ලියුම් බෙදිල්ල අඩුවීම නිසා ඔස්ට්‍රේලියාවේ මුද්දර ගාස්තු ඉහළට. (SBS සිංහල/ වාර්තා)

Australia Post

澳洲郵政呼籲及早寄出聖誕郵件 Source: AAP

ඔස්ට්‍රේලියාවේ තැපැල් මුද්දර ගාස්තු ඉහළ යා හැකි බව වාර්තා වේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


Australia Post ආයතනය පාඩු ලැබීමේ තත්ත්වයක පසුවන බැවින් මෙලෙස තැපැල් ගාස්තු ඉහළ යාමේ වැඩි ප්‍රවණතාවක් මතුව තිබේ.

Australia Post
Source: AAP

මුද්දර ගාස්තු ඉහළට

Australia Post ආයතනය මේ වන විට ඩොලර් මිලියන 200 ක පමණ ඇති විශාල පාඩු ලැබීමකට මුහුණ පා ඇති බව ABC පුවත් සේවය වාර්තා කරයි.

එනිසාම මූලික තැපැල් ගාස්තු වල ඉහළ දැමීමක් සිදු කිරීමට අපේක්ෂා කරන බවට දළ සැලැස්මක් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම (ACCC) වෙත Australia Post ආයතනය විසින් යවා ඇති බව සඳහන්.

ඒ අනුව $1 ක මුද්දර ගාස්තුව ලබන වසරේදී $1.10 දක්වා ඉහළ දැමීමට එම යෝජනාවෙන් ඉදිරිපත් කර තිබේ.

වසර 2016 දී ද Australia Post ආයතනය මේ හා සමානම ක්‍රමෝපායක් අනුගමනය කර ඇති අතර එහිදී ඩොලර් ශත 30 කින් මුද්දර ගාස්තු ඉහළ දැමිණි.

නමුත් මේ වන විට ශත 60 පවතින concession මුද්දර ගාස්තුවත් ශත 65 පවතින උත්සව කාලයේ සුබපැතුම් පත් වල මුද්දර ගාස්තුවත් වෙනස් නොකරන බව ද Australia Post ආයතනය දන්වා සිටියි.

Australia Post
Source: AAP

ලියුම් බෙදීම අඩුවෙයි

Australia Post ආයතනය මෙලෙස පාඩු විඳීමට ප්‍රධානතම හේතුව ලෙස බෙදා හැරීමට ලැබෙන ලිපි ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වීම බව හෙළිවී තිබේ.

පසුගිය වසරේදී  Australia Post ආයතනයේ ලිපි මගින් ලැබෙන ආදායම ඩොලර් මිලියන 190 කින් පාඩුවූ බව Australia Post ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂිකා Christine Holgate පැවසුවාය.

කෙසේවෙතත්, පසුගිය වසර තුනට සාපේක්ෂව පාර්සල් බෙදාහැරීම 10% කින් වර්ධනය වී ඇති බවත් ඇය පැවසුවාය.

වසර 2020 වන විට මිලදී ගන්නා සෑම භාන්ඩ 10 කින් එක් භාන්ඩයක් ම අනත්රජාලය ඔස්සේ මිලට ගන්නා ඇති බවටද Australia Post ආයතනය අනුමාන කරයි.

මේ අතර ලබන වසරේ සිට සිදු කිරීමට යෝජිත මුද්දර ගාස්තු ඉහළ දැමීම හේතුවෙන් සාමාන්‍යයෙන් ලිපි තැපැල් කරන නිවසකට ගාස්තු වල වෙනස වසරකට $1.50 ක් පමණ වනු ඇතැයි Australia Post ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී සහ කළමණාකාර අධ්‍යක්ෂිකා Christine Holgate පැවසුවාය.

මේ අතර තම ලිපි තැපැල් මාර්ගයෙන්යැවීම සඳහා Australia Post ආයතනයේ සේවය ලබාගන්නා ව්‍යාපාර සහ රජයේ ආයතන වෙත දිරි ගැන්වීමේ වට්ටම් ලබා දීමටද Australia Post ආයතනය සූදානම් වේ.

Australia Post
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now