ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉතා වැඩිය යන මතය දරනු ලබන ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය පසුගිය වසරට සාපේක්ෂව පහළ ගොස් ඇති බව නවතම සමීක්ෂණයකින් හෙළිවී තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන සහ ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය පිළිබඳ Lowy ආයතනය සිදුකළ නවතම සමීක්ෂණයේදී මේ බව අනාවරණය විය.

සමීක්ෂණ ප්‍රතිඵල
වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉතා වැඩිය යන මතය දරනු ලබන ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය මෙවර 47% ක් බවට වාර්තා වේ.
එම ප්‍රතිශතය පසුගිය වසරේ සටහන් වුයේ 54% ක් ලෙසටය.
2017 වසරේදී එම ප්‍රතිශතය 40% ක් ලෙසද 2014 වසරේදී එය 37% ක් ලෙසද වාර්තා විය.
ඒ අනුව වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉතා වැඩිය යන මතය දරනු ලබන ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය 2017 වසරට සාපේක්ෂව මෙවර 10% කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය සාධනීය මට්ටමේ පවතින බව මෙවර 40% ක ප්‍රතිශතයක් පවසා ඇත.
එය ඉතා යහපත් තත්ත්වයක් බව Lowy ආයතනය පවසයි.

මීට අමතරව 13% ක ප්‍රතිශතයක් වාර්ෂිකව ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉතා අඩු මට්ටමක පවතින බව මෙවර පවසා තිබේ.
මේ අතර ඔස්ට්‍රේලියාව ශක්තිමත් කිරීමට සංක්‍රමණිකයින් දැඩිව ඉවහල් වන බව තුනෙන් දෙකක ඔස්ට්‍රේලියානුවාසීන් පවසා ඇත.
නමුත් සංක්‍රමණිකයින් විසින් ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා උදුරා ගැනීමක් සිදුකරන බව තවත් 40% ක් පවසා තිබේ.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර අධික ජනගහනයෙන් යුක්ත බවට 70% ක් දෙනා සිතන බව ද මෙහිදී හෙළිවිය.

තරුණ ඔස්ට්‍රේලියානුවාසීන් සංක්‍රමණිකයින් පිළිබඳව ධනාත්මකයි
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණිකයින් පිළිබඳව තරුණ ඔස්ට්‍රේලියානුවාසීන් ඉතා ධනාත්මක බව මෙවර සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ.
වයස අවුරුදු 18 ත් 29 ත් අතර වියෙහි පසුවන තරුණ පිරිසෙන් ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ප්‍රමාණය ඉතා ඉහළ බව පවසා ඇත්තේ 20% ක ප්‍රතිශතයක් පමණි.
නමුත් එම මතයේ සිටින වයස අවුරුදු 30 ට වැඩි පිරිස 53% ක ප්‍රතිශතයක් බවද හෙළිවී ඇත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සුබ සාධන පද්ධතිය සංක්‍රමණික ජනතාව විසින් විනාශ කර දමන බවට වයස අවුරුදු 45 ට වැඩි පිරිසෙන් 60% කට ආසන්න ප්‍රතිශතයක් සිතන බවද මෙවර අනාවරණය විය.
නමුත් වයස අවුරුදු 18 ත් 45 ත් අතර පිරිසෙන් එම මතය දරන්නේ 35% ක් පමණි.


