ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරටරියකම නැවත්වීමට මේ වන විට පියවරගෙන තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව දකුණු ඔස්ට්‍රේලියා හා වික්ටෝරියානු ප්‍රාන්ත වල ද 489 වීසා උප ඛාණ්ඩය සඳහා අයදුම්පත් බාරගැනීම පිළිබඳ අවසන් තීන්දු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 489 වීසා සඳහා අයදුම්පත් බාරගැනීම නවත්වයි.
පසුගිය අගෝස්තු 14 වන දින පෙරවරු 11 සිට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය වෙත 489 වීසා සඳහා අයදුම්පත් බාරගැනීම නවත්වා සිටි බව දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් අයදුම්කරුවන්ට දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ 190 වීසා සඳහා නොකඩවා අයදුම්කළ හැකි බවද කුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයේ ආගමන කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව පවසයි.
එළඹෙන නොවැම්බර් මාසයේදී හඳුන්වා දීමට නියමිත 491 නමැති නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය හේතුවෙන් මේ පියවර ගත් බව ද ඔවුන් වැඩි දුරටත් පවසයි.

489 වීසා සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ දොරටුව සැප්තැම්බර් 5 වන දින වැසෙයි.
489 වීසා අයදුම්පත් 2019 සැප්තැම්බර් මස 5 වන දින රාත්‍රී 11.59 න් පසුව බාර නොගන්නා බවත් වික්ටෝරියානු ප්‍රාන්තයේ 489 වීසා වැඩසටහන එදිනෙන් අවසන් කරන බවත් ආගමන කටයුතු පිළිබද වික්ටෝරියානු ප්‍රාන්තයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.
නමුත් ඊට පෙර යොමු කළ 489 වීසා අයදුම්පත් සලකා බැලෙන බවත් ඒවාට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් ඔවුන් පවසයි.
මේ වන විටත් ඔබට වික්ටෝරියානු ප්‍රාන්තයට අදාළ 489 වීසා සඳහා අයදුම්කරන ලෙස ආරාධනා පත්‍රයක් ලැබී ඇත්නම් දින 60 ක් ගතවීමට පෙර ඒ සඳහා අයදුම්කරන ලෙසද ආගමන කටයුතු පිළිබද වික්ටෝරියානු ප්‍රාන්තයේ නිල වෙබ් අඩවිය වාර්තා කරයි.

489 වීසා අවසන් වන අයුරු
ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ.
ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ.
මේ වන විට 489 වීසා අයදුම්පතක් සලකා බැලීමට සති 12ක මධ්‍යන කාලයක් වැය වන බව සඳහන්.
මේ අතර 489 වීසා සඳහා ආරාධනා පත්‍ර ලැබූ අයදුම්කරුවන් හට 489 වීසා සඳහා අයදුම් කිරීමට හැකි අවසන් දිනය 2019 නොවැම්බර් 15 වන දින බව ඔස්ට්‍රේලියාවේ ස්වදේශ කටුයුතු දෙපාර්තමේන්තුව පවසයි.
ආරාධනා පත්‍ර හිමි වුවද 2019 නොවැම්බර් 15 වන දිනෙන් අනතුරුව ලැබෙන කිසිදු 489 වීසා අයදුම් පතක් ඒ අනුව සලකා නොබැලේ.
489 වීසා හරහා ඔබට ඔස්ට්‍රේලියාව තුළ වසර 4 ක කාලයක් වාසය කිරීමට අවස්ථාව හිමිවන අතර එම කාලය තුළදී පූර්ණ කාලීනව රැකියා කිරීමටද අවස්ථාව සැලසේ.
එමෙන්ම මේ හරහා අදාළ කොන්දේසි සැපිරීමෙන් අනතුරුව ඔබට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා ද අයදුම් කිරීමට හැකියාව ලැබේ.


