ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ගාස්තු ඉහළ යාමෙන් 44.3% ක් දෙනා සෞඛ්‍ය රක්ෂණාවරණ නවතා දමයි. (SBS සිංහල/ වාර්තා)

Health cover

Source: Getty Images

මූලික රෝහල් රක්ෂණාවරණයක් ලබාගත් ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය පසුගිය දශකය තුළ වාර්තා වූ පහළම අගයට වැටී ඇති බව වාර්තා වේ.


 

SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)

සජීවීවසහපසුව online අහන්න - www.sbs.com.au/sinhalese

SBS Radio APP එකෙන් (Free download)


 

පසුගිය මාස 3 ඇතුළත ඔස්ට්‍රේලියාවේ පුද්ගලයින් 30,000 ක් පමණ තමන්ගේ සෞඛ්‍ය රක්ෂණාවරණ නවතා දමා ඇති බවද සඳහන්.

Health cover
Source: SBS

වැටුප් වලට වඩා සෞඛ්‍ය රක්ෂණ ගාස්තු ඉහළට

ඔස්ට්‍රේලියාවේ වැටුප් ඉහළ යනවාට වඩා වැඩි වේගයකින් සෞඛ්‍ය රක්ෂණ ගාස්තු ඉහළ නගින බව නවතම Australian Prudential Regulation Authority හෙවත් APRA දත්ත හෙළි කරයි.

එනිසාම රක්ෂණ හිමියන්ගේ සාක්කුවෙන් ගෙවීමට ඇති අමතර මුදල් ප්‍රමාණය කෙමෙන් ඉහළ නගින බවද ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.

ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය මේ වන විට අධික වියදම් සහගත සහ සංකීර්ණ ක්ෂේත්‍රයක් බවට පත්වී ඇතැයිද මෙයින් හෙළිවෙයි.

පසුගිය ජුනි කාර්තුවේදී සෞඛ්‍ය රක්ෂණ මූලික ගාස්තුව 2.8% කින් ඉහළ දැමුණු බවද සඳහන්.

Health cover
Source: Getty Images

මූලික රෝහල් රක්ෂණාවරණ පහත වැටුණු අයුරු

මේ වසරේදී මූලික රෝහල් රක්ෂණාවරණයක් ලබාගත් ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය 44.2% කින් පහත වැටී ඇති බව නවතම APRA දත්ත හෙළි කරයි.

2007 වසරේ සිට මේ දක්වා ඒ සම්බන්ධව වාර්තා වූ පහළම අගය මෙය බවද සඳහන්.

පසුගිය වසරේදී ද මූලික රෝහල් රක්ෂණාවරණයක් ලබාගත් ඔස්ට්‍රේලියානුවාසීන්ගේ ප්‍රතිශතය 44.3% කින් පහත වැටුණු අතර එම ප්‍රමාණය 28,000 ක් ලෙස ගණන් බලා ඇත.

මේ තත්ත්වය බරපතල තත්ත්වයක් බව ඔස්ට්‍රේලියානු වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය Tony Bartone පවසයි.

පසුගිය කාලය පුරාවට මේ ප්‍රවණතාව එක ලෙස පැවතෙන බවද ඔහු පැහැදිලි කළේය.

පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය නිසා ඔස්ට්‍රේලියාවේ රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ප්‍රබල පිටිවහලක් සැපයෙන බවත් පුද්ගලික සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටුණහොත් එය රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට දැරිය නොහැකි අන්දමේ පීඩනයක් එල්ල කරන බව ද වෛද්‍ය Tony Bartone පවසයි.

මේ අතර ඇතිවී ඇති මෙම තත්ත්වය සැබවින්ම කණගාටුදායී තත්ත්වයක් බව ඔස්ට්‍රේලියාවේ පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නියෝජිත ආයතනය වන Private HealthCare Australia හි ප්‍රධාන විධායක වෛද්‍ය Rachel David  පැවසුවාය.

Health cover
Source: SBS Sinhala

2 min read

Published

By Madhura Seneviratne



Share this with family and friends


Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now