ඔස්ට්‍රේලියාවේ වෙසෙන සුළුතරයක් කාන්තාවන් හෘද වාහීනී රෝග වලින් මියයන නමුත් බහුතරයක් තරුණ කාන්තාවන් strokes හෙවත් ආඝාතයෙන් පීඩා විඳින බවත් වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
එමෙන්ම ආඝාතය බොහෝ තරුණ කාන්තාවන්ගේ මරණ වලට වගකියන ප්‍රධාන සාධකයක් බවද සඳහන්.

ඔස්ට්‍රේලියාවේ කාන්තාවන්ගේ හෘද රෝග
සමස්තයක් ලෙස ඔස්ට්‍රේලියාවේ කාන්තාවන් හෘදයාබාධ, ආඝාතය ඇතුළු හෘද වාහීනී රෝග වලින් මිය යාමේ ප්‍රවණතාව පහළ බැස ඇති නමුත් එම රෝගී තත්ත්ව හේතුවෙන් බොහෝ තරුණ කාන්තාවන් රෝහල්ගත කරන බව පෙනී ගොස් තිබේ.
2017-18 කාලයේදී 510,000 ක් පමණ කාන්තාවන්ට හෘද වාහීනී රෝග හටගත් බවත් තරුණ කාන්තාවන්ගේ මරණ වලින් තුනෙන් එකකට පමණ මේ තත්ත්වය බලපෑ බවත් ඔස්ට්‍රේලියානු කාන්තාවන්ගේ හෘද වාහීනී රෝග පිළිබඳ ජාතික වාර්තාවේ දැක්වෙයි.
නමුත් එම වාර්තාවේ යම් සාධනීය ප්‍රවණතා ද අනාවරණය කර ඇත.
2001 2සහ 2016 වසර අතරේ ඔස්ට්‍රේලියාවේ වෙසෙන කාන්තාවන්ගේ හෘදයාබාධ හෝ පපුවේ රිදුම් 57% කින් පමණ අඩුවී ඇති බව එම වාර්තාව පෙන්වා දෙයි.
හෘද වාහීනී රෝග හරහා හෘදයට මෙන්ම රුධිර වාහිනී වලට සෘජු බලපෑමක් එල්ල කරන අතර කිරීට හෘදය රෝග, ආඝාතය වැනි තත්ත්ව වලට අතවනයි.
2016 තෙක් ගෙවුණු දශකය තුළ හෘදය රෝග හේතුවෙන් රෝහල්ගත කළ කාන්තාවන්ගේ ප්‍රතිශතය ද පහළ වැටී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.
නමුත් වයස අවුරුදු 25-34 අතරේ කාන්තාවන් රෝහල්ගත කිරීම් 11% කින්ද වයස අවුරදු 35-44 අතරේ කාන්තාවන් රෝහල්ගත කිරීම් 4.7% කින්ද ඉහළ ගොස් තිබේ.
මේ අතර වසර 2001 - 2015 අතරේ සමස්ත කාන්තාවන්ට ආඝාතය ඇතිවීමේ තත්ත්වය 25% කින් ඉහළ ගොස් ඇති නමුත් වයස අවුරුදු 35-44 අතරේ කාන්තාවන් හට ආඝාතය ඇතිවීමේ තත්ත්වය 16% කින්ද වයස අවුරදු 45-54 අතරේ කාන්තාවන් හට ආඝාතය ඇතිවීමේ තත්ත්වය 12% කින්ද ඉහළ ගොස් තිබේ.

තවත් පර්යේෂණ අවශ්‍යයි
මේ තත්ත්වය පිළිබඳ නිසි නිගමනයන් වලට එළඹීමට තවත් පර්යේෂණ සිදුකිරීම අවශ්‍ය බව සෞඛ්‍ය හා සුබසාධනය පිළිබඳ ඔස්ට්‍රේලියානු ආයතනයේ නියෝජිත Miriam Lum On පවසයි.
නමුත් හෘද වාහීනී රෝග වලට සිදුකරන ප්‍රතිකාර පිළිබඳ මෙන්ම හෘද වාහීනී රෝග වලින් මිදෙන්නේ කෙසේදැයි ඔස්ට්‍රේලියාවේ වෙසෙන බොහෝ කාන්තාවන් දැනුවත්වී සිටින බව ඇය පෙන්වා දෙයි.
ඒ අතරේ කාන්තාවන් අතරේ දුම්පානය පහත බැසීමද වඩා යහපත් තත්ත්වයක් බව පෙනී ගොස් ඇතැයි ඇය පවසයි.
හෘද වාහීනී රෝග සඳහා බලපාන මූලික සාධක ලෙස දුම්පානය, ඉහළ ප්‍රමාණ වලින් ඇල්කොහොල් භාවිතය, ව්‍යායාම අඩුකම, අධික රුධිර පීඩනය සහ ස්ථුලතාව දැක්වේ.
නමුත් හෘද වාහීනී රෝග විශාල වශයෙන් වළක්වාගැනීමට සහ ප්‍රතිකාර කිරීමට හැකි රෝගී තත්ත්වයක් බවත් සෞඛ්‍ය බලධාරීන් පවසයි.


