නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Regional Migration වැඩසටහනට සංශෝධන කිහිපයක්. (SBS සිංහල/වාර්තා)

Skilled Regional Migration

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක 489 වීසා උප ඛාණ්ඩය වන Skilled Regional (Provisional) වීසා එළඹෙන නොවැම්බර් මාසයේ සිට Subclass 491 Skilled Work Regional (Provisional) වීසා හරහා ප්‍රතිස්ථාපනය වන බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ කර තිබේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ විවිධ ප්‍රාන්ත හා ටෙරටරි වල ප්‍රාදේශීය කලාප වල රැකියා කිරීම සඳහා නිර්මාණය කළ වීසා වර්ගයක් ලෙස Skilled Regional (Provisional) වීසා හැඳින්වේ.

Skilled Regional Migration
Source: SBS

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Regional Migration වැඩසටහන සඳහා සංශෝධන

ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සංක්‍රමණික ප්‍රතිපත්ති සංශෝධනය මෙන්ම නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සංක්‍රමණික ප්‍රතිපත්ති මත නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Regional Migration වැඩසටහන සඳහා සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂිත බව වාර්තා වේ.

එළඹෙන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන Subclass 491 Skilled Work Regional (Provisional) වීසා සඳහා වසර 5 ක් යනතුරු අදාළ කලාපයේ රැකියා කරමින් වාසය කළ යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නව කොන්දේසි පැනවීමට යයි.

අදාළ අයදුම්කරුවන් හට ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමිවීමෙන් අනතුරුව ඔවුන් ප්‍රාදේශීය කලාප අතහැර ප්‍රධාන නගර වෙත පැමිණීම වළක්වාලීමට මෙම කොන්දේසිය පනවා ඇති බව පෙනේ.

කෙසේවෙතත් සිඩ්නි කලාපයෙන් පිටත පිහිටි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සියලු ප්‍රාදේශීය කලාප සඳහා එය දැන් සිට අවම වශයෙන් ප්‍රථම වසර 3 දක්වා ක්‍රියාත්මක කිරීමට සූදානම් බව වාර්තා වේ.

Skilled Regional Migration
Source: Getty Images

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Regional (Provisional) වීසා වැඩසටහන

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled Regional (Provisional) වීසා වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනුයේ NSW Department of Industry works හා නිව් සවුත් වේල්ස් Regional Development Authorities (RDA) committees යන ආයතන දෙක ඒකාබද්ධව ය.

ඒ අනුව නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පහත සඳහන් ප්‍රාදේශීය කලාප 9 ක එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

  • Central West
  • Far South Coast
  • Mid North Coast
  • Murray
  • Northern Inland
  • Northern Rivers
  • Orana
  • Riverina
  • Southern Inland
Skilled Regional Migration
Source: SBS

නිපුණතා සංක්‍රමණික වීසා ධාරාවේ ලකුණු ක්‍රමයේ වෙනස්කම්

මේ වසරේ අග භාගයේදී හඳුන්වා දීමට නියමිත  491 නව වීසා උප ඛාණ්ඩය ඇතුළුව 489,189 සහ 190 යනාදී සියලු නිපුණතා සංක්‍රමණික (General Skilled Migration) වීසා සඳහා අදාළ වන ලකුණු ක්‍රමයේ වෙනස්කම් කිහිපයක් කිරීමට  ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තීරණය කර ඇත.

මෙම සංශෝධන බොහෝ විට එළඹෙන නොවැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට අදහස් කර සිටින බව සඳහන්.

මෙම සංශෝධිත නව ලකුණු ක්‍රමයට අනුව සහකරුවන් සිටින අයදුම්කරුවන්ට සහ තනිකඩ අයදුම්කරුවන්ට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් පිරිනැමීමට මධ්‍යම රජය අදහස් කර සිටින අතර සහකරුවාගේ හෝ සහකාරියගේ ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණත්වය අනුව තවත් අමතර ලකුණු හිමිවෙයි.

Skilled Regional Migration
Source: Getty Images

නව ලකුණු

ඔස්ට්‍රේලියාවේ ප්‍රාදේශීය කලාපයක වාසය කරමින් රැකියා කිරීමට එකඟ වීම මත ඔස්ට්‍රේලියාවේ යම් ප්‍රාන්ත හෝ ටෙරිටරි රජයක් මගින් හෝ ප්‍රාදේශීය කලාපයක වාසය කරන පවුලේ සාමාජිකයෙකු විසින් අනුග්‍රහය දැක්වීම - ලකුණු 15

සහකරුගේ හෝ සහකාරියගේ නිපුණතාව (අධ්‍යාපන සුදුසුකම්) ඔස්ට්‍රේලියානු ඇගයීම් වලට වලංගුතාවක් දැක්වීම - ලකුණු 10

විශේෂිත වූ විද්‍යා, තාක්ෂණික, ඉංජිනේරු සහ ගණිතය (STEM) අධ්‍යාපනික සුදුසුකම් සඳහා - ලකුණු 10

සහකරුගේ හෝ සහකාරියගේ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණත්වයට (competent English) - ලකුණු 5

සහකරුවෙකු හෝ සහකාරියෙකු නොමැති ප්‍රධාන අයදුම්කරුවන්ට - ලකුණු 10

Skilled Regional Migration
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now