ඔබත් ඔස්ට්‍රේලියාවේ ඇසුරුම්ගත ආහාර - පාන පරිභෝජනය කරනවානම් මේ ගැනත් සැලකිලිමත් වන්න. (SBS සිංහල/ වාර්තා)

packaged food

Source: Getty Images

ඔස්ට්‍රේලියාවට වඩා එක්සත් රාජධානියේ සහ ඇමෙරිකාවේ ඇසුරුම්කරණ ලද සෞඛ්‍යදායී ආහාර ඇති බව නවතම පර්යේෂණයකින් හෙළිවී තිබේ.


SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


ගෝලීය සෞඛ්‍ය පිළිබඳ සමීක්ෂණ කටයුතු සිදුකරනු ලබන The George Institute විසින් මෙම පර්යේෂණය සිදුකර ඇත.

packaged food
Source: Getty Images

ඇසුරුම්කරණ ලද සෞඛ්‍යදායී ආහාර

ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් සහ රාජ්‍යයන් 12ක ආහාර සහ පාන නිෂ්පාදන ලක්ෂ කට අධික ප්‍රමාණයක් George ආයතනය විසින් විශේලේෂණය කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ ඇසුරුම් කරන ලද ආහාර ඔවුන් විසින් විශ්ලේෂණය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ Health Star Rating system හෙවත් Health Star ශ්‍රේණිගත කිරීමේ ක්‍රමයට සාපේක්ෂවය.

එම ආහාර වල අඩංගු වන ලුණු, සීනි සහ සංතෘප්ත මේදය වැනි සංඝටක පවතින මට්ටමට අනුව 0.5 සිට 5 දක්වා මට්ටමේ එම ආහාර කෙතරම් සෞඛ්‍යදායී ද යන්න එහිදී විමසා බලා තිබේ.

එහිදී එක්සත් රාජධානියේ ඇසුරුම්ගත ආහාර සඳහා ඉහළම ශ්‍රේණිගත කිරීම් අගයක් ලැබී ඇති අතර එය 2.83 ක් ලෙස වාර්තා වේ.

2.82 ක ශ්‍රේණිගත කිරීම් අගයක් ලබා ඇමෙරිකාව දෙවැනි ස්ථානයේ පසුවන අතර 2.81 ක ශ්‍රේණිගත කිරීම් අගයක් ලබා ඔස්ට්‍රේලියාව තුන්වන ස්ථානයට පත්ව ඇති බව ඔස්ට්‍රේලියාවේ goodfood වෙබ් අඩවිය වාර්තා කරයි.

අනෙක් පසින් සලකා බැලූ රටවල අතරින් අයහපත්ම ඇසුරුම්ගත ආහාර ඇති රට ලෙස ඉන්දියාව හඳුනාගෙන තිබේ.

ඉන්දියාවේ ඇසුරුම්ගත ආහාර සඳහා ශ්‍රේණිගත කිරීම් අගය 2.27 ක් ලෙස ලැබී තිබුණු අතර 2.43 ක ශ්‍රේණිගත කිරීම් අගයක් ලබා චීනය පහළ සිට දෙවැනි ස්ථානයටත් 2.44 ක ශ්‍රේණිගත කිරීම් අගයක් ලබා චිලී රාජ්‍යය පහළ සිට තුන්වන ස්ථානයටත් පත්ව ඇත.

packaged food
Source: Flickr

ඇසුරුම්ගත ආහාර

ගෝලීය වශයෙන් ගත් කල මිනිසුන් බහුතරයක් ඇසුරුම්ගත ආහාර පාන පරිභෝජනය කිරීමට අධික ලෙස පෙලබී ඇති නමුත් බොහෝ විට ඒවායේ ගුණාත්මක භාවය පිළිබඳ එතරම් සෑහීමකට පත් විය නොහැකි බව මෙම පර්යේෂණයේ ප්‍රධානී වෛද්‍ය Elizabeth Dunford පැවසුවාය.

ඇතැම් දුප්පත් රටවල ඇසුරුම්ගත ආහාර පාන වල තත්ත්වය වඩාත් ශෝචනීය බවද ඇය පැවසුවාය.

ඇසුරුම්ගත ආහාරවල සීනි මට්ටම පිළිබඳ සැලකීමේදී යහපත් සීනි මට්ටමක් ඇත්තේ එක්සත් රාජාධානියේ ඇසුරුම්ගත ආහාරවල බව මෙහිදී හෙළිවී තිබේ.

එය ආහාර ග්‍රෑම් 100 කට සීනි ග්‍රෑම් 3.8 ක් ලෙස වාර්තා වේ.

චීනයේ ඇසුරුම්ගත ආහාරවල සීනි මට්ටම ආහාර ග්‍රෑම් 100 කට සීනි ග්‍රෑම් 8.3 ක් ලෙස වාර්තා වන අතර එය බරපතලම සීනි මට්ටම ලෙසද වාර්තා වේ.

ඉන්දියාවේ එම අගය ආහාර ග්‍රෑම් 100 කට සීනි ග්‍රෑම් 7.3 කි.

ඇසුරුම්ගත ආහාරවල අධිකතම ලුණු මට්ටම ඇත්තේ කැනඩාවේ ඇසුරුම්ගත ආහාරවල වන අතර එය ආහාර ග්‍රෑම් 100 කට ලුණු මිලි ග්‍රෑම් 291 ක් ලෙස සටහන් වේ.

packaged food
Source: Flickr

ඔස්ට්‍රේලියාවේ Health Star ratings ක්‍රමය

ඔස්ට්‍රේලියාවේ ඇසුරුම්කරණ ලද සියලු ආහාර සඳහා Health Star ratings ක්‍රමය අනිවාර්ය කරන ලෙසට ඉල්ලීම් රාශියක් ලැබී තිබේ.

සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර සඳහා මෙම Health Star ratings හෙවත් සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම නිරූපණය නොකිරීමට අදාළ සමාගම් කටයතු කිරීම නිසා මේ තත්ත්වය උදා වී තිබේ.

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ සැල් වල ඇසුරුම් කරන ලද ආහාර වල මෙම Health Star Ratings ප්‍රදර්ශනය කළ යුතු බවට මුලින්ම මතුවුයේ 2014 වසරේදීය.

එය නීතියක් නොවුණු අතර ස්වේච්ඡාවෙන් තම අසුරන ලද ආහාර වලට මෙම සෞඛ්‍ය ශ්‍රේණිගත කිරීම නිරූපණය කිරීමට ඒ ඒ නිෂ්පාදිත සමාගම් වලට අවස්තාව ලබා දී තිබුණි.

ඒ අනුව ඔස්ට්‍රේලියාවේ ඇසුරුම් කරන ලද ආහාර වලින් තුනෙන් එකකටත් වඩා අඩු ප්‍රමාණයක් Health Star Ratings ප්‍රදර්ශනය කරන බව මේ පිළිබඳ සිදු කල පර්යේෂණයකින් හෙළිවී තිබේ.

එම ප්‍රමාණයෙන් 75% කට වඩා වැඩි ප්‍රමාණයක් තරු 3ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමානයක් අත්කරගෙන සිටින බවද හෙළිවී ඇතැයි එම පර්යේෂණයේ ප්‍රධාන කර්තෘ George Institute හි Alexandra Jones පැවසුවාය.

මෙම Health Star Ratings ක්‍රමය අනිවාර්ය කිරීමෙන් සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර, වෙළෙඳ පොලෙන් ඉවත් කිරීමට පහසුවෙන් හැකි බවද ඇය පෙන්වා දුන්නාය.

packaged food
Source: SBS Sinhala

3 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now