ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී තම ඇගයීම් සහ විභාග වලදී වංචා කරනු ලබන පුද්ගලයින්ට දැඩි දඬුවම් පැනවීමට අදාළ නීති කෙටුම්පත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මේ වන විට සකස් කර ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල වල පාඨ මාලා හැදෑරීමේදී ඒ හා සම්බන්ධ ඇගයීම් සහ විභාග වලදී බාහිර පුද්ගලයින්ගේ සහය ලබාගැනීම මෙන්ම වෙනත් පුද්ගලයෙකු හෝ ආයතනයක් හරහා තම ඇගයීම් (Assignments) කරගැනීම යන ක්‍රියා සඳහා දැඩි දඬුවම් මෙම නීති හරහා ලැබෙන බව මධ්‍යම රජය පවසයි.

විභාග සහ Assignments වංචා
ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන යම් සිසුවෙකු තම විභාගයකදී හෝ Assignment එකකදී හෝ බාහිරෙන් උදව් ලබාගෙන එය සම්පූර්ණ කිරීම මෙම නව නීති කෙටුම්පත යටතේ වැරදි ක්‍රියාවක් ලෙස අර්ථ දක්වා තිබේ.
ඒ අනුව යම් හෙයකින් එසේ චෝදනා ලැබ වැරදිකරුවන් වුවහොත් එම අදාළ වැරදිකරුවන්ට වසර 2ක් දක්වා සිර දඬුවම් හෝ $210,000 දඩ පැනවෙන බව ද ABC පුවත් සේවය වාර්තා කරයි.
Assignment වලට සහය ලබාදෙන වෙබ් අඩවි වල සහය ලබා ගැනීම් මෙන්ම වෙනත් පුද්ගලයින්ව මුදල් ගෙවා තමන් වෙනුවන් විභාග සඳහා සහභාගී කරවීම මෙහිදී ඉතා බරපතල වැරදි ලෙස හැඳින්වේ.
අවංකව වෙහෙසවී අධ්‍යාපන කටයුතු සිදුකරන විශ්ව විද්‍යාල සිසුන්ට Contract Cheating හෙවත් ඉහත සඳහන් ඇගයීම් හෝ විභාග වංචා කරන සිසුන් නිසා දැඩි අසාධාරණයක් සිදුවන බවත් එනිසාම අවංකව තම අධ්‍යාපනය කරන විශ්ව විද්‍යාල සිසුන්ට සාධාරණයක් ඉටු කිරීමටත් මෙම තීරණය ගත් බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍ය Dan Tehan, SBS පුවත් සේවයට පැවසීය.

දෙමාපියන්ට පවා මේ නිසා දඬුවම් ලැබෙන ලකුණු
මෙම නව විභාග සහ අධ්‍යන කටයුතු වංචා පිළිබඳ නීති හේතුවෙන් තම දරුවන්ගේ ඇගයීම් සඳහා උපදෙස් සහ සහය ලබාදෙන දෙමාපියන්ට පවා දඬුවම් හිමිවන බවක් පෙනෙන්නට ඇති බවද ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම නීතිය විශ්ව විද්‍යාල ක්ෂේත්‍රයට යහපතක් ගෙන දෙන නීතියක් වුවද එහි ඇති ඇතැම් වගන්ති ඉතා පුළුල් පරාසයකට විහිදෙන බැවින් ඒවායින් අනිසි බලපෑම් ඇතිවිය හැකි බව Universities Australia හි ප්‍රධාන විධායක Catriona Jackson පැවසුවාය.
මේ අතර මෙම නීති කෙටුම්පතේ ඇතැම් වගන්ති ඉතා සංකීර්ණ බවත් එහි නිශ්චිත අදහසක් ඉලක්ක කර නොමැති බවත් Deakin විශ්ව විද්‍යාලයේ මහාචාර්ය Phillip Dawson පැවසීය.

මෙම අපැහැදිලි බව හේතුවෙන් තම දරුවන්ගේ Assignment වල වැරදි අඩුපාඩු බලන දෙමාපියන් පවා වරදකරුවන් වන බව ඔවුන් පැහැදිලි කරයි.
මන්ද යම් Assignment එකක ඉංග්‍රීසි භාෂාව සම්බන්ධයෙන් යම් වැරද්දක් දුටු විට එය දෙමාපියන් විසින් කියවා බලා නිවැරදි කිරීමට සහය වීම වැනි මානුෂික සහය ලබාදීම් වැරදි ක්‍රියා ලෙස නොසැලකෙන බවත් තම දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවන් දෙමාපියන්ගේ කැපවීමේ එක් වෙහෙසකර ක්‍රියාවක් ලෙස එය සැලකෙන බවත් ඔවුන් පෙන්වා දෙයි.
එනිසාම ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ සංකීර්ණභාවය සහ අපැහැදිලිතා මෙම නීති කෙටුම්පතෙන් බැහැර කළ යුතු බව බොහෝ විශ්ව විද්‍යාල බලධාරීන් යෝජනා කරයි.

ඔස්ට්‍රේලියාව තුළ Contract Cheating සිදු කරන ප්‍රධාන ආකාර
ඔස්ට්‍රේලියාව තුළ මේ වන විට Contract Cheating සිදු කරන ප්‍රධාන ආකාර 7 ක් හඳුනා ගැනීමටද Contract Cheating and Assessment Design Project ආයතනය සමත් වී තිබේ.
ඒවා පහත පරිදි වේ.
01. අධ්‍යාපන ලියවිලි සහ සටහන් අලෙවි කිරීම හෝ මිලට ගැනීම.
02. කුමන හේතුවක් මත හෝ පිළිතුරු සහිත සම්පූර්ණ කළ ඇගයීමක් (Assignment) ලබා දීම.
03. සම්පූර්ණ කළ ඇගයීමක් (Assignment) ලබාගැනීම.
04. විභාග වලදී උදව් සැපයීම.
05. විභාග වලදී උදව් ලබා ගැනීම.
06. අනෙක් පුද්ලයින් උදෙසා විභාග වලට පෙනී සිටීම.
07. තමන්ගේ විභාගයක් සඳහා වෙනකෙකු යෙදවීම.


