ඔස්ට්‍රේලියාවේ Uber ඇතුළු ride-sharing ටැක්සි සේවාවන් වලට fringe benefits tax exemptions වලට හෙවත් FBT නිදහස් කිරීමට සුදුසුකම් නොලබන බව ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
නමුත් අනෙකුත් ලියාපදිංචි සාමාන්‍ය ටැක්සි සඳහා එම පහසුකම ලබාගැනීමට හැකි බවද වාර්තා වේ.

Uber ටැක්සි රියදුරන්ට වැඩි බදු?
ඔස්ට්‍රේලියාවේ ස්වයං රැකියාවක් ලෙස අතිශය ජනප්‍රිය වෙමින් පවතින Uber ඇතුළු ride-sharing ටැක්සි සේවාවන් හට fringe benefits tax exemptions වලට හිමිකම් කීමට ඉඩ නොමැති නිසා වැඩි බදු ප්‍රමාණයක් ගෙවීමට සිදු වනු ඇතැයි ABC පුවත් වෙබ් අඩවිය පවසයි.
නමුත් ride-sharing ටැක්සි වර්ගයට අයත් නොවන අනෙකුත් ලියාපදිංචි ටැක්සි එම බදු සහනයට හිමිකම් කියන බව ද සඳහන්.
FBT බදු සහනය නොලැබෙන නමුත් Uber ඇතුළු ride-sharing ටැක්සි සේවාවන් GST බදු ගෙවිය යුතු බවට ද ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය නිවේදනය කර තිබේ.
කෙසේනමුත් ඔස්ට්‍රේලියානු බදු කාර්යාලයේ මෙම නීති එකිනෙකට පරස්පර බව Pilot Partners බදු සේවාවේ අධ්‍යක්ෂ Murray Howlett පැවසීය.

Uber සහ අනෙකුත් ටැක්සි සේවාවන් එක සමානද?
ඔස්ට්‍රේලියාව තුළ ටැක්සි සේවාව සඳහා ලියාපදිංචි වීමේදී GST බදු ගෙවීම සඳහා Uber ඇතුළු සියලු ටැක්සි සේවාවන් ලියාපදින්චි විය යුතු බවට නීති පනවා ඇත.
නමුත් FBT බදු සහනය ලබාගැනීමේදී ride-sharing ටැක්සි සේවාවන් හට එම ප්‍රතිලාභය අත්කර නොදීම මහත් ගැටළුවක් බව ඔහු පෙන්වා දෙයි.
මේ අතර ඔස්ට්‍රේලියාවේ සෑම ව්‍යාපාරයක්ම Uber ඇතුළු සියලු ride-sharing ටැක්සි සේවාවන්, ලියාපදිංචි සාමාන්‍ය ටැක්සි සේවාවන් ලෙස සලකන බවද ඔහු පැහැදිලි කළේය.

Uber වලට විරෝධතා
මීට වසර කිහිපයකට පෙර ඔස්ට්‍රේලියාවට Uber ඇතුළු ride-sharing ටැක්සි සේවාවන් හඳුන්වා දුන් විට ඒ වන විටත් ක්‍රියාත්මක වෙමින් පැවති සාමාන්‍ය ලියාපදිංචි ටැක්සි සේවාවන් ඊට මහත් වූ විරෝධයක් පළ කළේය.
එම ටැක්සි සඳහා ride-sharing ටැක්සි සේවාවන් මගින් ඉහළ තරගකාරීත්වයක් එල්ල කරන නිසාත් සාපේක්ෂව අඩු කුලියකට ගමන් යාමට අවස්ථාව සැලසෙන නිසාත් ඔවුන් එසේ විරෝධය පාන්නට විය.
මේ අතර Uber ඇතුළු ride-sharing ටැක්සි සේවාවන් හඳුන්වා දීමෙන් පාරිභෝගික ජනතාවට අඩු මිලට ටැක්සි සේවාවන් ලබාගැනීමට හැකියාව ලැබුණු අතර ම බොහෝ පුද්ගලයින්ට රැකියා අවස්ථා ද හිමිවූ බව Uber සේවාව පවසයි.


