āļ”āˇƒāˇŠāļ§āˇŠâ€āļģ⎚āļŊ⎒āļēāˇāˇ€āˇš āļĸāļ‚āļœāļ¸ āļ¯āˇ”āļģāļšāļ­āļąāļē āļˇāˇāˇ€āˇ’āļ­ āļšāļģāļ¸āˇ’āļąāˇŠ āļ´āˇāļģ āļ¸āˇāļģ⎔ ⎀āļą āļ´āļ¯āˇ’āļšāļē⎒āļąāˇŠāļ§ $200 āļš āļ¯āļŠāļēāļšāˇŠ. (SBS āˇƒāˇ’āļ‚⎄āļŊ/āˇ€āˇāļģ⎊āļ­āˇ)

Pedestrians

Source: Flickr

ඔස්ට්‍රේලියාවේ තම ජංගම දුරකතනය භාවිත කරමින් මාර්ග හරහා මාරු වන පදිකයින්ට දඩ පැනවීම සඳහා නව නීති යෝජනා කර තිබේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


මේ වන විට ජංගම දුරකතන අනිසි ලෙස භාවිතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ  මාර්ග අනතුරු විශාල ලෙස ඉහළ ගොස් ඇති බවද වාර්තා වේ.
Pedestrians
Source: Flickr

āļ´āļ¯āˇ’āļšāļē⎒āļąāˇŠāļ§ āļ¯āļŠ

තම ජංගම දුරකතනය භාවිත කරමින් ඔස්ට්‍රේලියාවේ මාර්ග හරහා මාරු වන පදිකයින්ට $200 දඩ මුදලක් පැනවීම සඳහා මේ වන විට යෝජනාවක් ඉදිරිපත් වී තිබේ.

වගකීම් විරහිතව ජංගම දුරකතනය භාවිත කරමින් මාර්ග භාවිතා කරන පදිකයින් හට අධික දඩ පනවන්නැයි The Pedestrian Council of Australia ආයතනය ඉල්ලීමක් කර ඇති බව dailymail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ජංගම දුරකතනය භාවිත කරමින් පදිකයින් මාර්ග වල ගමන් කරන විට ඔවුන් විසින් ඔවුන්ගේම ජීවිත අනතුරේ හෙළා ගැනීමක් සිදු කරන බව The Pedestrian Council of Australia ආයතනය පවසයි.

එය පදිකයින්ට මෙන්ම බොහෝ විට රිය පදවන පුද්ගලයින්ටද අනතුරු ලඟා කරන බව ඔවුන් පවසයි.

මෙනිසාම එම වැරදි ක්‍රියා නැවත්වීම සඳහා අධික දඩ මුදලක් පැනවිය යුතු බව The Pedestrian Council of Australia ආයතනය අවධාරණය කරයි.
Pedestrians
Source: SBS

⎃āļ¸āˇƒāˇŠāļ­ āļ”āˇƒāˇŠāļ§āˇŠâ€āļģ⎚āļŊ⎒āļēāˇāˇ€āļ§āļ¸ āļ‘āļšāļ¸ āļ¯āļŠāļēāļšāˇŠ

තම ජංගම දුරකතනය භාවිත කරමින් ඔස්ට්‍රේලියාවේ මාර්ග හරහා මාරු වන පදිකයින්ට පනවන දඩය සමස්ත ඔස්ට්‍රේලියවටම එකසේ පැනවිය යුතු බව The Pedestrian Council of Australia ආයතනයේ Harold Scruby, චැනල් 9 පුවත් සේවයට පැවසීය.

නමුත් මෙම දඩ පැනවීමේ යෝජනාව සම්බන්ධ ඔස්ට්‍රේලියානු සමාජය මත දෙකක් දරයි.

එක පාර්ශවයක් මෙම ක්‍රියාව ඉතා යහපත් බවත් එය පදිකයින්ගේ මෙන්ම රියදුරන්ගේ ද ආරක්ෂාව සඳහා හොඳ පියවරක් බවත් ඔවුන් පවසයි.

නමුත් ඇතැම් දෙනා ඊට විරුද්ධත්වයක් පාමින් සිටියි.

මෙය එතරම් ප්‍රයෝගික නොවන බවත් මාර්ගය හරහා පදිකයින් මාරු වන විට ඔවුන්ට නිදහසේ මාර්ගය මාරු වීමට අවස්ථාව ලබා දිය යුතු බව ඔවුන් පෙන්වා දෙයි.

නමුත් තමන්ගේ ජංගම දුරකතනය දෙස මුහුණ යොමා වටපිටාව පිළිබඳ කිසිදු අවධානයකින් තොරව ගමන් කිරීම ඉතා භයානක බව මාර්ග ආරක්ෂක ප්‍රවීනයින් පවසයි.
Pedestrians
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service
āļ”āˇƒāˇŠāļ§āˇŠâ€āļģ⎚āļŊ⎒āļēāˇāˇ€āˇš āļĸāļ‚āļœāļ¸ āļ¯āˇ”āļģāļšāļ­āļąāļē āļˇāˇāˇ€āˇ’āļ­ āļšāļģāļ¸āˇ’āļąāˇŠ āļ´āˇāļģ āļ¸āˇāļģ⎔ ⎀āļą āļ´āļ¯āˇ’āļšāļē⎒āļąāˇŠāļ§ $200 āļš āļ¯āļŠāļēāļšāˇŠ. (SBS āˇƒāˇ’āļ‚⎄āļŊ/āˇ€āˇāļģ⎊āļ­āˇ) | SBS Sinhala