අවර ගනයේ teeth-whitening නිෂ්පාදන පිළිබද ඔස්ට්‍රේලියානු දන්ත සංගමය අනතුරු අඟවයි. (SBS සිංහල/වාර්තා)

Teeth-whitening

Source: AAP

තමන්ගේ දත් සුදු කරගැනීම සඳහා teeth-whitening නිෂ්පාදන භාවිතා කළ ඔස්ට්‍රේලියානුවාසීන් බහුතරයක් දෙනා හට දන්ත සෞඛ්‍ය ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවන බව ඔස්ට්‍රේලියානු දන්ත වෛද්‍යවරු පවසති.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

විශේෂයෙන්ම සිනමා තරු, ක්‍රීඩා තරු, නිරූපණ ශිල්පීන් වැනි ප්‍රසිද්ධ චරිත රූපවාහිනිය හරහා හෝ අන්තර්ජාලය ඔස්සේ ප්‍රවර්ධනය කරන teeth-whitening නිෂ්පාදන දැක එම පුද්ගලයින් එවැනි නිෂ්පාදන භාවිතා කිරීමට පෙළඹුණු බවද වාර්තා වේ.

Teeth-whitening
Source: Flickr

Teeth-whitening නිෂ්පාදන නිසා ඇතිවන දන්ත සෞඛ්‍ය ගැටළු

රූපවාහිනියෙන් සහ අන්තර්ජාලය ඔස්සේ ප්‍රවර්ධනය කෙරෙන teeth-whitening නිෂ්පාදන භාවිතා කළ බොහෝ පුද්ගලයින්ගේ දත් රසායනික පිළිස්සුම් වලට හසුවී හෝ තුවාල වී හෝ තමන් වෙතට බහුලව පැමිණෙන බව ඔස්ට්‍රේලියානු දන්ත වෛද්‍යවරු පවසන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙහිදී විදුරුමස දියවීම ඉතා බරපතල ලෙස සිදුවී ඇති අයුරු දැකීමට හැකිවූ බවත් එය නිසැකවම රසායනික පිළිස්සුමක් නිසා ඇතිවන බවත් දන්ත වෛද්‍ය  Norah Ayad පැවසුවාය.

එම පුද්ගලයින්ගේ මුඛය පුරාවට තුවාල සිදුවී ඇති බවත් පෙනෙන්නට තිබෙන බව ඇය පෙන්වා දුන්නාය.

Teeth-whitening නිෂ්පාදන වල ඇති bleach, කම්මුල් ඇතුළත, තොල්, දිව වැනි මුඛය තුළ ඇති සැම තැනම ස්පර්ශ වීම නිසා  මෙම තුවාල ඇතිවන බව ඇය පැහැදිලි කළාය.

මේ තත්ත්වය සුවවීමට සති ගණනක් ගතවන අතර එම කාලය තුළ අදාළ පුද්ගලයට සෑහෙන වේදනාවක් විඳීමට සිදුවන බවත් දන්ත වෛද්‍ය  Norah Ayad,  ABC පුවත් වෙබ් අඩවිය වෙත පැවසුවාය.

Teeth-whitening
Source: SBS

අවර ගනයේ teeth-whitening නිෂ්පාදන

පසුගිය වසර කිහිපය තුළ දන්තාලේපන, LED lights, කුඩු වර්ග, කෝටු කැබලි, තෙල් වර්ග, ජෙල් වර්ග වැනි විවිධ වර්ගයේ  teeth-whitening නිෂ්පාදන අන්තර්ජාලය ඔස්සේ ප්‍රවර්ධනය කිරීම බහුලව දක්නට ලැබිණි.

විශේෂයෙන්ම ඉතා අඩු මුදලට නිවසේදීම භාවිත කළ හැකි  teeth-whitening නිෂ්පාදන ඒ අතර වන බව සඳහන්.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ විවීධාකරයේ ප්‍රසිද්ධ පුද්ගලයින් මෙම නිෂ්පාදන ප්‍රවර්ධනය කර ඒවා භාවිතාවට සුදුසු නිෂ්පාදන බවට පාරිභෝගිකයින්ට ඒත්තු ගන්වන්නට විය.

මෙම නිෂ්පාදන භාවිත කර දන්ත හා මුඛ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන ඇති බහුතරයක් දෙනා හිරිමල් තරුණ විය අවසන් කරන වයසේ හෝ 20 වන විය ආසන්නයේ සිටින පිරිස් බව දන්ත වෛද්‍ය  Norah Ayad පැවසුවාය.

සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ඉතා රූමත් ඡායාරූප පළ කිරීමට අවශ්‍ය බැවින් බොහෝ තරුණ පිරිස් මෙවැනි නිෂ්පාදන භාවිත කිරීමට පෙළඹෙන බවද වාර්තා වේ.

නමුත් තරුණ පිරිස් පමණක් නොව අනෙක් වයස් ඛාණ්ඩ වල පසුවන පිරිස් පවා මෙවැනි වූ නිෂ්පාදන වලට රැවටී විවධ දන්ත හා මුඛ සෞඛ්‍ය ගැටළු වලට මුහුණ දෙන බව  ඔස්ට්‍රේලියානු දන්ත සංගමය පවසයි.

Teeth-whitening
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now