SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාව තුළ antibiotics නිර්දේශ කිරීමේ පටිපාටිය සංශෝධනය කිරීමට ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් ගේ අවධානය. (SBS සිංහල/වාර්තා)

antibiotics
medicines Source: AAP

1 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාව තුළ antibiotics හෙවත් ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමේ පටිපාටියේ සංශෝධනයක් කිරීමට මේ වසරේදී ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් අවධානය යොමු කර තිබේ.

superbugs හෙවත් ප්‍රතිජීවක සඳහා ප්‍රතිචාර නොදක්වන බැක්ටීරියාවන් වැළක්වීමේ අරමුණින් මෙම පියවර ගැනීමට සූදානම් වන බව සඳහන්.

antibiotics
Source: Getty Images

ප්‍රතිජීවක ඖෂධ නිර්දේශ කිරීමේ පටිපාටියේ සංශෝධන

වෛද්‍යවරුන් විසින් නිර්දේශිත ඖෂධ සීමා කිරීම හෝ අර්ධ වශයෙන් ඒවා නැවත ක්‍රියාත්මක කිරීම මෙහි එක් විකල්පයක් ලෙස පෙන්වා දී තිබේ.

මෙම වසර අග භාගයේදී එළිදැක්වීමට නියමිත මෙම අර්බුදය පිළිබඳ නිර්දේශ සහිත Pharmaceutical Benefits උපදේශක කොමිටියේ වාර්තාවට අනුව එය පැහැදිලි කර ඇතැයි සඳහන්.

ඔස්ට්‍රේලියාවේ නිර්දේශ කරනු ලබන ප්‍රතිජීවක ඖෂධ වලින් හරි අඩක් පමණම නිකුත් කරනුයේ නැවත නැවත භාවිතා කිරීමේ ක්‍රමයක් සහිතවය.

නමුත් ඒවා හරහා ක්ෂුද්‍ර ජීවින් නසනු ලබන antimicrobial සඳහා ප්‍රතිරෝධය දැක්වීමක් සුළු වශයෙන් දක්නට ලැබුණු බව පසුගිය මාසයේදී පළවූ වාර්තාවක සඳහන් විය.

එසේ ප්‍රධාන ප්‍රතිජීවක ඖෂධ සඳහා ප්‍රතිරෝධය දක්වන බැක්ටීරියා අතර E. coli, Salmonella, Neisseria gonorrhoeae සහ Neisseria meningitidis ප්‍රධාන තැනක් ගන්නා බව වාර්තා වේ.

ඇතැම් ක්ෂුද්‍ර ජීවීන් last-resort treatments හෙවත් අවසන් අදියරේ ප්‍රතිකර්ම සඳහා ද ප්‍රතිරෝධයක් දක්වන බව සෞඛ්‍ය සේවා හි ආරක්ෂක සහ තත්ත්ව වාර්තාව හඳුනාගෙන තිබේ.

ඔස්ට්‍රේලියාවේ anti-microbial ප්‍රතිරෝධතා ක්‍රමෝපායන් සෑම පස් වසරකටම වරක් සමාලෝචනය කෙරේ.

antibiotics
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now