ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කළ හැකි දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන ලැයිස්තු ද්විත්වය අදින් (01/07) ආරම්භ වූ නව මුල්‍ය වර්ෂය සඳහා යාවත්කාලීන කිරීම ආරම්භ වී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
මේ පිළිබඳව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවියේ වාර්තා කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියානු රැකියා ලැයිස්තු යාවත්කාලීන කිරීම
සාමාන්‍යයෙන් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන ලැයිස්තු ද්විත්වය සෑම මුල්‍ය වර්ෂයක් ආරම්භයේදී මෙන්ම මුල්‍ය වර්ෂය ආරම්භ වී මාස 6 ක් හෝ 8 ක් ගතවූ තැන ප්‍රධාන වශයෙන් යාවත්කාලීන කිරීම් සිදු කෙරේ.
ඒ අනුව 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා වන දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ රැකියා ලැයිස්තුවල Accommodation and Hospitality Managers nec (ANZSCO 141999) යන වෘත්තීය Low Availability හෙවත් අඩු උපයෝජ්‍යතාවක් සහිත වෘත්තියක් ලෙස නම් කර තිබේ.
මීට අමතරව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ශ්‍රම වෙළෙඳපොළ සහ ඔස්ට්‍රේලියානු ජාතික සංක්‍රමණික වැඩසටහනට අනුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන ලැයිස්තු වල සෙසු වෘත්තීන් සහ ඒවායේ කෝටාවන් තීරණය කිරීමට නියමිත බව වාර්තා වේ.
පසුගිය පෙබරවාරි මාසයේදී දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) ලැයිස්තුවට පහත වෘත්තීන් අලුතින් එක් කරනු ලැබීය.

ඊට අමතරව State Nominated Occupation List (SNOL) ලැයිස්තුවේ පහත සඳහන් වෘත්තීන් සඳහා "විශේෂ කොන්දේසි" ඉවත් කිරීමටද දකුණු ස්ට්‍රේලියාවේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව කටයුතු කළේය.

දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන තාවකාලිකව වසා දැමෙයි
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන සඳහා අයදුම්පත් බාරගැනීම ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් පසුගිය ජුනි 24 වන දින පෙරවරු 9 සිට වසා දැමුණු බව දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ 190 සහ 489 යන වීසා ඛාණ්ඩ සඳහා අයදුම්පත් 2019 ජුනි 24 වන දින පෙරවරු 9 න් අනතුරුව බාර නොගනී.
දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන මෙලෙස වසා දැමුනේ එළඹෙන නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනේ සමස්ත පද්ධතියම යාවත්කාලීන කිරීම සඳහා බව වාර්තා වේ.
මෙසේ තාවකාලිකව වසා දැමුණු මෙම නිපුණතා සංක්‍රමණික වැඩසටහන මෙම මාසයේදී නැවත විවෘත කරන බව ද දකුණු ඔස්ට්‍රේලියානු සංක්‍රමණික කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය සඳහන් කරයි.
නමුත් එලෙස විවෘත කරන නිශ්චිත දිනයක් තවමත් ප්‍රකාශයට පත්කොට නොමැත.


