489 වීසා අයදුම්පත් බාරගැනීමේ අවසාන දින වකවානු Northern Territory ද ප්‍රකාශයට පත් කරයි. (SBS සිංහල /වාර්තා)

Visa application

Source: Getty Images

ඔස්ට්‍රේලියාවේ Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම මෙන්ම ඒ සඳහා ආරාධනා පත්‍ර නිකුත් කිරීම සමස්ත ඔස්ට්‍රේලියාවේ සෑම ප්‍රාන්තයකම හා ටෙරටරියකම නැවත්වීමට මේ වන විට පියවරගෙන තිබේ.


SBS සිංහල සේවය සඳුදාඅඟහරුවාදාබ්‍රහස්පතින්දාසිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ඒ අනුව Northern Territory ද 489 වීසා උප ඛාණ්ඩය සඳහා අයදුම්පත් බාරගැනීම පිළිබඳ අවසන් තීන්දු මේ වන විට ප්‍රකාශයට පත් කර ඇත.

NT will stop accepting subclass 489 visa nomination applications.
Source: Flickr

Northern Territory 489 වීසා සඳහා අයදුම්පත් බාරගැනීමේ අවසාන දිනය

Offshore applicants හෙවත් ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්ට Northern Territory 489 වීසා සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලෙස එළඹෙන අගෝස්තු 30 වන දින ප්‍රකාශයට පත් කර තිබේ.

එමෙන්ම Onshore applicants හෙවත් ඔස්ට්‍රේලියාව තුළ සිටින අයදුම්කරුවන්ට Northern Territory 489 වීසා සඳහා අයදුම් කළ හැකි අවසාන දිනය ලෙස එළඹෙන සැප්තැම්බර් 06 වන දින ප්‍රකාශයට පත් කර ඇත.

එළඹෙන නොවැම්බර් මාසයේදී හඳුන්වා දීමට නියමිත 491 නමැති නව ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය හේතුවෙන් මේ පියවර ගත් බව Northern Territory ආගමන කටයුතු පිළිබඳ නිල වෙබ් අඩවිය වැඩි දුරටත් පවසයි.

closeup of australian visa in passport
closeup of australian visa in passport Source: SBS

489 වීසා අහෝසි කිරීම

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත හා ටෙරටරි වලින් නිකුත් කරනු ලබන Skilled Regional (Provisional) වීසා හෙවත් 489 වීසා උප ඛාණ්ඩය සඳහා නිර්දේශ කිරීම් සහ ආරාධනා පත්‍ර නිකුත් කිරීම එළඹෙන සැප්තැම්බර් 10 වන දිනෙන් අවසන් වේ.

ඒ අනුව 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව ලැබෙන සියලුම 489 වීසා EOI අවසන් අදියරේදී සලකා බැලෙන බව වාර්තා වේ.

එමෙන්ම එළඹෙන නොවැම්බර් 16 සිට හඳුන්වා දීමට නියමිත නව 491 ප්‍රාදේශීය වීසා ඛාණ්ඩය හේතුවෙන් නොවැම්බර් 16 සිට 489 වීසා අහෝසි කෙරෙන බවද ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

NT will stop accepting subclass 489 visa nomination applications.
Source: Getty Images

අයදුම්කරුවන් සැලකිලිමත් විය යුතු කරුණු

ලැබෙමින් පවතින ඇති විශාල අයදුම්පත් සංඛ්‍යාව හේතුවෙන් 2019 සැප්තැම්බර් 10 වන දිනට පෙරාතුව සියලුම 489 අයම්දුම්පත් සලකා බලා අවසන් කිරීමට හැකිවේ යයි නිශ්චිතවම පැවසීමට නොහැකි බව  Northern Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.

2019 සැප්තැම්බර් 10 වන දිනට පෙර ඔබේ 489 අයදුම්පත පිළිබඳ අවසාන තීරණයක් නොගත්තේ නම් Northern Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුව එම දිනයෙන් පසුව ඔබව අමතනු ඇත.

ඔබ ඔස්ට්‍රේලියාවේ සිට 489 වීසා ඛාණ්ඩය සඳහා අයදුම්කර 2019 නොවැම්බර් 16 ට පෙර ඔබේ වත්මන් වීසා අවසන් වනවානම් Northern Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ online application පෝටලය හරහා Northern Territory ආගමන කටයුතු දෙපාර්තමේන්තුව වෙත දැන්විය යුතුය.

NT will stop accepting subclass 489 visa nomination applications.
Source: SBS Sinhala

ඔබේ අයදුම්පත හා සම්බන්ධ මෙන්ම අත්‍යවශ්‍ය සියලු ලිපි ලේඛන ඔබේ අයම්දුම්පතත් සමගම යොමු කළ යුතුය.


2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now