ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ Skilled nominated migration වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මේ වන විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය ප්‍රකාශයට පත් කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
190 වීසා උප ඛාණ්ඩය යටතේ මේ සඳහා අයදුම් කළ හැකිය.

නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දෙන ජාතික මට්ටමේ නිපුණතා සංක්‍රමණික වැඩසටහනට අමතරව විවිධ ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින්ද ඒ ඒ රජයන් නිපුණතා සංක්‍රමණික වැඩසටහන් ක්‍රියාත්මක කරයි.
ජාතික මට්ටමේ නිපුණතා සංක්‍රමණික වැඩසටහන ට අනුකූලව අදාළ ලකුණු සංඛ්‍යාව සම්පූර්ණ කිරීමෙන් ඔබට 189 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකි අතර ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින් ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි රජයන්ගේ නිර්දේශ මත 190 වීසා උප ඛාණ්ඩය හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට අයදුම් කළ හැකිය.
එලෙස ප්‍රාන්ත හා ටෙරටරි රජයන්ගේ නිර්දේශ මත 190 වීසා උප ඛාණ්ඩය හරහා ක්‍රියාත්මක වන ජනප්‍රියතම සහ විශාලතම නිපුණතා සංක්‍රමණික වැඩසටහන ලෙස නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන හැඳින්වේ.

2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated රැකියා ලැයිස්තුව
2019-20 මුල්‍ය වර්ෂය සඳහා ප්‍රකාශිත නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනේ රැකියා සහ වෘත්තීන් 186 ක් අඩංගු වේ.
එමෙන්ම මෙම වසරේ පටන් එක් එක් රැකියාව සහ වෘත්තීය ට අදාළ කෝටාවේ ඉල්ලුම පදනම් කරගනිමින් Availability හෙවත් උපයෝජ්‍යතා මට්ටම ද ප්‍රදර්ශනය කිරීමට නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත රජය කටයුතු කර තිබේ.
ඒ අනුව සෑම රැකියාවකටම සහ වෘත්තීයකටම අදාළ කෝටාවේ උපයෝජ්‍යතා මට්ටම Low, Limited, Medium සහ High යනුවෙන් සඳහන් කර ඇත.
2019-20 නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහනට අදාළ රැකියා ලැයිස්තුව මෙතනින් ලබාගත හැකිය.

අයදුම් කරන අයුරු
ඔබ නිව් සවුත් වේල්ස් Skilled nominated (190) වැඩසටහන සඳහා අයදුම් කිරීමට ප්‍රථම ඒ සඳහා සුදුසුදැයි පරීක්ෂා කර බැලිය යුතු වේ.
එය ඔබට මෙම වෙබ් පිටුව හරහා සිදුකරගත හැකිය.
ඔබ ඊට සුදුසුනම් ඔබ පළමුවෙන්ම ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු නිල වෙබ් අඩවියේ SkillSelect යොමුව හරහා expression of interest හෙවත් EOI එකක් යොමු කළ යුතුය.
එහිදී ඔබ අයදුම් කරන ප්‍රාන්තය ලෙස නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය තෝරාගත යුතුය.
ඔබේ EOI එක යොමු කිරීමෙන් අනතුරුව ඔබගේ ලකුණු මට්ටම සලකා බලා තෝරාගතහොත් පමණක් ඔබට ආරධනා පත්‍රයක් නිකුත් කෙරේ.
ඉන් අනතුරුව ඔබට 190 වීසා උප ඛාණ්ඩය සඳහා අයදුම් කළ හැකිවේ.


