SKIP TO MAIN CONTENT

ලොව සියලු පුද්ගලයින් සෑම සතියකම ක්‍රෙඩිට් කාඩ් එකක් ආහාරයට ගන්නා බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Plastic
Source: Getty Images

2 min read

Published

Updated

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

සෑම සතියකටම වරක් සාමාන්‍ය පුද්ගලයෙකු ඉතා කුඩා ප්‍රමාණයේ ප්ලාස්ටික් කැබලි 2000 ක් පමණ උකහා ගන්නා බව හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


එම ප්‍රමාණය ක්‍රෙඩිට් කාඩ් පතක ප්‍රමාණයකට සමාන බව පර්යේෂකයෝ අනාවරණය කරති.

Plastic
Source: AAP

ප්ලාස්ටික් ආහාරයට සහ බීමට ගැනීම

ලෝක වනජීවී අරමුදල විසින් මෙහෙයවූ Newcastle විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද නවතම අධ්‍යනයක් ඇසුරින් මෙම කරුණු අනාවරණය වී තිබේ.

ඒ අනුව ලොව වටා සිටින පුද්ගලයින් සතියකට වරක් මයික්‍රෝ ප්ලාස්ටික් ග්‍රෑම් 5 ක් ආහාරයට හෝ බීමට ගන්නා බව එම අධ්‍යනයේ "No Plastic in Nature" වාර්තාව පෙන්වා දෙයි.

එය වාර්ෂිකව ගත් කළ ග්‍රෑම් 250 කට වැඩි ප්‍රමාණයක් බවද ගණන් බලා ඇත.

මිනිසුන් මයික්‍රෝ ප්ලාස්ටික් උකහා ගැනීම සම්බන්ධ අධ්‍යන 50 කට අධික සංඛ්‍යාවකින් මේ සඳහා දත්ත ලබාගෙන තිබේ.

Plastic
Source: AAP

වැඩිපුරම ප්ලාස්ටික් උකහා ගැනෙන ප්‍රභව

මිනිස් සිරුරට අධික ලෙස ප්ලාස්ටික් උකහා ගැනෙන ප්‍රධානතම සහ විශාලතම ප්‍රභවය වන්නේ පානීය ජලය බව මෙම අධ්‍යනයේදී අනාවරණය වී තිබේ.

ලොව පුරා ඇති ප්ලාස්ටික් බෝතල් පානීය ජලය, ටැප් ජලය මෙන්ම පොළොව මතුපිට සහ භූගත ජලය තුළ ද ප්ලාස්ටික් අංශු සොයාගෙන ඇත.

ඊට අමතරව කබලු මත්ස්‍යයින්, බීර සහ ලුණු වලද අධික ලෙස ප්ලාස්ටික් අංශු අඩංගුවී ඇතැයි එහිදී අනාවරණය කෙරිණි.

ගෝලීය වශයෙන් ක්‍රියා කළ යුතුයි

මෙම සොයාගැනීම ඉතා බරපතල සිදුවීමක් බවත් මේ සඳහා ඉක්මන් සහ දැඩි අවධානය සෑම රජයක් විසින්ම යොමු කළ යුතු බවත් ලෝක වනජීවී අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් Marco Lambertini පැවසීය.

ප්ලාස්ටික් හේතුවෙන් සාගරය, සාගර ජීවීන් සහ අනෙකුත් ජලජ පරිසර මෙන්ම ජලජ ජීවීන් විනාශ වී යන පුවත් මෙතෙක් අප ඇසුවද දැන් එය මානව ප්‍රජාවටත් යොමුවී ඇති බව මෙයින් මනාව පැහැදිලි වන බව ඔහු පෙන්වා දුන්නේය.

එනිසාම මේ අර්බුදය විසඳීමට ගෝලීය වශයෙන් උපක්‍රම සහ පියවර ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

Newcastle විශ්ව විද්‍යාලයෙන් සිදුකළ මෙම අධ්‍යනයේදී ඇමෙරිකාවේ ජලය මිලිලීටර් 500 ක් තුළ ප්ලාස්ටික් කෙඳි 4.8 ක්ද ලෙබනනයේ ජලය මිලිලීටර් 500 ක් තුළ 4.5 ක්ද හමුවී තිබේ.

එම තත්ත්වය යුරෝපයේ සහ ඉන්දුනීසියාවේ 1.9 ක් බවද වාර්තා වේ.

වසර 2000 පටන් ලොව පුරා දැවැන්ත ලෙස ප්ලාස්ටික නිෂ්පාදනය ඇරඹුණු අතර එය අවසානයේ ස්වභාවික පරිසරයට එකතුවීමෙන් දැඩි හානිකර තත්ත්ව මතුකරන්නට විය.

වසර 2016 දී ප්ලාස්ටික් අපද්‍රව්‍ය ටොන් මිලියන 100 ක් පමණ ස්වභාවික පරිසරයට එකතුවූ බව සඳහන්.

මිනිසුන් වශයෙන් අපගේ සිරුරු වලට ප්ලාස්ටික් උකහා ගැනීම වැළක්වීමට අවශ්‍ය නම් ස්වභාවික පරිසරයට ප්ලාස්ටික් එකතුවීම වහාම නැවැත්විය යුතු බව ලෝක වනජීවී අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් Marco Lambertini පැවසීය.

Plastic
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now