SKIP TO MAIN CONTENT

හැකියාවලට අනුව ඔස්ට්‍රේලියාවේ රැකියා නොමැති වීම පසුගිය දශකය තුළ දෙගුණ වෙයි. (SBS සිංහල/වාර්තා)

Underemployment has roughly doubled in the past decade in Australia.
Picture for representational purpose only. Source: Pixabay

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News


Skip to article content

පසුගිය මාසය වන විට ඔස්ට්‍රේලියාවේ පුවත්පත් වල සහ අනතර්ජාලයේ පළවූ රැකියා පුරප්පාඩු දැන්වීම් ප්‍රමාණයේ ඉහළ යාමක් දක්නට ඇතැයි නවතම ANZ වාර්තා පෙන්වා දෙයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

නමුත් තවමත් ඔස්ට්‍රේලියාවේ ශ්‍රම වෙළෙඳපොළ දුර්වල මට්ටමකින් ක්‍රියාත්මක වන බව ද එම වාර්තාව පවසයි.

Underemployment has roughly doubled in the past decade in Australia.
Source: AAP

ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම්

පසුගිය මාසයේදී ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ප්‍රමාණය 4.6% කින් වර්ධනය වී ඇතැයි නවතම ANZ වාර්තා පෙන්වා දෙයි.

පසුගිය අප්‍රේල් සහ මැයි මාස වලදී ඔස්ට්‍රේලියාවේ රැකියා දැන්වීම් ප්‍රමාණයේ සැලකිය යුතු අඩුවක් දක්නට ලැබුණු බව වාර්තා වේ.

පාස්කු නිවාඩුව සහ මැයි මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණය එම බැස්මට හේතුවූ බව පැවසෙයි.

පසුගිය මැයි මාසයේදී එම අගය 8% කින් පහත වැටුණු බව ඔස්ට්‍රේලියානු ආර්ථිකය පිළිබඳ ANZ  හි ප්‍රධානී David Plank පැවසීය.

ඒ අනුව පසුගිය මාස 18 තුළ ඔස්ට්‍රේලියාවේ ඉහළම රැකියා දැන්වීම් ප්‍රමාණයක් පළවූ මාසය ලෙස ද පසුගිය ජුනි මාසය වාර්තා වන බව ANZ වාර්තා පෙන්වා දෙයි.

Underemployment has roughly doubled in the past decade in Australia.
Source: AAP

සමස්ත ප්‍රවණතාව තවමත් පහළ අගයක්

රැකියා පුරප්පාඩු පිළිබඳ දැන්වීම් ඉහළ ගිය පමණින් ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළෙඳ පොළේ රැකියා වර්ධනයක් හෝ රැකියා උත්පාදනයක් සිදුවේ යයි 100% ක්ම පැවසීම ඉතා අසීරු බව ද ආර්ථික විශේෂඥයින් පවසයි.

සේවායෝජකත්වය වර්ධනය වීම මන්දගාමීව සිදුවන අතර විරැකියාව ඉහළ නගිමින් පැවතීම නිසා සමස්ත රැකියා වෙළෙඳපොලේ පැහැදිලි වර්ධනයක් සිදුවන බවක් දැකීමට අපහසු බව ඔස්ට්‍රේලියානු ආර්ථිකය පිළිබඳ ANZ  හි ප්‍රධානී David Plank පැවසීය.

ඔස්ට්‍රේලියාවේ සේවායෝජකත්වය පිළිබඳ නියම දත්ත තහවුරු වුවහොත් ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව නැවත වරක් පොළී අනුපාතික කප්පාදු කිරීමට ඉඩක් ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Underemployment has roughly doubled in the past decade in Australia.
Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ විරැකියාව සහ හැකියාවලට අනුව රැකියා නොමැති වීම

ඔස්ට්‍රේලියාවේ විරැකියා අනුපාතය තවමත් 5.2% මට්ටමේ පවතියි.

ඔස්ට්‍රේලියාවේ මිලියන 1.1 ක් පමණ වන හැකියාවලට අනුව රැකියා නොමැති අර්ධ කාලීන සේවකයින්ගෙන් අඩක් පමණ තවත් වැඩිපුර පැය ගණනක් ලබාදෙන රැකියා සොයන බව පසුගිය සතියේ දී ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කළේය.

මේ අතර ඔස්ට්‍රේලියාවේ  හැකියාවලට අනුව රැකියා නොමැති අර්ධ කාලීන සේවකයින් ප්‍රමාණය ක්‍රමිකව වැඩි වන බවක් දක්නට ලැබෙන බව ද වාර්තා වේ.

එම පිරිසෙන් 16.8% ක් පමණ තමන්ගේ හැකියාවන්ට ගැලපෙන රැකියා උදෙසා වෙනත් ප්‍රාන්තයකට හෝ ටෙරටරියකට යාමට සූදානම් බවද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්ත වාර්තා පෙන්වයි.

පසුගිය දශකය තුලදී ඔස්ට්‍රේලියාවේ  හැකියාවලට අනුව රැකියා නොමැති පිරිස දෙගුණයක් බවට පත්වී ඇතැයිද ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

Underemployment has roughly doubled in the past decade in Australia.
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now