SKIP TO MAIN CONTENT

ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ මට්ටම අතින් ඔස්ට්‍රේලියාව ලොව අංක එක බවට පත් වෙයි. (SBS සිංහල/වාර්තා)

immunisation rate
Source: Getty Images

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ළමුන්ට සම්පූර්ණයෙන්ම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීමේ අනුපාතය මේ වසරේදී ඉතිහාසයේ වාර්තාගත අගයක් ගත් බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

මාරාන්තික රෝග සඳහා අවශ්‍ය  ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගත් ඔස්ට්‍රේලියාවේ වෙසෙන ළමුන්ගේ ප්‍රතිශතය 2019 වසරේ මේ වන විට 95% කට ආසන්න බව සඳහන්.

immunisation rate
Source: AFP

ඔස්ට්‍රේලියාවේ ළමුන්ගේ ප්‍රතිශක්තීකරණය

පසුගිය මාර්තු මාසයෙන් අවසන්වූ කාර්තුව වන විට ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු පහේ ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ ප්‍රතිශතය 94.78% ක් වූ බවත් 2018 දෙසැම්බර් කාර්තුව අවසන් වන විට එය 94.67% ක තිබූ බවත් වාර්තා වේ.

ඒ අනුව ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාදීම අතින් ඔස්ට්‍රේලියාව ලොව අංක එක බවට පත්වී තිබේ.

ගෝලීය මට්ටමින් ළමයෙකුගේ ප්‍රතිශක්තීකරණ මට්ටම අවම වශයෙන් 85% ක ප්‍රතිශතයකින් තිබිය යුතුය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ වයස අවුරුද්දේ ළමුන් ගේ ප්‍රතිශක්තීකරණ මට්ටම 94.14% ක් බවත් වයස අවුරුදු දෙකේ ළමුන් ගේ ප්‍රතිශක්තීකරණ මට්ටම 91.15% ක් බවත් ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පවසයි.

immunisation rate
National coverage rates for all children in Australia for the last 10 years. Source: www.health.gov.au

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබා පූර්ණ ප්‍රතිශක්තියක් ලබා තිබීම මාරාන්තික රෝග වලින් ජීවිත ආරක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පෙන්වා දෙයි.

එනිසාම ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමේ වාසි පිළිබඳ නිරතුරුවම ජනතාව දැනුවත් කිරීම අතිශය වැදගත් බව ඔහු පහැදිලි කරයි.

ප්‍රතිශක්තීකරණ එන්නත් ලබාගැනීමේ වාසි පිළිබඳ දැනුවත් කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෙන ගිය වැඩපිළිවෙල සාර්ථක වී ඇති බවත් විශේෂයෙන්ම දෙමාපියන් ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කර ඇති බවත් මෙම නවතම දත්ත හරහා අවබෝධ වන බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සෞඛ්‍ය අමාත්‍ය Greg Hunt පවසයි.

immunisation rate
Source: Wikimedia

ප්‍රාන්ත හා ටෙරටරි මට්ටමින් ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ මට්ටම

ඔස්ට්‍රේලියාවේ ළමුන්ගේ ජාතික ප්‍රතිශක්තීකරණ මට්ටම 94.78% ක් ලෙස පවතින විට සෑම ප්‍රාන්ත හා ටෙරටරියකම එම ප්‍රතිශතය 93% ට වඩා ඉහළ මට්ටමක පවතින බව ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය වාර්තා කරයි.

වික්ටෝරියානු සහ ටස්මේනියානු ප්‍රාන්ත වල ළමුන්ගේ ප්‍රතිශක්තීකරණ මට්ටම ජාතික ප්‍රතිශක්තීකරණ මට්ටමට වඩා ඉහළින් පැවතීමද මෙහිදී කැපී පෙනෙන සිදුවීමක් විය.

වික්ටෝරියානු ප්‍රාන්තයේ එම ප්‍රතිශතය 95.67% ක් වන අතර ටස්මේනියානු ප්‍රාන්තයේ 95.62% ක් වේ.

ළමුන්ගේ ජාතික ප්‍රතිශක්තීකරණ මට්ටම දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ 94.72% ක් ලෙසද ACT  හි 94.71% ක් ලෙසද නිව් සවුත් වේල්ස් සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වල 94.63% ක් ලෙස ද වාර්තා වේ.

එමෙන්ම Northern Territory හි එම මට්ටම 93.83% ක් ලෙසද බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ 93.42% ක් ලෙසද සඳහන්.

immunisation rate
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now