ළමා අපහරණ චෝදනා වලට සිර දඬුවම් නියම කෙරුණු ඔස්ට්‍රේලියාවේ ජ්‍යෙෂ්ඨතම කතෝලික පූජකවරයෙකු වන කාදිනල් George Pell විසින් අධිකරණ තීන්දුවට එරෙහිව ගොනු කළ අභියාචනාව අද ප්‍රතික්ෂේප විය.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese
SBS Radio APP එකෙන් (Free download)
ඒ අනුව කාදිනල් George Pell නැවත වරක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කිරීමට සැරසෙයි.

අභියාචනාව ප්‍රතික්ෂේප වීම
පසුගිය මාර්තු මාසයේදී මෙල්බර්න් අධිකරණය විසින් කාදිනල් George Pell වරදකරු කරමින් ලබාදුන් අධිකරණ තීන්දුවට එරෙහිව මෙල්බර්න් අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ අභියාචනාව අද පෙරවරුවේ ප්‍රතික්ෂේප කෙරිණි.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කළ මෙම අභියාචනාව සඳහා විනිසුරුවන් දෙදෙනෙකු විරුද්ධ වූ අතර එක් විනිසුරුවරයෙකු සහයෝගය පළ කළේය.
කෙසේනමුත් අභියාචනාව ප්‍රතික්ෂේප වීමත් සමග තම සේවා දායකයා වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නැවත අභියාචනාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව කාදිනල් George Pell ගේ නීතිඥයෝමාධ්‍ය වෙත පැවසුහ.

ළමා අපහරණය
මෙල්බර්න් නුවර අගරදගුරු ලෙස ඔහු කටයුතු කරන කල 1996 වසරේදී දේවස්ථානයේ දේව ගීතිකා කණ්ඩායමේ 13 හැවිරිදි පිරිමි ළමුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බවට ඔහුට චෝදනා එල්ලවී තිබුණි.
2017 වසරේදී වික්ටෝරියානු පොලීසිය විසින් මෙම චෝදනා ගොනු කර කාදිනල් George Pell හට විරුද්ධව නඩුව ගොනු කළේය.
ළමා අපහරණ ක්‍රියා හේතුවෙන් ජෝර්ජ් පෙල් හට චෝදනා 5 ක් ගොනුකොට තිබුණු අතර එම නඩුව පසුගිය මාර්තු මස 13 වන දින මෙල්බර්න් අධිකරණය විසින් කැඳවන ලදී.
එහිදී එම චෝදනා අධිකරණය හමුවේ ඔප්පු වීමෙන් අනතුරුව ඔහුට වසර 06 ක සිර දඬුවම් නියම කෙරිණි.
මෙල්බර්න් අධිකරණයේ ප්‍රධාන විනිසුරු Peter Kidd විසින් එම නඩුව මෙහෙයවනු ලැබූ අතර එය රූපවාහිනිය ඔස්සේ සජීවීව විකාශය කෙරිණි.
එම වසර 6 ක සිර දඬුවම් කාලය තුළ අනිවාර්ය සිර දඬුවම් කාලය (non-parole period) වසර 3 කුත් මාස 8 ක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි.

වතිකානු වාර්තාව
මෙම තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමෙන් පැය කිහිපයකට පසුව වතිකානුව කෙටි නිවේදනයක් නිකුත් කළේය.
ඔස්ට්‍රේලියාවේ නීති පද්ධතියට ගරු කරන බව එහි සඳහන් වේ.
මෙම චෝදනා එල්ලවූ දිනයේ පටන් අධිකරණ ක්‍රියාවලිය පුරාවට කාදිනල් George Pell අහිංසකභාවයෙන් යුක්තව නීති කටයුතු වලට සහය දුන් බවත් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත නැවත අභියාචනාවක් ඉදිරිපත් කිරීම ඔහුගේ අයිතිය බවත් එම නිවේදනයේ වැඩි දුර සඳහන්.
2017 වසරේදී වික්ටෝරියානු පොලීසිය විසින් මෙම චෝදනා ගොනු කර කාදිනල් George Pell හට විරුද්ධව නඩුව ගොනු කළේය.
කාදිනල් George Pell, වතිකානුවේ මුල්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර එය වතිකානු රාජ්‍යයේ තෙවන ඉහළම තනතුර ලෙසද වාර්තා වේ.

අගමැති මොරිසන්ගේ මතය
ඔස්ට්‍රේලියානු අධිකරණය තම කාර්යය සිදුකර ඇති බව ඔස්ට්‍රේලියානු අග්‍රාමත්‍ය Scott Morrison මාධ්‍ය වෙත පැවසුවේය.
"අධිකරණය තමන්ගේ තීන්දුව ප්‍රකාශ කළා. එයයි මේ රටේ නීති පද්ධතිය, එයට ගරු කළ යුතුයි." යනුවෙන් අගමැති මොරිසන් වැඩි දුරටත් පැහැදිලි කළේය.


