසීන්ගේ superannuation අරමුදලට කුමන හෝ රක්ෂණ ක්‍රමයක් සම්බන්ධවී ඇති බවද ඔහු පෙන්වා දෙයි.
සංශෝධන හඳුන්වාදීමට හේතු
Superannuation ගිණුම් වල ඇති ශේෂය රක්ෂණ වාරික සහ රක්ෂණ ගාස්තු මගින් අනවශ්‍ය ලෙස කප්පාදු කිරීම (කපාගැනීම ) වැළක්වීමට මෙම නව superannuation සංශෝධන හඳුන්වා දුන් බව වාර්තා වේ.
නමුත් ජූලි 01 වන දිනට පෙරාතුව තම superannuation ගිණුම් පිළිබඳ නිසි පියවර නොගතහොත් ඇතැම් පුද්ගලයින්ට මෙම සංශෝධන අයහපත් ලෙස ද බලපානු ඇත.
සංක්‍රමණික පසුබිමක් සහිත පුද්ගලයින්, ප්‍රාදේශීය ප්‍රදේශ වල වාසය කරන හෝ දුර පළාත් වල වාසය කරන පුද්ගලයින්, දීර්ග වශයෙන් අසනීප වූ පුද්ගලයින් හෝ paternity නිවාඩු හිමි පුද්ගලයින් හට මෙම සංශෝධන අයහපත් ලෙස බලපෑමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසෙයි.
70% ක් පමණ පුද්ගලයින් තමන්ගේ ජීවිත රක්ෂණ ආවරණය තම superannuation අරමුදල හරහා සම්බන්ධ කර සිටින බවද ඔස්ට්‍රේලියාවේ superannuation අරමුදල් සංගමයේ ප්‍රධාන විධාකයක නිලධාරී Martin Fahy, SBS පුවත් වෙත පැවසීය.
මෙනිසාම ඔස්ට්‍රේලියාවේ superannuation අරමුදල් සංගමය, මුල්‍ය සේවා සභාව සමග එක්ව මෙම සංශෝධන පිලිබද දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන් දියත් කළේය.
බොහෝ superannuation අරමුදල් භාර ආයතන මේ සංශෝධන නිසා බලපෑමකට ලක්වන තම සේවා දායකයින්ව සම්බන්ධ කරගත් බව වාර්තා වේ.
www.timetocheck.com.au යන වෙබ් අඩවියට පිවිසීමෙන් ඔබට මෙම superannuation සංශෝධන බලපානවාද නැතිද යන්න තහවුරු කරගැනීමට හැකිවෙයි.


