විවිධත්වයකින් යුත් වැඩසටහන් ස්ථාපිත කිරීමට ඔස්ට්‍රේලියාවේ සමාගම් සහ ආයතන අසමත් වී ඇති බව හෙළිවෙයි. (SBS සිංහල/වාර්තා)

Australian workplace

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සමාගම් සහ ආයතන වල විවිධ පසුබිම් සහ සංස්කෘතීන් වලින් පැමිණෙන පුද්ගල විවිධත්වයක් බිහි කිරීමට ඒ ඒ ආයතන සහ ව්‍යාපාර උත්සාහ දැරුවද එය අසමත් වී ඇතැයි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)



 

 

Diversity Council of Australia සමග ඒකාබද්ධව Deloitte සහ Google ආයතන මෙම සමීක්ෂණය සිදුකර තිබේ.

Australian workplace
Source: Getty Images

සස්කෘතික හා පුද්ගල විවිධත්වය

ආයතනයක සේවය කරනු ලබන පුද්ගලයින් මිශ්‍ර කිරීමට වඩා ඔවුන්ගේ සමාජ අනන්‍යතාව සහ වෘත්තීය අනන්‍යතාව ඔවුන් හඳුනාගන්නේ කෙසේදැයි බැලීම ආයතනයක විවිධත්වය සැලකීමේදී මූලික වශයෙන් බැලිය යුතු බව ඉහත සංවිධාන ත්‍රිත්වය විසින් සිදුකළ නවතම අධ්‍යනයේදී අනාවරණය වී තිබේ.

ඒ සම්බන්ධව එළිදැක්වුණු වාර්තාව "The Change at Work" වාර්තාව ලෙස නම් කර තිබේ.

විවිධත්වය ඉලක්ක කර ආයතන සංශෝධන කිරීම පිළිබඳව තොරතුරු විමසීමේදී එම වෙනස්කම් තම ආයතන තුළ ඇතැම්විට, කලාතුරකින් හෝ කිසිදු දිනෙක කාර්යක්‍ෂම ලෙස ස්ථාපිත නොකළ බව මෙම සමීක්ෂණය සඳහා සහභාගී වූ පිරිස් කියා සිටියහ.

විවිධත්වයකින් යුත් ආයතන වටපිටාවක් ගොඩනැගීම ඉතා අපහසු කාර්යයක් බව මින් පෙනී යන බව Diversity Council of Australia හි ප්‍රධාන විධායක නිලධාරිනී Lisa Annese පැවසුවාය.

විවිධත්වයක් ඇති කරනවා යනු හුදෙක් අනෙක් සේවකයාට ගෞරව සහිත කාර්යය වටපිටාවක් නිර්මාණය කිරීම බව ඇය පැහැදිලි කළාය.

Australian workplace
Source: Getty Images

රාජකාරී සහ පුද්ගලික ජීවිත සමතුලිතතාව

විවිධත්වයක් ඇති කිරීමේදී work-life balance හෙවත් රාජකාරී සහ පුද්ගලික ජීවිත සමතුලිතතාව ද අතිශය වැදගත් බව එම වාර්තාව පවසයි.

ආයතනයක් තුළ විවිධත්වය ස්ථාපිත කිරීමේදී සේවකයින්ගේ රාජකාරී ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිතය පිළිබඳවද අවධානය යොමු කරමින් තම ආයතනයේ ප්‍රතිපත්ති සකස් කර ඇති බව ජාත්‍යන්තර ඉදිකිරීම් සමාගමක් වන සිඩ්නි නුවර Multiplex ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා Caitriona Comerford පැවසුවාය.

නම්‍යශීලී ආයතන පසුබිමක් සේවකයින්ට උරුම කරදීම හරහා වඩා කාර්යක්ෂම සේවාවක් මෙන්ම ඵලදායී ගුණාත්මක සේවාවක් ඔවුන්ගෙන් ලබාගත හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

Australian workplace
Source: AAP

සංක්‍රමණික ප්‍රජාව මුහුණ දෙන අර්බුද

ඔස්ට්‍රේලියාවට පැමිණෙන බොහෝ සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු ශ්‍රම වෙළෙඳ පොළට ඇතුළත් වීමේදී විවිධ ගැටළු වලට මුහුණ පෑමට සිදුවේ.

විශේෂයෙන්ම ඔවුන්ගේ සංස්කෘතික පසුබිම, ඔවුන්ගේ පූර්ව අත්දැකීම් ඔස්ට්‍රේලියානු ආයතන ව්‍යුහයන් සමග නොපෑහීම සහ ඇතැම් ආයතන සස්කෘතික විවිධත්වයට ගරු නොකිරීම ඊට ප්‍රධාන හේතු වේ.

ඇතැම් සංක්‍රමණිකයින් ගේ ඉංග්‍රීසි භාෂා දැනුමේ මද භාවයද මීට හේතුවන බව ප්‍රයෝගික අධ්‍යන වලදී හෙළිවී තිබේ.

Australian workplace
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne

Source: SBS News



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now