ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ගෑස් මිල ගණන් පහත දැමීමට අවශ්‍ය නව මිනුම් දඬු ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් පසුගිය සතියේදී නිවේදනය කළේය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව ව්‍යාපාරික ස්ථාන සහ නිවාස වල ගෑස් බිල්පත් ගාස්තු සැලකිය යුතු ලෙස පහත බසිනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විශ්වාස කරයි.

ගෑස් මිල පහත බැස්වීම
ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ගෑස් මිල ගණන් අඩු කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කිසිදු පියවරක් නොගන්නා බවට පසුගිය වසර කිහිපය පුරාවට චෝදනා එල්ල වෙමින් පැවතුණි.
විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාවේ ගෑස් නිෂ්පාදකයින් ගෘහස්ථ ගෑස් සැපයීම ට වඩා ගෑස් අපනයනය පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම ඊට ප්‍රධානතම හේතුව බව විශ්ලේෂකයින් පෙන්වා දුන්නේය.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ගෘහස්ථ ගෑස් සැපයීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙසට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ගෑස් අපනයනකරුවන්ට බල කර සිටියි.
මේ අතර බටහිර ඔස්ට්‍රේලියානු සහ ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත 2021 පෙබරවාරි මාසය වන තෙක් කිසිදු විකල්පයක් පිළිබඳ සලකා නොබලන බව වාර්තා වී ඇති අතර ජාතික ගෑස් ආරක්‍ෂිත වැඩසටහන යටතේ ඒ පිළිබඳ විමර්ශනය කිරීමට ද සූදානම් වේ.

තවමත් ලොව විශාලතම LNG අපනයනකරුවා ඔස්ට්‍රේලියාවයි
ලෝකයේ LNG හෙවත් Liquefied natural ගෑස් අපනයනයේ විශාලතම අපනයනකරුවා ලෙස ඔස්ට්‍රේලියාව හැඳින්වේ.
සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාව වාර්ෂිකව LNG මෙට්‍රික් ටොන් 47 ක් පමණ නිෂ්පාදනය කරන බව වාර්තා වේ.
නමුත් ඔස්ට්‍රේලියාව මූලිකම අවධානය යොමු කර ඇත්තේ ගෑස් අපනයනය පිළිබඳව මිස ගෘහස්ථ ගෑස් සැපයීම පිළිබඳ නොවන බව සම්පත් පිළිබඳ අමාත්‍ය Matt Canavan පවසයි.
ගෑස් මිල පහත හෙළීම මෙන්ම විශ්වාසදායී ගෑස් සැපයුමක් ඔස්ට්‍රේලියානුවාසීන්ට ලබා දිය යුතු බවද ඔහු පවසයි.
ගෑස් සැපයුම සහ මිල අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් ඇති බවත් ඉහළ සැපයුමක් ලබා දුන් කල මිල පහත හෙළීම පහසු වනු ඇති බව ද අමාත්‍ය Matt Canavan පවසයි.


