අගෝස්තු 12 සහ 19 දෙදින මෙල්බර්න් මෙට්‍රෝ දුම්රිය වල නොමිලයේ ගමන් කිරීමට අවස්ථාවක්. (SBS සිංහල/වාර්තා)

Melbourne Metro Trains

Source: Flickr

මෙල්බර්න් නගරාන්තර මෙට්‍රෝ දුම්රිය ඔස්සේ ගමන් කරන මගීන්ට එළඹෙන සති දෙකේ සඳුදා දින දෙක නොමිලයේ දුමරිය ගමන් වල යෙදීමට අවස්ථාව හිම්වී තිබේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


වැටුප් සම්බන්ධයෙන් ප්‍රවාහන සේවකයින් ගේ වෘත්තීය සමිති විසින් පැවැත්වීමට නියමිත විරෝධතාවක් හේතුවෙන් මෙලෙස මුදල් නොගෙවා මගීන්ට මෙල්බර්න් මෙට්‍රෝ දුම්රිය ඔස්සේ ගමන් කිරීමට හැකියාව ලැබෙනු ඇත.

Melbourne Metro Trains
Source: Flickr

අගෝස්තු 12 සහ 19 වන සඳුදා

ප්‍රවාහන සේවක වෘත්තීය සමිති වල මෙම විරෝධතාව හේතුවෙන් අගෝස්තු 12 සහ 19 යන සඳුදා දින දෙකෙහි දවස පුරාම දුම්රිය ස්ථාන වල ප්‍රවේශ පත්‍ර ගේට්ටු අදාළ දුම්රිය ස්ථාන නිලධාරීන් විසින් විවෘත කර තබනු ඇතැයි The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

එමෙන්ම එම සඳුදා දින දෙකෙහි ම බලයලත් ප්‍රවාහන නිලධාරීන් myki ටිකට් පත් පරීක්ෂා කිරීමද ප්‍රතික්ෂේප කරනු ඇතැයි ඔවුන් පවසයි.

ඊට අමතරව ප්‍රවේශ පත්‍ර කවුළු වල සිටින නිලධාරීන් ද myki  කාඩ් පත් අලෙවි කිරීම සහ ඒ සඳහා මුදල් බැර කිරීම එම දින දෙකෙහි සිදු නොකරන බවත් වාර්තා වේ.

දුම්රිය සේවකයින් 3,000 ක් පමණ දෙනා අගෝස්තු 12 සහ 19 වන දින වල සිය නිල ඇඳුම් ඇඳීමෙන් වළකින බවද The Age පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

වෘත්තීය සමිති සේවකයින් එම දිනවල පාපන්දු ජර්සි ඇඳගෙන ඒමටද අදහස් කර ඇති බව සඳහන්.

Melbourne Metro Trains
Source: Getty Images

වෘත්තීය සමිති ක්‍රියාව නිසා සිදුවන පාඩුව

මෙල්බර්න් කලාපයේ දුම්රිය, ට්‍රෑම් සහ බස් වෘත්තීය සමිතිය 6% ක වැටුප් වර්ධකයක් ඉල්ලා සිටින අතර මෙට්‍රෝ දුම්රිය ආයතනය 2% ක වැටුප් වර්ධකයක් ලබාදීමට පොරොන්දු වී තිබේ.

අගෝස්තු 12 සහ 19 වන දින වල දවස පුරාම නොමිලයේ දුම්රිය ගමන් වල යෙදීමට ඉඩ සැලසීම හරහා දිනකට වික්ටෝරියා ප්‍රාන්ත රජයට ඩොලර් මිලියනයක දැවැන්ත අලාභයක් සිදුවන බව වාර්තා වේ.

වෙනත් අයුරකින් පවසනවානම් දෛනික myki  ටිකට් ආදායමෙන් 40% ක ප්‍රමාණයක් මෙම වෘත්තීය සමිති ක්‍රියා මාර්ගය නිසා ප්‍රාන්ත රජයට අහිමිවන බව සඳහන්.

Melbourne Metro Trains
Source: Flickr

ඉල්ලීම් නොලැබුණහොත් තවත් දැඩි වෘත්තීය ක්‍රියා මාර්ග

අගෝස්තු 12 සහ 19 වන දින වල දවස පුරාම නොමිලයේ දුම්රිය ගමන් වල යෙදීමට ඉඩ සැලසීම වෘත්තීය සමිති ගත් සුළු ක්‍රියා මාර්ගයක් පමණක් බව ප්‍රවාහන වෘත්තීය සමිතියේ වික්ටෝරියානු ශාඛාවේ ලේකම් Luba Grigorovitch පැවසුවාය.

නමුත් තම සේවක ඉල්ලීම් නොලැබුණහොත් පැය 48 ක පූර්ණ වර්ජනයකට යන බවද ඇය වැඩි දුරටත් පැහැදිලි කළාය.

මේ අතර අගෝස්තු 12 සිට 18 දක්වා කළමණාකරුවන් ඉල්ලා සිටියත් දුමරිය ගමන් divert හෙවත් වෙනත් දිශාවකට යොමු කිරීම දුම්රිය රියදුරන් විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බවද වාර්තා වේ.

ඇතැම් විට කාලය සහ වේලාව පිළිබඳ ගැටළු වලදී ඇතැම් දුම්රිය city loop හරහා ගමන් නොකර සෘජුවම Flinders Street දුම්රිය ස්ථානය වෙත ගමන් කිරීමට කළමණාකරුවන් ගෙන් උපදෙස් ලැබේ.

Melbourne Metro Trains
Source: SBS Sinhala

3 min read

Published

Updated

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now