SKIP TO MAIN CONTENT

2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ නව රැකියා ලැයිස්තු මෙන්න. (SBS සිංහල/වාර්තා)

South Australia State Nominated Occupations
Source: Flickr

2 min read

Published

Updated

By Madhura Seneviratne


Skip to article content

පසුගිය ජූලි 01 වන දිනෙන් ආරම්භ වූ ඔස්ට්‍රේලියාවේ 2019/20 නව මුල්‍ය වර්ෂය සඳහා දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ State Nominated Occupation List (SNOL) සහ Supplementary Skilled List (SSL) යන නව රැකියා ලැයිස්තු ද්විත්වය මේ වන විට ප්‍රකාශ කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කළ හැකි මෙම නව රැකියා ලැයිස්තු පිබඳව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව සිය නිල වෙබ් අඩවියේ වාර්තා කර ඇත.

South Australia State Nominated Occupations
Source: Flickr

State Nominated Occupation List (SNOL)

ඔස්ට්‍රේලියාවේ සාමාන්‍ය නිපුණතා සංක්‍රමණික වැඩසටහන (General Skilled Migration program) යටතේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත රජයේ නිර්දේශිත වීසා වැඩසටහනට (state nomination in South Australia) අයදුම් කිරීමට SNOL හරහා සිදුකළ හැකිය.

ඒ සඳහා ඔබගේ නිපුණතාවට ගැලපෙන වෘත්තියක් මෙම ලැයිස්තුවේ අඩංගු විය යුතුය.

ඒ සඳහා වැඩි විස්තර මෙතනින් ලබාගත හැකිය.

මෙම රැකියා ලැයිස්තුව දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ උපාධිධාරීන් ඇතුළුව සියලු අයදුම්කරුවන් සඳහා විවෘත වේ.

SNOL ලයිස්තුවේ රැකියා 275 ක් මෙවර අඩංගු කර තිබේ.

2019/20 නව SNOL රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගන්න.

South Australia State Nominated Occupations
Source: Flickr

Supplementary Skilled List (SSL)

SNOL රැකියා ලැයිස්තුවේ අඩංගු නොවන වෘත්තීන් SSL රැකියා ලැයිස්තුවේ අඩංගු කර ඇත.

මේ සඳහා අයදුම් කිරීමට ඔබ සුදුසුකම් ලබන්නේ දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ආගමන කටයුතු දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කළ අමතර සුදුසුකම් සැපිරීමෙන් පමණක් බවද ප්‍රාන්ත රජය වාර්තා කරයි.

එම අමතර සුදුසුකම් පිළිබඳ පූර්ණ විස්තර මෙතනින් ලබාගන්න.

මෙවර SSL ලයිස්තුවේ රැකියා 223 ක් අඩංගු කර තිබේ.

2019/20 නව SSL රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගන්න.

South Australia State Nominated Occupations
Source: SBS Sinhala


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now