ඇතැම් ඔස්ට්‍රේලියානු ආහාර පාන නිෂ්පාදන වල නාමයන් නුදුරේදීම වෙනස් කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
යෝජිත නව නිදහස් වෙළෙඳ ගිවිසුමට යටත්ව යුරෝපා සංගමය විසින් ඔස්ට්‍රේලියාවට මෙම බලපෑම සිදු කරන බව සඳහන්.

Feta චීස් සහ Scotch විස්කි
තම කලාපයේ ආහාර පාන වල සන්නාම ආරක්ෂා කරගැනීමට යුරෝපා සංගමයට අවශ්‍යව ඇති අතර එම වෑයම සාර්ථක වුවහොත් Feta චීස් සහ Scotch විස්කි යන නම් ඔස්ට්‍රේලියානු නිෂ්පාදන සඳහා භාවිතා කිරීමට නොහැකි වනු ඇත.
ඒ අනුව ඔස්ට්‍රේලියාවේ Feta චීස් නිෂ්පාදකයින්ට Feta චීස් නාමය වෙනුවට "Australian feta" යන නාමය භාවිතා කිරීමට සිදුවනු ඇත.
ඔස්ට්‍රේලියානු මත්පැන් නිෂ්පාදකයින්ට ද "Scotch whisky" යන නාමය භාවිතා කිරීමට ඒ අනුව නොහැකි වෙයි.
මේ අතර mozzarella චීස් වැනි ඇතැම් ඔස්ට්‍රේලියානු නිෂ්පාදන වල ඇසුරුම්කරණය ද වෙනස් කිරීමට මෙම නව නීති අනුව සිදුවනු ඇත.
ඒවා යුරෝපානු නිෂ්පාදන වලට සමාන භාවයකින් දිස් නොවීමට වගබලාගත යුතු වීම ඊට හේතුව ලෙස දැක්වෙයි.

දැඩි තීරණයක්
මෙම තීරණය හරහා බලපෑමට ලක්වන ඔස්ට්‍රේලියානු කර්මාන්ත හිමියන් සමග ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරි මාස තුන පුරාවට සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham පවසයි.
මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් කරන්නේ සියලු ඔස්ට්‍රේලියානුවන්ගේ උනන්දුව හා කැමැත්ත මත පමණක් බවද ඔහු පැවසීය.
අප යුරෝපා සංගමයත් සමග මේ පිළිබඳ අවසන් සාකච්ඡා සිදු කිරීමට ප්‍රථමව ඔස්ට්‍රේලියානු ගොවීන්ගෙන් සහ කර්මාන්ත හිමියන්ගෙන් සෘජුව අදහස් දැනගැනීමට කැමති බව ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ වෙළෙඳ අමාත්‍ය Simon Birmingham අවධාරණය කළේය.
යුරෝපා සංගමය යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම වෙළෙඳ සගයා වන අතරම තෙවන විශාලතම අපනයන වෙළෙඳපොලය.
ඊට අමතරව ඔස්ට්‍රේලියාවේ දෙවැනි විශාලතම සේවා අපනයන වෙළෙඳ පොළ ලෙසද යුරෝපා සංගමය හැඳින්වේ.


