ඔස්ට්‍රේලියාවේ superannuation ප්‍රතිශතය 12% දක්වා වැඩි කිරීමේදී මධ්‍යම ආදායම් ලාභීන්ට $30,000 ක් අහිමිවන ලකුණු. (SBS සිංහල/වාර්තා)

How will the new federal budget affect you?

新的聯邦預算案對你的幫助有多大? Source: AAP

ඔස්ට්‍රේලියාවේ සේවක අර්ථ සාධක අරමුදල ලෙස ක්‍රියාත්මක වන superannuation අරමුදල සඳහා සේවකයන් වෙනුවෙන් වෙන් කරන ප්‍රතිශතය 12% දක්වා ඉහළ දැමූ විට මධ්‍යම ආදායම් ලාභී ඔස්ට්‍රේලියානුවාසීන් හට තම රැකියා කළ කාලය පුරාවට $30,000 කට අධික මුදලක් අහිමිවන බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

ඔස්ට්‍රේලියාවේ superannuation අරමුදල සඳහා සේවකයන් වෙනුවෙන් වෙන් කරන ප්‍රතිශතය ඉහළ දැමීම සම්බන්ධව Grattan ආයතනය සිදුකළ අධ්‍යනයකදී මේ බව හෙළිවී තිබේ.

superannuation
Source: Flickr

Superannuation ප්‍රතිශතය වැඩි කිරීම

වර්තමානයේ ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක superannuation ප්‍රතිශතය 9.5% කි.

එනම් සේවක වැටුපෙන් 9.5% ක ප්‍රතිශතයක් අදාළ සේවකයාගේ superannuation ගිණුමට සේවායෝජකයා විසින් යොමු කළ යුතු වේ.

මේ අතර 2025 දී එම ප්‍රතිශතය 12% ක් කළ යුතු බවට නීති සම්මත වී තිබේ.

$55,400 ක් වැනි මධ්‍යම ආදායමක් ලබන පුද්ගලයෙකු හට මෙම සංශෝධන හරහා කොපමණ මුදලක් අහිමි වනවාදැයි Grattan ආයතනය අධ්‍යනයක් සිදුකර තිබේ.

වයස අවුරුදු 30 ක් වන පුද්ගලයෙකු හට මෙම සංශෝධන නිසා ඉදිරි වසර 37 තුළ වසරකට ඩොලර් 811 පමණ බැගින් $30,000 ක පමණ මුදලක් අහිමිවනු ඇතැයි ඔවුන් පෙන්වා දෙයි.

2021 වසරේ ජූලි මාසයේ සිට superannuation ප්‍රතිශතය 10% දක්වා ඉහළ යනු ඇත.

superannuation
Source: Getty Images

නිවාස මිලට ගැනීමටද ප්‍රශ්නයක්

9.5% ක්ව පවතින superannuation ප්‍රතිශතය 12% දක්වා ඉහළ දැමීමේදී මධ්‍යම ආදායම් ලාභී පුද්ගලයින්ගේ වැටුප් අඩුවීමක් සිදුවීමට ඉඩ ඇතැයි Grattan ආයතනයේ වැඩසටහන් අධ්‍යක්ෂ Brendan Coates පවසයි.

මේ තත්ත්වය නිසා ඔවුන්ට තම මැදි වයසේදී හෝ වියපත් වියේදී හෝ නිවසක් මිලට ගැනීමට පවා ඉතා අසීරු වනු ඇතැයි ඔහු පෙන්වා දෙයි.

Superannuation ප්‍රතිශතය 12% දක්වා ඉහළ දැමීමෙන් මධ්‍යම ආදායමක් ලබන ඔස්ට්‍රේලියානුවාසීන් සිය ජීවිත කාලය පුරාවටම දුප්පත් කමින් කල් ගෙවීමට සිදුවන බවද rattan ආයතනය පෙන්වා දුන් බව Daily Mail පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

superannuation
Source: Getty Images

2019 ජූලි 01 වන දින සිට සිදුවූ superannuation සංශෝධන

ඔබගේ superannuation ගිණුම මාස 16 ක් පමණ අක්‍රියවී පැවතියහොත් ජීවිත සහ ආබාධිත රක්ෂණ අවලංගු වීමක් මෙම නව superannuation සංශෝධන මගින් සිදුවේ.

නමුත් එවැනි  superannuation ගිණුම් හිමියන්ට තමන්ගේ  superannuation ගිණුම් භාර ආයතන වලට කතාකොට එම ගිණුම් නව ක්‍රමයට අනියුක්ත කරන ලෙස ඉල්ලීමක් සිදුකළ හැකි බවද සඳහන්.

එවිට ඉහත පරිදි රක්ෂණ මුදල් අහිමිවීමක් සිදුනොවනු ඇත.

එමෙන්ම superannuation ගිණුම්වල $6,000 කට වඩා අඩු ශේෂයක් හිමි පුද්ගලයින්ටද මෙම නව superannuation සංශෝධන බලපානු ලැබේ.

superannuation
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now