සිඩ්නි නුවරම කළඹවමින් සිදුකළ මාරාන්තික පිහි ඇණුම සිදුකළ තරුණයා ගේ USB එකේ නවසීලන්තයේ සහ ඇමෙරිකාවේ වෙඩි තැබීම් වල වීඩියෝ පට ගණනාවක්. (SBS සිංහල/ වාර්තා)

Sydney stabbing

Source: AAP

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පසුගිය අඟහරුවාදා (13/08) දහවල් සිදු කළ පිහි ඇණුමකින් වයස අවුරුදු 24 ක තරුණියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


සිඩ්නි නුවරම කළඹමින් මෙම පිහි ඇණුම සිදු කර ඇත්තේ වයස අවුරුදු 20 පසුවන Mert Ney නැමති තරුණයා විසිනි.
Sydney stabbing
Source: AAP

මාරාන්තික පිහි ඇණුම

සිඩ්නි නුවර Clarence වීථියේ පිහිටි මහල් නිවාසයක සිටි 24 හැවිරිදි Michaela Dunn නමැති තරුණියව පසුගිය අඟහරුවාදා මෙම පිහි ඇණුම හේතුවෙන් ජීවිතක්ෂයට පත් වී තිබේ.

මෙම පිහි ඇණුම සිදුවන විට සිය ගණනක් පිරිස Clarence වීථිය සහ Wynyard වීථිය අසළ සිටි බවත් වාර්තා වේ.

Michaela Dunn ගේ ගෙල ප්‍රදේශයට මෙම පිහි පහර එල්ලවී ඇති බවත් ඇය වාසය කළ මහල් නිවාසයේදී ඇගේ මෘත ශරීරය පොලීසියට හමුවූ බවත් සඳහන්.

පිහි ඇණුම සිදුකළ Mert Ney නැමති තරුණයා එදින පස්වරු 1.30 ට පමණ අදාළ මහල් නිවාසය පිහිටි ගොඩනැගිල්ලට ඇතුළුවී ඇති බවත් මිනිත්තු 20 කින් පමණ අනතුරුව එයින් පිටව ගිය බවත් CCTV කැමරා වල සටහන් වී තිබේ.

ඉන අනතුරුව ඔහු සිඩ්නි නගර මධ්‍යයේ පිහිටි හෝටලයක සිටි 41 හැවිරිදි කාන්තාවකගේ උරහිසට ද පිහි ඇණුමක් සිදුකර ඇති අතර ඒ අවට සිටි සෙසු පුද්ගලයින්ටද පිහියෙන් අනින බවට තර්ජනය කර තිබේ.

නමුත් අනතුරුව අවට සිටි පිරිස් ඔහුගේ ක්‍රියාව මැඩ පැවැත්වීමට ක්‍රියා කිරීම මත වෙනත් කිසිදු අනතුරක් සිදු නොවූ බව වාර්තා වේ.

උරහිසට පිහි පහර වැදුණු කාන්තාව ගේ තත්ත්වය බරපතල නොවන බවත් ආශ්චර්යකින් ඇය බේරුණ බවත් නිව් සවුත් වේල්ස් පොලීසිය පවසයි.
Sydney stabbing
Michaela Dunn Source: SBS

වරදකරුවා පොලිස් රැකවරණය මැද රෝහල ට

මෙම පිහි ඇණුම සිදුකළ Mert Ney නැමති තරුණයා ගේ දණහිසට සිදුවූ කැපුම් තුවාලයක් නිසා මේ වන විට Royal Prince Alfred රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.

නමුත් ඔහු හට නිව් සවුත් වේල්ස් පොලීසිය දැඩි ආරක්ෂාවක් ලබා දෙමින් සිටින බවත් සඳහන්.

මිනී මැරීමේ වරද මත සහ පුද්ගලයන්ට තුවාල කිරීමේ වරද මත Mert Ney ට විරුද්ධව අපරාධ චෝදනා ගොනු කිරීමටද නිව් සවුත් වේල්ස් පොලීසිය කටයුතු කරමින් පසුවෙයි.
Sydney stabbing
Source: AAP

ත්‍රස්තවාදයට සම්බන්ධ දැයි පරීක්ෂණ

Mert Ney ත්‍රස්තවාදයට සම්බන්ධ දැයි හෝ මෙම ක්‍රියාව ට ත්‍රස්තවාදය සම්බන්ධ දැයි හෝ කීමට තවමත් සාක්ෂි ලැබී නොමැති බව නිව් සවුත් වේල්ස් පොලීසිය පවසයි.

කෙසේවෙතත්, මේ සිදුවීම සම්බන්ධ පරීක්ෂණ ආරම්භ කර ඇති බවත් Mert Ney ගේ මෑත ඉතිහාසය පිළිබඳ තොරතුරු පිළිබඳ විමර්ශනය කිරීමක් සිදු කරමින් පසුවන බවත් පොලීසිය පවසයි.

එම විමර්ශන සඳහා Mert Ney ගේ Facebook ගිණුම අතිශය වැදගත් වනු ඇතැයි පොලීසිය විශ්වාස කරයි.

කෙසේහෝ ඔහුගේ නිවස සමබන්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමේදී ඇමෙරිකාවේ සහ නවසීලන්තයේ සිදුවූ වෙඩි තැබීම් ආශ්‍රිත වීඩියෝ පට විශාල ප්‍රමාණයක් සහිත USB එකක් පොලීසියට සොයාගැනීමට හැකිවී තිබේ.

මෙම වීඩියෝ හරහා ඔහුට මෙම පිහි ඇණුම සඳහා පිටිවහලක් ලැබෙන්නට ඇතැයි පොලීසිය සැක කරයි.
Sydney stabbing
Source: SBS Sinhala

Share

Published

By Madhura Seneviratne
Source: SBS News

Share this with family and friends


Follow SBS Sinhala

Download our apps
SBS Audio
SBS On Demand

Listen to our podcasts
Independent news and stories connecting you to life in Australia and Sinhala-speaking Australians.
Ease into the English language and Australian culture. We make learning English convenient, fun and practical.
Get the latest with our exclusive in-language podcasts on your favourite podcast apps.

Watch on SBS
SBS World News

SBS World News

Take a global view with Australia's most comprehensive world news service