SKIP TO MAIN CONTENT

ඔස්ට්‍රේලියාවේ සේවකයින්ට වැස්සේදී සහ අධික ශීතලේදී සියලු වැඩ නවත්වා පඩි සහිතව ගෙදර යාමට හැකි බව දන්නවාද? (SBS සිංහල/වාර්තා)

Work Rights
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

ඔස්ට්‍රේලියාවට ශීත කාලය එළඹීමත් සමග නිරතුරුවම වැසි සහිත කාලගුණයක් අපේක්ෂා කළ හැකිය.

අධික ශීතල හෝ වැසි සහිත වේලාවලදී වුවද ඇතැම් රැකියා කිරීමට සිදුවේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් අධික ශීතල ඇතිවිටෙක හෝ වැසි සහිත වේලාවකදී ඔස්ට්‍රේලියානු සේවකයින්ට වැඩ නතරකර නිවෙස් බලා යාමට ඉඩ ඇති බව ඔබ දන්නවාද?

Work Rights
Source: Flickr

අධික ශීතල සහ වැස්ස

ඔස්ට්‍රේලියාවේ එළිමහනේ රාජකාරී කටයුතු කරන සේවකයින්ට මෙම ශීත කාලයේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 1 දක්වා අඩුවූ විට හෝ වැසි පතිත වන විට තමන්ගේ රාජකාරී එතැනින් නිමා කර නිවෙස් බලා යාහැකි බව dailymail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

අයහපත් කාලගුණය මිනිස් ජීවිත අවදානම් තත්ත්ව වලට හෙළයි. විශේෂයෙන්ම එළිමහනේ රාජකාරී කටයුතු සිදුකරන සේවකයින්ට මේ අවදානම ඉතා ඉහළ වේ.

dailymail පුවත් වෙබ් අඩවියට අනුව ඔස්ට්‍රේලියාවේ යම් සේවකයෙකු වැස්සෙදී හෝ හේල්, අධික සුළං හෝ අධිකතම ශීතල තත්ත්ව වලදී එළිමහනේ රාජකාරී කිරීම Fair Work කොමිසම පවසන පරිදි ආරක්ෂකාරී නොවෙයි.

2010 Building and Construction award විධිවිධානයට අනුව වර්ෂාව සහිත කාලගුණය හේතුවෙන් රාජකාරී කටයුතු අවලංගු වුවහොත් සති 4 ක කාලයකට පැය 32 ක් දක්වා වැටුප් ලබාගැනීමට අයිතියක් ඇති බවද වාර්තා වේ.

වර්ෂාව ආරම්භවූ විටෙක එළිමහනේ රාජකාරී කරන සේවකයින්ට තම රාජකාරී කටයුතු නවත්වා දමා හෙවනකට පැමිණීමට සියලු අයිතිවාසිකම් ඇති බව Safe Work Australia ද පවසයි.

නමුත් අයහපත් කාලගුණයෙන් ආරක්‍ෂිත ලෙස ආවරණය කළ ස්ථාන වල සේවය කරන විට මේ නීති අදාළ නොවේ.

Work Rights
Source: Flickr

දෙගුණයක් පඩි සහ වැඩිපුර විවේක

වර්ෂාව පතනය වන විට අදාළ රාජකාරී කටයුතු කෙසේ හෝ නිම කිරීමට ඇති අවස්තාවකදී කොන්ක්‍රීට් මිශ්‍රණ සම්බන්ධ කටයුතු කරන සේවකයින් හට දෙගුණයක වැටුප් ගෙවිය යුතු බව Construction, Forestry, Maritime, Mining and Energy වෘත්තීය සමිතිය පවසයි.

මේ අතර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට සෞඛ්‍ය සහ ආරක්ෂණ නියාමන වෙනස් වන හෙයින් තම ප්‍රාන්තයට අදාළ නීති පිළිබඳ අවබෝධයෙන් සිටීම වඩා යෝග්‍ය වේ.

OHS නියාමන වලට අනුව සෙල්සියස් අංශක 4 ත් 1ත් අතර උෂ්ණත්වය ඇති දිනෙක නිවාස හා ඉදිකිරීම් ක්ෂේත්‍රයට සම්බන්ධ වැඩ කරන සේවකයන්ට (tradesman) සෑම පැයකටම මිනිත්තු 30 ක විවේකයක් ලබාගැනීමට අයිතිය ඇත.

එමෙන්ම සෙල්සියස් 7ත් 4ත් අතර උෂ්ණත්වය ඇති දිනෙක සෑම පැයකටම මිනිත්තු 20 ක විවේකයක් ද සෙල්සියස් 9ත් 7ත් අතර උෂ්ණත්වය ඇති දිනෙක සෑම පැයකටම මිනිත්තු 10 ක විවේකයක් ද ඔවුන්ට ලබාගත හැකිය.

Work Rights
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now