SKIP TO MAIN CONTENT

First-home buyers ලාට මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළේ නිවසක් මිලට ගැනීම නැවතත් අසීරු තත්ත්වයක. (SBS සිංහල/වාර්තා)

First-home buyers
Source: SBS

2 min read

Published

By Madhura Seneviratne


Skip to article content

First-home buyers හෙවත් පළමු නිවාසය මිලට ගන්නන් හට මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළේ නිවසක් මිලට ගැනීම නැවතත් අසීරු තත්ත්වයකට පත්වෙමින් ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය සමයේදී මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළේ මිල ගණන් කඩා වැටීම හේතුවෙන් ඇතිවූ අඩු තරගකාරීත්වය නිසා පළමු නිවාසය මිලට ගන්නන් හට දැරිය හැකි මට්ටමේ මිලකට නිවසක් මිලට ගැනීමට විශාල අවස්ථාවක් හිමිවිය.

First-home buyers
Source: AAP

පළමු නිවාසය මිලට ගන්නන් හට වර්තමාන බාධා

පසුගිය මැයි මාසයේ පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් අනතුරුව නිවාස ගැණුම්කරුවන් නැවතත් නිවාස වෙළෙඳ පොළ වෙත පැමිණ ඇති බව නිවාස හා දේපළ වෙළෙඳාම් ඒජන්තවරු මෙන්ම වෙන්දෙසිකරුවෝ පවසන බව ඔස්ට්‍රේලියාවේ ප්‍රසිද්ධ නිවාස හා දේපළ සම්බන්ධ වෙබ් අඩවියක් වන Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් පසුව නැවතත් දේශපාලන පරිසරය ස්ථාවර බව හැගීමෙන් මෙලෙස නැවත ගැණුම්කරුවන්ගේ පැමිණීම වැඩිවෙමින් පවතින බව ඔවුන් පෙන්වා දෙයි.

ඊට අමතරව ඔස්ට්‍රේලියානු මධ්‍යම බැංකුව විසින් පසුගිය සමයේ දෙවරක්ම පොළී අනුපාතික කප්පාදු කිරීමද නිවාස වෙළෙඳ පොළ වෙත ගැනුම්කරුවන් විශාල ලෙස නැවත පැමිණීම ඉහළ දමන්නට ප්‍රබල සාධකයක් විය.

එමෙන්ම නිවාස ණය ලබා දීමේ ක්‍රියාවලිය ද තරමක් ලිහිල් කිරීම නිසාද ගැනුම්කරුවන්ගේ වැඩි වීමක් වූ බව Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

First-home buyers
Source: AAP

මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළ

මෙල්බර්න් නිවාස වෙළෙඳ පොළේ මධ්‍යන නිවාස මිල $818,237 ක් ලෙස පවතින නමුත් එය 2017 නොවැම්බර් මාසය සමග සසඳන කල 10% ක අඩුවීමකි.

නමුත් 2013 වසර සමග සසඳන කල එම අගය 49% ක වැඩිවීමක් බව සඳහන්.

මේ අතර මෙල්බර්න් නුවර වෙසෙන වයස අවුරුදු 21 ත් 34 ත් අතරේ පසුවන පුද්ගලයෙකුගේ වාර්ෂික සාමාන්‍ය ආදායම  $58,635.20 ක් බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය පවසයි.

මිලට ගන්නා නිවාසයේ තමන්ම පදිංචියට යාමේදී එම නිවාසය මිලට ගැනීමට ලබාගන්නා ණය මුදල සඳහා තමන්ගේ ආදායමෙන් පස් හෝ හය ගුණයකට වඩා ණයක් ලබා දෙන්නේ නැති බව ආර්ථික විශේෂඥයින්ගේ මතය වේ.

ආදායම මෙන් හය ගුණයකට වඩා වැඩි ණය මුදලක් ලබාගන්නවානම් එම ණය ලබාගන්නන් තමන්ගෙන් යැපෙන අය නොසිටින බවත් වෙනත් ණය නැති බවත් සාධාරණ ජීවන වියදමක් ඇති බවත් පෙන්විය යුතුය.

මේ සියලු කරුණු වලට අනුව වර්තමානයේ මෙල්බර්න් නුවර වෙසෙන ඉහත වයස් හා ආදායම් පරාසයේ පුද්ගලයෙකු හට $366,470 පමණ වටිනා නිවසක් මිලට ගැනීමට සිදුව ඇති බව Domain වෙබ් අඩවිය වාර්තා කරයි.

First-home buyers
Source: SBS Sinhala

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now