ඔස්ට්‍රේලියාවේ අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි අංශ කොමිසමේ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සංසන්දනය කිරීමේදී වික්ටෝරියා ප්‍රාන්තවාසීන් අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කරන බව පෙනී ගොස් තිබේ.

වික්ටෝරියා ප්‍රාන්තයේ මත්ද්‍රව්‍ය භාවිතය
ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි අංශ කොමිසමේ Wastewater Drug Monitoring වැඩසටහනේ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාවේ අධිකතම හෙරොයින් භාවිතා කරන්නන් බවට නාගරික වික්ටෝරියානුවාසීන් පත්වී ඇති අතර අධිකතම MDMA සහ oxycodone භාවිතා කරන්නන් ලෙස ප්‍රාදේශීය කලාපවල වික්ටෝරියානුවාසීන් පත්වී ඇත.
එමෙන්ම ප්‍රාදේශීය කලාප වල දෙවැනියට බහුලවම හෙරොයින් භාවිතා කරන ප්‍රාන්තය ලෙසද වික්ටෝරියා ප්‍රාන්තය පත්ව ඇත.

ඔස්ට්‍රේලියාවේ බහුලව භාවිතා කෙරුණු මත්ද්‍රව්‍ය
Wastewater Drug Monitoring වැඩසටහනේ නවතම දත්ත වලට අනුව ඔස්ට්‍රේලියාව පුරාම බහුලව භාවිතා කරන මත්ද්‍රව්‍ය ලෙස methylamphetamine වාර්තාවේ.
2018 අගෝස්තු මාසයෙන් අවසන් වූ වසර තුළ methylamphetamine කිලෝග්‍රෑම් 9,847 ක් ඔස්ට්‍රේලියාව පුරාම භාවිත කර ඇති බව එම දත්ත පවසයි.
ඔස්ට්‍රේලියාව තුළ දෙවනියට බහුලවම භාවිතා කෙරුණු මත්ද්‍රව්‍ය ලෙස cocaine වාර්තා වන අතර එම ප්‍රමාණය කිලෝග්‍රෑම් 4,115 ක් වේ.
MDMA මෙම ලැයිස්තුවේ තුන්වන ස්ථානයට පත්ව ඇත්තේ ඔස්ට්‍රේලියාව පුරාම කිලෝග්‍රෑම් 1,162 ක් භාවිත කිරීමෙනි.
ඊට පෙර වසර වලට සාපේක්ෂව cocaine සහ methylamphetamine භාවිත කළ ප්‍රමාණය පසුගිය වසරේදී ඉහළ ගොස් ඇති බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ මත්ද්‍රව්‍ය භාවිතය ප්‍රාන්ත වශයෙන්
ඔස්ට්‍රේලියාවේ cocaine භාවිතය අධිකවම වාර්තා වී ඇත්තේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙනි.
අධිකවම fentanyl භාවිත කරන ප්‍රාන්ත ලෙස ක්වීන්ස්ලන්ත්ය සහ දකුණු ඔස්ට්‍රේලියාව වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ අධිකවම ඇල්කොහොල් සහ නිකොටීන් භාවිත කරන ප්‍රාන්තය ලෙස Northern Territory වාර්තා වේ.
methylamphetamine අධිකවම භාවිත කරන ප්‍රාන්තය ලෙස බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය නම් දරා තිබේ.
MDMA, oxycodone, fentanyl සහ කංසා අධිකවම භාවිතා කරන ප්‍රාන්තය ලෙස ටස්මේනියා ප්‍රාන්තය වාර්තා වේ.

බරපතල අවධානය යොමු කළ යුතු සිදුවීමක්
නීති විරෝධි මත්ද්‍රව්‍ය අධිකව භාවිතා කිරීමට ඔස්ට්‍රේලියානුවාසීන් බරපතල ලෙස යොමුවී ඇති බව මෙම දත්ත හරහා පෙනී යන බව ඔස්ට්‍රේලියානු අපරාධ බුද්ධි අංශ කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරී Michael Phelan පැවසුවේය.
මෙම වැඩසටහනට අනුව නිකොටීන් සහ ඇල්කොහොල් භාවිතය තවමත් අධික මට්ටමේ පවතින බවද සඳහන්.
එමෙන්ම ලොව පුරා අධිකවම භාවිතා වන නීති විරෝධි මත්ද්‍රව්‍ය ලෙස ice මත්ද්‍රව්‍ය හඳුනාගෙන ඇත.
මේ අතර amphetamine, methylamphetamine, cocaine සහ MDMA භාවිතයේදී ඔස්ට්‍රේලියාව ලොව දෙවැනි තැනට පත්ව තිබේ.
එම මත්ද්‍රව්‍ය වැඩිපුරම භාවිතා කරන ලොව අංක එකේ රට බවට පත්ව ඇත්තේ ඇමෙරිකාවය.
SBS සිංහල සේවය


