ඔස්ට්‍රේලියාවේ ශීත සෘතුව නිමවී වසන්ත සෘතුව ආරම්භ වන විටම මෙල්බර්න් නුවර Flinders වීථියේ මාර්ග තදබදය තවත් දරුණු වනු ඇති බව වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
මෙල්බර්න් නුවර Flinders වීථියේ එක් කොටසක් වසා දැමීමට අපේක්ෂා කිරීම ඊට හේතුව වේ.

Source: Flickr
Flinders වීථියේ එක් කොටසක් වසා දැමීම
එළඹෙන සැප්තැම්බර් 02 වන දින සිට Elizabeth සහ Swanston වීථි අතර පවතින Flinders වීථියේ නැගෙනහිර පෙදෙසේ මං තීරු ද්විත්වයම වසා දැමෙනු ඇත.
මෙල්බරන් නගරයේ භූගතව ඉදි කෙරෙමින් පවතින Metro දුම්රිය උමගේ ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මෙලෙස Flinders වීථියේ මං තීරු ද්විත්වයක් වසා දමන බව මෙල්බර්න් timeout වෙබ් අඩවිය වාර්තා කරයි.
මෙම මං තීරු වසා දැමීම වසර 3 ක් දක්වා ක්‍රියාත්මක වන බව පැවසෙයි.
මීට පෙර Swanston සහ Russell වීථි අතර පවතින Flinders වීථියේ බටහිර පෙදෙසේ මං තීරුවක් ද වසා දැමිණි.

Source: Flickr
ට්රෑම් සේවාවන් සාමාන්‍ය පරිදි
2019 ඔක්තෝබර් 02 සිට 07 දක්වා වූ කාලය තුළ හැර සෙසු කාලයේදී Flinders වීථියේ ට්රෑම් රථ ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදුවන බවද වාර්තා වේ.
එනිසා Flinders වීථියේ මං තීරු වසා දැමීම හරහා ට්රෑම් ගමනාගමනයට දැඩි බලපෑමක් ඇති නොවෙයි.
එසේම Flinders වීථියට සමගාමීව පවතින පදික වේදිකා ද විවෘතව පවතින අතර ට්රෑම් රථ නැවතුම් පොළ වලට පිවිසීම තවත් පහසු කරවීම උදෙසා නව පදික මාරුවක්ද ඉදිකිරීමට නියමිතය.
Flinders වීථියේ මං තීරු වසා දැමීමේ කාලය තුළ Flinders වීථියේ වාහන ධාවනය අතිශය පීඩා ගෙනදෙන්නක් වන නිසා ට්රෑම් රථ සේවා ලබාගැනීම හෝ පයින් ඇවිදීම වඩාත් පහසු වනු ඇති බව බලධාරීන් මහජනතාවට පවසයි.

Source: Flickr
මෙල්බර්න් මෙට්‍රෝ උමං දුම්රිය පද්ධතිය
මෙල්බර්න් නුවර මෙට්‍රෝ උමං දුම්රිය ව්‍යාපෘතිය හා සම්බන්ධව නවතම දුම්රිය ස්ථාන 5 ක් ඉදි කිරීමට සැලසුම් කර තිබේ.
ඒවායේ සැලසුම් ඡායාරූප පසුගිය වසරේ මැයි මාසයේදී වික්ටෝරියානු ප්‍රාන්ත රජය විසින් එළි දැක්වීය.
වසර 2025 වන විට අවසන් කිරීමට නියමිත මෙම ව්‍යාපෘතිය හරහා North Melbourne, Parkville, State Library, Town Hall සහ Anzac යන දුම්රිය ස්ථාන මෙසේ නවීන පන්නයට සැලසුම් කර තිබේ.
මේ සියලු දුම්රිය ස්ථාන භූගත දුම්රිය ස්ථාන ලෙස ඉදිවන අතර මේවා මගින් මෙල්බර්න් City Loop දුම්රිය පද්ධතියේ හි ඇතිවන තද බදය ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.
එමෙන්ම, එම දුම්රිය ස්ථාන මෙල්බන් නුවර ප්‍රධාන මංසලකුණු බවට පත්වනු ඇති බවද වික්ටෝරියානු ප්‍රාන්ත රජය අපේක්ෂා කරයි.

Source: SBS Sinhala
Read & Watch More

ලියුම් බෙදිල්ල අඩුවීම නිසා ඔස්ට්‍රේලියාවේ මුද්දර ගාස්තු ඉහළට. (SBS සිංහල/ වාර්තා)